පසුගියදා ඇති වූ සුළි සුළං සහ ගංවතුර ව්යසනවලින් පීඩාවට පත් පුද්ගලයින්ට සහ ව්යාපාරවලට තාවකාලික ණය සහන සහ නව ණය සහන ලබාදෙන ලෙස ශ්රී ලංකා මහ බැංකුව (CBSL) සියලුම බලපත්රලාභී බැංකුවලට උපදෙස් දෙමින් නව චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බලපෑමට ලක් වූ ණය ගැතියන්ට 2026 ජනවාරි 15 වන දින දක්වා සහන ඉල්ලා සිටිය හැකි අතර,…
Category Archives: Local
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ විනාශය සම්බන්දව එම මධ්යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්ව තිබේ. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් තවත් නිවාස 76,066ක් අර්ධ හානි සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත. සම්පූර්ණ හානි වූ නිවාස අතුරින් වැඩිම…
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (06) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති හැකිය. දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත්…
ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා. මෙම ගුවන් යානය තුළ ජල පිරිසිදුකරන යන්ත්ර සහ ඒවායේ ක්රියාකාරිත්වය සඳහා අවශ්ය තවත් උපකරණ රාශියක් අඩංගු ඇසුරුම් 17 තිබුුුණු බවයි සඳහන් වන්නේ. මෙම ආධාර භාරගැනීමේ අවස්ථාවට ශ්රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්ය තානාපති Olivier Praz සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නිලධාරීන් පිරිසක්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා මල්වතු මහා නා හිමියන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත විය. Views: 137
ජාත්යන්තර මූල්ය අරමුදලේ හදිසි මූල්යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ ශ්රී ලංකා බලධාරීන් විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල පවසනවා. මෙම ඉල්ලීම, ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ වන විට සමාලෝචනය කරමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකා දූත මණ්ඩල…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්යාව 611දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. තවත් පුද්ගලයින් 213දෙනෙකු අතුරුදන්ව ඇති බව එම මධ්යස්ථානය අද දහවල් නිකුත් කළ වාර්තාවේ දැක් වේ. පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 576,626කට අයත් පුද්ගලයින් 2,054,535 දෙනෙකු ඉන් පීඩාවට පත් වුණා. ඉන් පවුල්…
ප්රධාන ජලාශ 36 ක් ඇතුළු ජලාශ 71 ක් මේ වන විට වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් 80% ක් පමණ මේ වන විට ගබඩා කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් සඳහන් කර සිටියේ. Views: 135
අයහපත් කාලගුණයෙන් හානි වූ ජල සම්පාදන ව්යාපෘති 156 න් මේ වන විට 148 ක් යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව තවත් ජල සම්පාදන ව්යාපෘති 08 ක් යථා තත්ත්වයට පත් කිරීමට නියමිතව ඇති බවත්, එම ප්රදේශවලට බවුසර් වැනි විකල්ප ක්රම මඟින් ජනතාවගේ පානීය ජල අවශ්යතාව සපුරන බවයි…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තෙත් වූ හෝ ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබා දී තිබේ. 01. තෙත් වූ මුදල් නෝට්ටු…











