Category Archives: Local

රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්………..……

WhatsApp Image 2025 04 16 at 16.37.32

අප්‍රේල් 16 වන අද දින රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බව සදහන් කර ඇත. එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන…

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් ඇති වෙයි………..……

WhatsApp Image 2025 04 16 at 16.36.55

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් ඇති වී ඇත. එම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම භූමිකම්පාව ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ ඇති වූ බව වාර්තා වේ. එමෙන්ම මෙම භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බවද සඳහන් කර ඇත. Views: 135

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ………..……

WhatsApp Image 2025 04 16 at 16.36.40

රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු 49 හා 39 වයස් වල පසුවන පුද්ගලයින් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඔවුන් සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි…

ගම්පහ වෙඩි තැබීමක් සිදු වෙයි………..……

WhatsApp Image 2025 04 16 at 16.36.25

ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී වෙඩි තැබීමක් සිදු වී ඇත. වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථය​ක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇත. එමෙන්ම වෙඩි තැබීමෙන් ඔවුන්ට තුවාල සිදු වී නොමැති බව පොලීසිය සඳහන් කර ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට…

මහජනතාවට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දෙයි………..……

WhatsApp Image 2025 04 16 at 16.36.11

එළඹෙන අප්‍රේල් 18 වැනිදා ආරම්භ වීමට නියමි​ත සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03 ක් හඳුන්වා දී ඇත. ඒ අනුව ඩී. එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වාත්, රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පෝලිම් මාර්ගය හඳුන්වාදී ඇත….

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු සූර්ය පැනල අක්‍රීය කරන ලෙස ඉල්ලීමක්……….……

WhatsApp Image 2025 04 16 at 16.35.55

ලංකා විදුලි බල මණ්ඩලය විසින් උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ…

හිටපු ජනාධිපති රනිල් මහතා පිල්ලෙයාන් මහතා සමග සාකච්ඡා කිරීමට කළ ඉල්ලීමට අවසර නොලැබේ……….……

WhatsApp Image 2025 04 15 at 14.06.48 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා සමග සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. හිටපු ජනාධිපතිවරයා විසින් දැනට අත්අඩංගුවේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා සමග කතා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල…

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කෙරේ……….……

WhatsApp Image 2025 04 15 at 14.06.21

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත. විභාග දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බව වැඩිදුරටත් සඳහන් කර ඇත. Views: 146

මහනුවරදී හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට පැවැත්වීමට නියමිතයි……….……

WhatsApp Image 2025 04 15 at 14.06.08

අප්‍රේල් 16 වන හෙට දින අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත පෙරවරු 9.04 ට යෙදී ඇත. ජෝතිෂ්‍යයේ, පච්ච වර්ණ හෙවත් කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොලොං පත්ද තබා, කොහොඹ පත්‍ර මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය යෝග්‍ය බව සඳහන් වේ. මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ…

2025 මුල් මාස තුනේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසු කර ඇති බව වාර්තා වේ……….……

WhatsApp Image 2025 04 15 at 14.05.53

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ප්‍රකාශ කර ඇත. 2024 වසරේ මුල් මාස 03 හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මහ බැංකුව විසින් මෙය 9.4% ක වර්ධනයක් බව පෙන්වා දී ඇත. සංචාරක සංවර්ධන අධිකාරිය විසින්…