Category Archives: Local

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ආරවුලක් …….……

මාර්තු 15 වන අද දින උදෑසන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහරදී සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇත. 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ. අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය සොයමින් සිටින බවද වාර්තා වේ. Views: 152

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලිම් තම ධුරයෙන් ඉල්ලා අස්වෙයි …….……

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලිම් තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු මෙලෙස ඉල්ලා අස්වූයේ පළාත් පාලන මැතිවරණයේදී එරාවූර් නගර සභාවට තරග කිරීම සඳහා බව සදහන් වේ. Views: 155

ජනප්‍රිය රැප් ගායක “ශාන් පුතා” අත්අඩංගුවට …….……

මාර්තු 14 වන ඊයේ දින ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන…

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ …….……

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාර්තු 14 වන ඊයේ දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ප්‍රකාශ කර ඇත. 2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්,…

පාසල් සිසුන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ …….……

අධ්‍යාපන අමාත්‍යංශය, පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර ඇති බව දැනුම් දෙයි. ඒ අනුව මාර්තු 15 වන අද දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත….

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යයි …….……

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. අද දින වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.11ක් ලෙස දැක්වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බව සදහන් වේ. එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස සටහන් වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බවද සදහන්…

මුත්තූර් ප්‍රදේශයේදී සහෝදරියන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත …….……

මාර්තු 14 වන අද දින උදෑසන මුත්තූර්, දාහානගර් ප්‍රදේශයේ පිහිටි නිවසකදී සහෝදරියන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ. වයස අවුරුදු 74ක් සහ 68ක් වන කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස ඝාතනයට ලක් වී ඇත. Views: 164

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ …….……

මාර්තු 13 වන ඊයේ දින පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇත. එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස…

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි …….……

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරය අදින් අවසන් වන බව අඨ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වනදා ආරම්භ වන අතර එය 26 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. Views: 156

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක …….……

මාර්තු 14 වන අද දින මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රාම නිලධාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බධන්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කර ඇත. ඒ අනුව රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරීවලින් ඉවත් වන බවත්, අනාරක්ෂිත හා ජන ශූන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන…