Category Archives: Local

මෙගොඩ කොලොන්නාව ගංවතුර සහනාධාර අයදුම්පත් 155ක් අවලංගුයි !

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ජනතාවට රජයෙන් ලබාදෙන රුපියල් 25,000ක සහන දීමනාව ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී රෝහිත සෙනෙවිරත්න මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. දීමනාව සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් අයදුම්පත් 155ක් මේ වන විට සුදුසුකම් නොලබා නැවත පැමිණ ඇත. මීට ප්‍රධානතම හේතුව ලෙස දක්වා ඇත්තේ අයදුම්කරුගේ…

ඩිජිටල් ශ්‍රී ලංකාවකට ලෝක බැංකුවෙන්  ඩොලර් මිලියන 50ක දැවැන්ත ව්‍යාපෘතියක් !

අනාගතයේදී රජයේ සේවාවන් ලබාගැනීමට පෝලිම්වල රඳා නොසිට, ඇඟිලි තුඩෙන් සියල්ල කරගත හැකි ඩිජිටල් යුගයක පෙරනිමිති දැන් පහළ වී බේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය නවීකරණය කරමින්, රටේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක දැවැන්ත මූල්‍ය අනුමැතියක් ලබා දීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ දැනට පවතින…

රතු නිවේදනයට අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ඉවත්කිරීමට දැනුම්දීමක්

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවිතවන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද රතු නිවේදනවලට අනුව මෙම දැනුම් දීම සිදුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග…

පේරාදෙණි සරසවියේ හානිය බිලියන හයක්

පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහාය ලබා දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. නොවැම්බර් 27 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුහුණ දුන්  හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ශිෂ්‍යයින් සහ පීඨාධිපතීන් හමු වූ අග්‍රාමාත්‍යවරිය දෙසැම්බර් 07 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මේ බව සඳහන් කළා ය.   අධ්‍යයන ගොඩනැගිලි,…

විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නිරාවරණය වී ඇති විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම හා කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව පොලීසිය පවසනවා. ඒ අනුව අදාළ සන්නිවේදන රැහැන්වලට හානි කිරීම, ඒවා කපා ඉවත් කිරීම, ළඟ තබා ගැනීම හෝ පද්ධතිවලට හානි සිදු කිරීම නොකරන ලෙසත්, එවැනි ක්‍රියා සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්…

මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝග්‍රෑම් 12,000 කට මුද්‍රා තබයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වූ මස් කිලෝග්‍රෑම් 12,000 ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මුද්‍රා තබා තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1926 ට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම මස් තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මහජන සෞඛ්‍ය…

මෝසම් වැසි එනවා.. සූදානම් වෙන්න..- කාලගුණේ

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50…

හැටන් පාරේ ඉඳිකටුපානින් ශ්‍රී පාද ගමන්මග වෙනස්වන හැටි

හැටන් මාර්ගය ඔස්සේ මෙවර ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන්ට ඉඳිකටුපානින් ඉහළට කරුණා කිරීමේදී සිමාවන් පනවා තිබෙනවා. ඒ අනුව එහි පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් ඉඳිකටුපාන පොලිස් මුරපොළ අසළින් රත්නපුර මාර්ගයට ගොස් ඒ හරහා ශ්‍රී පාදස්ථාන උඩමළුවට පිවිසීමටයි අවස්ථාව සලසා තිබෙන්නේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව මේ බව තීරණය කොට ඇති බවයි නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර…

දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයෙන් බස් වල ගමන් කළ හැක්කේ දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණයි – ගමනාගමන මණ්ඩලය

දුම්රිය වාර ප්‍රවේශපත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ දුම්රිය ධාවනය සීමා වූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල…

”වන්දි ලබාදීමේ ප්‍රමුඛ අපේක්ෂාව කඩිනමින් යළි වගා කටයුතු ආරම්භ කිරීමයි”

ගංවතුර හේතුවෙන් විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජාතික අවශ්‍යතාවක් සේ සලකා අදාළ සියලු ආයතන ඒ වෙනුවෙන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ගොවීන්ට කඩිනමින් වන්දි මුදල් ලබා දීමට සහ තාවකාලික පිළිසකර කිරීම් මගින් අවශ්‍ය වාරි…