ඒ අනුව එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර අද සිට 07 වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කර ඇත. දිස්ත්‍රික්ක වශයෙන් අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත…
Category Archives: Local
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළකොරළය සහ පස්බාගේකෝරළේ සඳහා අදියර 01 යටතේ වන නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අද උදෑසන නිකුත් කරන ලද එම නිවේනදයට අනුව අද පෙරවරු 10:00 හෙට උදෑසන 10 දක්වා පැය 24ක කාලයක් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්…
අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා පවසා ඇත.සියලුම තැපැල් කාර්යාලවල සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ආරම්භ කරන බව ජී.ජී.සී. නිරෝෂණ මහතා වැඩිදුරටත් පවසා ඇත. Views: 121
යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද (28) සිට 31 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි. විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත සහ යුරෝපා කොමිසමේ උප සභාපති කජා කලාස් මහතා නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය සිකෝර්ස්කි…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. මෙම සැකකරුවන් වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද කොළඹ දිසා අපරාධ කොට්ඨාශය සිය…
පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇති අතර තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබියයුතු බව වැඩිදුරටත් පවසා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති බව වාර්තා වේ. මේ අතර මේ වසරේ අප්‍රේල්…
පළාත් පාලන ආයතන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ඇති කාලය අද (27) මධ්‍යම රාත්‍රීයේ අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත. වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. පළාත් පාලන ආයතන නියෝජිතයින් නම් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ගැසට් ප්‍රකාශන ක්‍රියාවලියට බාධා සිදුව ඇත. බොහෝ දේශපාලන පක්ෂ සහ…
අයදුම්පත් කැඳවීම මාර්ගගතව මැයි 28 සිට 30 දක්වා සිදු වන බව නිවේදනය කර ඇත. දැනටමත් අයදුම්කර ඇතිවූ අයදුම්කරුවන්ට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර ඇත. අදාළ නිවේදනය පහතින්. Views: 133
විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට මාසිකව රු. 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට රු. 2,500ක් අයකරනු ලැබේ. ගරු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්, පොලිස්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සඳහා පවතින ගාස්තු නොවෙනස්ව පැවතී ඇත. Views: 115
අධිවේගි මාර්ග සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම අද (21) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි. ඒ අනුව දක්ෂණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවලදී අද සිට කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවද සඳහන් වේ. අන්තර් හුවමාරු 35ක් හා…











