Category Archives: Local

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02ක් ගිනිගනී …….……

WhatsApp Image 2025 03 17 at 14.17.26

මාර්තු 17 වන අද දින අළුයම් දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් ගිනි ගෙන ඇත. මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර දික්වැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බව මෙම බහුදින…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වේ …….……

WhatsApp Image 2025 03 17 at 13.47.49

මාර්තු 17 වන අද දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම ආරම්භ වන අතර අද දින සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර ඇත. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය…

කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් …….……

WhatsApp Image 2025 03 17 at 13.18.44

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. කාර්මික දෝෂයට ලක්වු දුම්රිය වෙනත් දුම්රියක් මඟින් පානදුර දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත. Views: 130

අද 2024 සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය …….……

WhatsApp Image 2025 03 17 at 13.00.00 1

මාර්තු 17 වන අද දින, 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත. විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව…

අද අලුයම මිදිගම නිවසකට වෙඩි තැබීමක් සිදුවෙයි. …….……

WhatsApp Image 2025 03 17 at 12.34.47 1

මාර්තු 17 වන අද දින අලුයම් කාලයේ දී මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර ඇත. ඒ අනුව වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කර ඇත. අදාළ වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ….

දිවයින පුරා වැසි සහිත කාලගුණයක් …….…

WhatsApp Image 2025 03 17 at 10.47.59

නැගෙනහිර, ඌව,බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ප.ව. 2.00 න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි…

අල්ලස් ගත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට …….……

police fb 3

රුපියල් 1,500 ක මුදලක් පොලිස් වාර්තාවක් ලබා දීම සදහා අල්ලස් ලෙස ලබාගත් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට අනියුක්ත කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. හලාවත – අඩිප්පල ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදෙස් ගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබා දීම සදහා මෙම පොලිස් කොස්තාපල්වරයා රුපියල් 2000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කර ඇත….

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ආරවුලක් …….……

minimerum web

මාර්තු 15 වන අද දින උදෑසන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහරදී සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇත. 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ. අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය සොයමින් සිටින බවද වාර්තා වේ. Views: 141

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලිම් තම ධුරයෙන් ඉල්ලා අස්වෙයි …….……

sali web

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලිම් තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු මෙලෙස ඉල්ලා අස්වූයේ පළාත් පාලන මැතිවරණයේදී එරාවූර් නගර සභාවට තරග කිරීම සඳහා බව සදහන් වේ. Views: 140

ජනප්‍රිය රැප් ගායක “ශාන් පුතා” අත්අඩංගුවට …….……

shanputha web

මාර්තු 14 වන ඊයේ දින ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන…