Category Archives: Local

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ජුනි 01 සිට ප්‍රතිශෝධනය කිරීමට තීරණය වී ඇත ………….……

WhatsApp Image 2025 05 27 at 10.13.19

විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට මාසිකව රු. 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට රු. 2,500ක් අයකරනු ලැබේ. ගරු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්, පොලිස්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සඳහා පවතින ගාස්තු නොවෙනස්ව පැවතී ඇත. Views: 126

අධිවේගි මාර්ග සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම අද ………….……

WhatsApp Image 2025 05 21 at 10.54.21

අධිවේගි මාර්ග සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම අද (21) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි. ඒ අනුව දක්ෂණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවලදී අද සිට කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවද සඳහන් වේ. අන්තර් හුවමාරු 35ක් හා…

නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව වාර්තා වේ. ………….……

WhatsApp Image 2025 05 21 at 10.54.00

නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, මීට පෙර පැවති පනතේ තිබුණු විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර, පෞද්ගලීකරණය කරමින්, ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉන් ඉවත් කර ඇති බව සඳහන් වේ. නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීම සඳහා වූ වගන්ති…

ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් අත්අඩංගුවට ………….……

WhatsApp Image 2025 05 21 at 10.53.40

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගන්නා ලද T-56 ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (20) දහවල් කාලයේදී මෙම සැකකාරින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකාරියන් අවුරුදු 40 හා 68 යන වයස්වල පසුවන බත්තරමුල්ල හා කොළඹ 06 ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

මධ්‍ය කඳුකරයේ ආරක්ෂිත වැට ඉදිකිරීමට කටයුතු ………….……

WhatsApp Image 2025 05 21 at 10.53.26 1

මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල, අවදානම් සහිත ස්ථානවල මාර්ගය දෙපසටම ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට කටයුතු කරනබව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එවැනි ස්ථාන කිලෝමීටර් 500ක පමණ ප්‍රමාණයක් ඇති බවද එම අධිකාරිය ප්‍රකාශ කර සිටියි. ඉන් කිලෝමීටර් 15ක පමණ ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බවත්, පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ කෙරෙහි මෙහිදී…

පළාත් පාලන ඡන්දයෙදී ජයග්‍රහණය කළ අපේක්ෂකයින්ගෙන් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැත ………….……

WhatsApp Image 2025 05 20 at 10.24.14

මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන ඡන්දයෙදී ජයග්‍රහණය කළ අපේක්ෂකයින්ගෙන් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කර ඇත. සභා කාලය ආරම්භයට පෙර ගැසට් පත් කිරීමක් අවශ්‍ය වන බැවින්, නම් කඩිනම්ව යොමු කරන ලෙස පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සඳහන් කර ඇත. Views: 141

වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් 46ක් ………….……

WhatsApp Image 2025 05 20 at 10.24.28 1

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා, මේ වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව සඳහන් කර ඇත. මෙම සිදුවීම් වලින් 31ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුවී ඇති අතර, එම සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි. ඒ සඳහා භාවිතා කළ ගිනි අවි 41ක්…

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කොළඹ මහ නගර සභාව සඳහා තේරීපත්ව සිටින කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක් ………….……

WhatsApp Image 2025 05 20 at 10.24.57

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කොළඹ මහ නගර සභාව සඳහා තේරීපත්ව සිටින කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රි පැලවත්ත ජේවීපී කාර්යාලයේදී පැවැත්වී ඇති බව වාර්තා වෙයි. එම සාකච්ඡාවට නියෝජනය වී ඇත්තේ කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් 09 දෙනෙකුක් බව සඳහන් කර ඇත. ඒ අතරින් කිහිපයක්ම රජයට සහයෝගය ලබාදීමට කැමැත්ත පළ කර…

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ ………….……

WhatsApp Image 2025 05 19 at 19.17.43

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස…

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි ………….……

WhatsApp Image 2025 05 19 at 19.17.26 1

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකන බවද තවදුරටත් වාර්තා වෙයි. වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28 ක් අතරින්…