Category Archives: Local

ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මහතාට නයිට් පදවියක් පිරිනැමේ……………

එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට නයිට් පදවියක් පිරිනැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔහු 42 හැවිරිදි වියේ පසුවන අතර පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් එහි වඩාත්ම සාර්ථක වේග පන්දු යවන්නා බවට පත් වෙමින් කඩුලු 704ක් ලබා ගනිමින් විශ්‍රාම ගෙන ඇති බව වාර්තා…

අද සිට පාසල් නිවාඩුව ආරම්භ වෙයි……………

අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 11 වන අද දිනෙන් අවසන් වන බව ප්‍රකාශ කර ඇත. අද දින සිට සතියක කාලයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත….

පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට වැටුණු තරුණිය බේරාගන්න පාලම මතින් ගඟට පනී……………

තරුණියක් කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන ඇත. ප්‍රදේශවාසීන් විසින් අදාළ නිලධාරියාට අදාළ තරුණිය මහවැලි ගඟට වැටී ඇති බව සිදුකළ දැනුම්දීමෙන් අනතුරුව ඔහු මෙලෙස එම තරුණිය බේරාගෙන ඇත. වයස අවුරුදු 21 ක්…

පසුගිය දිනවල පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් 1,200 ක් සිදු කෙරේ……………

පාරිභෝගික කටයුතු පිළිබ​ඳ අධිකාරිය විසින් උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් වැටලීම් 1,200 ක් සිදුකර ඇති බව ප්‍රකාශ කර ඇත. එම අධිකාරිය විසින් මෙම වැටලීම් සිදුකිරීමේදී වෙළෙඳුන් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සඳහන් කළ මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම භාණ්ඩවල සඳහන් කර ඇති තොරතුරු වෙනස්…

කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි……………

අප්‍රේල් 11 වන අද දින අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. යතුරුපැදියක් සමග සැක කටයුතු පුද්ගලයෙක් රැඳී සිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වේ. රාගම රෝහලට තුවාල ලැබූ සැකකරු ඇතුළත් කර ඇති බව…

අප්‍රේල් මස අස්වැසුම දීමනාව අද සිට ආරම්භ වෙයි……………

අප්‍රේල් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද සිට ප්‍රතිලාභීන් සඳහා ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කර ඇත. එම මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් තැන්පත් කර ඇති බව දන්වා ඇත. එමෙන්ම මෙම මාසයේ සිට 2025 අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩිකළ දීමනා සදහා…

නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙදෙනෙක් අත්අඩංගුවට ගනී……………

ආගමන හා විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඉන්දීය ජාතිකයන් මීට මාස 03 කට පමණ පෙර මෙරටට පැමිණ ඇත. ඔවුන්ගෙන් 17 දෙනෙකු පැමිණ ඇත්තේ සංචාරක වීසා මත වන අතර සෙසු පිරිසෙන් 4 දෙනෙකු නේවාසික වීසා…

අද බටලන්ද පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ පළමු දිනය වේ……………

අප්‍රේල් 10 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු සඳහා අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා වෙන්කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්…

වාලච්චේන, මන්නන්කර්ති ප්‍රදේශයේ ළිඳකට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙයි…….……

අප්‍රේල් 09 වන ඊයේ දින උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. වයස අවුරුදු 33 ක් වූ මන්නන්කර්ති, කාවත්තමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂ‍යට පත්ව ඇත. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වේ. Views: 167

වැඩබලන පොලිස්පතිගෙන් නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට චක්‍රලේඛයක්…….……

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් මඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන…