හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මඩකලපුව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. Views: 138
Category Archives: Local
පාකිස්තානයේ භූකම්පනයක් සිදුවී තිබෙන බව වාර්තා වේ. රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇත. අප්‍රේල් 02 වන අද දින අලුයම 2.29 ට පමණ මෙම භූ කම්පනය ඇති වූ බව ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) සඳහන් කර ඇත. භූකම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 67ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී ඇති අතර කම්පනවල තීව්‍රතාවය තිබියදී, මේ…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් පක්ෂ කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් අද යලි කැදවීමට නියමිතව ඇත. ඊයේ දින අභියාචනාධිකරණය විසින් එතෙක් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම අද තෙක් අත්හිටුවීමට නියෝග කර ඇත. කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන…
මිල්කෝ සමාගම විසින් හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට තීරණය කර ඇත. ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් වේ. මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වන…
ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල සංශෝධනය කරන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. *…
අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ලොරි රථයක්, වෑන් රථ 2ක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කර ඇත. තුවාල ලැබූවන්ගේ තත්වයද බරපතල නොවන බවත්, අනතුරින් අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවක් එල්ල වී නැති බවත් වාර්තා වේ….
එමෙන්ම වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක්ද ගින්නෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 27,000ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි. දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප හයක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර…
අධිකරණය විසින් කල් ඉකුත්වීම මත සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත් කරනු ලබන ලුණු මිලදී ගෙන නැවත මනුෂ්‍ය පරිභෝජනය සඳහා අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් 65,000 ක දඩ මුදලක් නියමකර ඇත. සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නීරෝ ලංකා ෆීඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට, සේදවත්ත පාර, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කදිරවේල් ජයකුමාර් නැමැති අතරමැදියාට සහ කොළඹ 12, අසෝක ඉපෙක්ස් ආයතනයේ ගනේෂන්…
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී, අධිකරණය මග හරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. එම පොලිස් ස්ථානාධිපතිතුමා අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් කළ දැනුම් දීමට අනුව අධිකරණය විසින් මෙම නියෝගය…
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම අතර කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ප්‍රකාශ කර ඇත. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව එම කොටසේ ඉදිකිරීම් පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බව පවසා ඇත. චීන එක්සිම් බැංකුවේ ණය ආධාර මත ආරම්භ කළ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම්…











