මාර්තු 09 වන ඊයේ රාත්‍රියේදී, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රට තුළට නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය රැගෙන ආ 20 හැවිරිදි කැනේඩියානු කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇත. ඇය සතුව රුපියල් මිලියන 175 ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 17ට වැඩි ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබී ඇති බව වාර්තා වේ. Views: 152
Category Archives: Local
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දන්වා ඇත. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය,පොළොන්නරුව සහ හම්බන්තොට…
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති පොලිස් මූලස්ථානය සදහන් කර ඇත. ඒ අනුව, මෙලෙස ස්ථාන මාරුවිම් ලබා දී ඇත්තේ, එච් එන් අසංක, ජී ඒ බී ගුණතිලක, කේ කේ ගුණසේකර, ආර් පී අමරසිංහ, ආර් එච් පී ගුණසේකර යන…
රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබීම මාර්තු 07 වන ඊයෙ දින සිදු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති බව වාර්තා වේ. Views: 155
1977 වර්ෂයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලැබේ. ‘සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානත්වය සවිමත් කිරීම’ යන්න මෙවර කාන්තා…
මාර්තු 08 වන අද දින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත්, උදෑසන කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද දන්වා ඇත. දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ…
මාර්තු 07 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය ද වේ. අද දිනයේ ප්‍රවාහන, මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට ද නියමිත බව සදහන් වේ. තවද, අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21…
මාර්තු 07 වන අද දින ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව එම නඩුව අද Skype සන්නිවේදන තාක්ෂණය ඔස්සේ කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇති බව සඳහන් වේ. මීට අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම…
පසුගිය 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුව තුළදී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් තිබෙන බවට වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාව මඟින් මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසා ඇත. ඒ අනුව, 2024 දෙසැම්බර්…
පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගත් තොරතුරු මත වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සොයාගෙන ඇත. එහිදි එම ගබඩාව තුළ තිබී වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750ක් සොයාගෙන ඇති බවට…











