Category Archives: Local

මුඛ ආවරණ පළඳිය යුතු බවට නිකුත් කළ නිවේදනය අවලංගු කර ඇත ………….……

WhatsApp Image 2025 06 05 at 12.45.14 1

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ මුඛ ආවරණ පළඳිය යුතු බවට නිවේදනය අවලංගු කර ඇත. සමාජජාලා තුළ වැරදි අර්ථකථනය නිවැරදි කිරීමේ ලිපියක් නිකුත් කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එවැනි උපදෙස් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර ඇත. COVID19 ගෝලීය වසංගතය නිමා වීමෙන් පසු, ශ්වසන රෝග පාලනය පොදු ක්‍රමවේදයන් අනුව…

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට ………….……

template 2

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරුවරු සඳහන් කර ඇත. කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 20ක් සහ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 30ක් දක්වා ආසන්න වී ඇති බව වාර්තා වෙයි. Views: 161

එට්නා ගිනි කන්ද සක්‍රිය වෙයි ………….……

WhatsApp Image 2025 06 03 at 10.31.56

යුරෝපයේ විශාලතම ගිනි කන්ද වන එට්නා ගිනි කන්ද සක්‍රිය වී ඇති බව වාර්තා වෙයි. කිලෝමීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවතින අතර, සංචාරකයින් සහ කඳු නගින්නන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එට්නා ගිනි කන්ද ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳුවලින් එකක් ලෙස සැලකෙන බව සඳහන් කර ඇත. Views: 146

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලයි ………….……

WhatsApp Image 2025 06 03 at 10.31.37

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා ඇත. දකුණු පළාතේ සිදු වූ අපරාධයක විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශයක් මතක සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනු ඇත. ඔවුන්ගේ මුහුණු ස්වරූප ඇසුරෙන් සකස් කළ ඡායාරූප නිකුත් කර ඇති අතර, ඔවුන් වාසය කරන ස්ථානය පිළිබඳව හෝ අත්අඩංගුවට ගැනීම සඳහා…

කෙහෙළිය සහ ඔහුගේ පුතුට ඇප ………….……

WhatsApp Image 2025 06 03 at 12.53.08

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව ඇප මත මුදා හැර ඇත. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය එම නියෝගය නිකුත් කළ බව වාර්තා වෙයි. කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයේ සිටියදී නාමිකව පුද්ගලයින් 15…

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකාවට පැමිණෙයි ………….……

WhatsApp Image 2025 06 03 at 10.30.56

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහු සමඟ 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව සඳහන් කර ඇත. මෙම සංචාරය තුළ දී දෙරට…

වසර 10 ඇතුළත හෘද රෝගීන්ගේ වැඩිවීමක් ………….……

WhatsApp Image 2025 06 02 at 16.03.10

පසුගිය වසර 10 ඇතුළත හෘද රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ ආහාර රටාවෙහි සිදුවන වෙනස්වීම් ඊට ප්‍රධානතම හේතුව බවයි. Views: 110

තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාරයට ………….……

WhatsApp Image 2025 06 02 at 15.51.46 1

තුසිත හල්ලොලුව ජුනි 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (02) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවද සඳහන් වේ. ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම…

දරුවන් අතර චිකුන්ගුන්යා සහ ඩෙංගු වැඩිවීමක් ………….……

WhatsApp Image 2025 06 02 at 15.13.49

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඒ අනුව පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇති බවත් මාධ්‍ය වෙත අදහස්…

මුලතිව්හි දැරියන් දෙදෙනෙක් පොකුණක ගිලී මරුට ………….……

WhatsApp Image 2025 06 02 at 15.09.59 1

මුලතිව් කොට්ටුකිනරු කෝවිලෙහි පිහිටි පොකුණකට බැස ඡායාරූප ගනිමින් සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු එම පොකුණේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ මාමුනෙයි ප්‍රදේශයේ ජීවත් වූ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කර ඇත. දැරියන් දෙදෙනා එම පොකුණට බැස ඡායාරූප ගනිමින් සිටියදී එකවරම ගිලීගොස් ඇති අතර, දෙදෙනාම මුලතිව් රෝහලට…