Category Archives: Local

සා/පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් පැතිරයන අසත්‍ය පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීමක් …….……

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳව ව්‍යාජ කරුණු සහිතව සකසා ඇත. මෙම නිවේදනය සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට කිසිවෙක් සලස්වා ඇති බවත් එම ව්‍යාජ නිවේදනයේ දැක්වෙන කිසිදු තීන්දුවක් ගෙන නොමැති…

ඉන්ස්ටග්‍රෑම් සාදයක් වැටලීමෙන් 57ක් අත්අඩංගුවට ගැනේ …….……

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානයේ වැටලීමක් සිදුකර ඇත. මාර්තු 23 වන ඊයේ දින රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බව පොලීසිය ප්‍රකාශ කර ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය…

මේ මස අග සිට පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය ලබා දීමේ තීරණයක්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ. පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන්…

ෆේස්බුක් සාදයක් වැටලීමෙන් 76 දෙනෙකු අත්අඩංගුවට …….……

ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මාර්තු 22 වන ඊයේ රාත්‍රී කාලයේ දී සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා…

වගුරුබිමක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි …….……

බටපොළ, ගල් හිරේ, බොරළු ඇළ ආසන්න වගුරුබිමක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. ඒ 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් බව ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. එම තරුණයා පසුගිය 16 වැනිදා බටපොළ ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට නිවසින් පිටත්ව ගොස් ඇති අතර යළි නිවසට…

වාද්දුව වෙරළ තීරයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගැනේ …….……

වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු ලෙස මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය ප්‍රකාශ කර ඇත. මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කර ඇත. Views: 150

සෞඛ්‍ය වෘත්තියවේදීන් අද වැඩ වර්ජනයක …….……

මාර්තු 18 වන අද දින, සෞඛ්‍ය වෘත්තියවේදීන් පැය 24 ක කාලයක් සංකේත වැඩවර්ජනයක් සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව අද උදෑසන 07.00 සිට මෙම සංකේත වැඩ වර්ජනය අරඹන බව එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා සඳහන් කර ඇත. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඔවුන් මෙම තීරණය…

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩිතැබීමක් …….……

මාර්තු 18 වන අද දින අලුයම, කොළඹ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇත. ඒ අනුව එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කර ඇත Views: 150

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අද …….……

මාර්තු 18 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව සදහන් කරයි. අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව ඇත. Views: 164

ඉන්දීය ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අංගුවට …….……

නීතිවිරෝධී ලෙස මෙරටට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 400ක් සමග ඉන්දියානු ජාතික යුවළක් ජාත්‍යන්තර කටුනායක ගුවන්තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් 32 හැවිරිදි සහ 29 හැවිරිදි ඉන්දියානු ජාතික යුවළක් වන අතර ඔවුන් පළමු වරට මෙරටට පැමිණ ඇති බවත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වන බවත් ශ්‍රී ලංකා රේගුව…