දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක….
Category Archives: Local
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීමට හැකි පරිදි e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඉතා පහසුවෙන් බාගත…
අද (02) සිට 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර ආරම්භ වේ. අද දින සිට ජනවාරි මස 24 වන දින දක්වා සියලුම පාසල් පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇති අතර හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි…
කුඩා දරුවන් වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් කුඩා දරුවන් ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රය 2025 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙනවා. ඒ අනූව වයස අවුරුදු 12 ට අඩු “කුඩා දරුවන්” ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමිනුයි මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට…
2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඉහළම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. 2024 දෙසැම්බර් මස 1 සිට 29 දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 233,087 දෙනෙකු පැමිණ ඇති අතර, මේ මස 2024 වසරේම ඉහළම පැමිණීමේ මාසය ලෙසයි දැක්වෙන්නේ. මෙම වසරේ මෙතෙක් හොඳම මාසය ලෙස නම්කල 2024 මාර්තු මසදී 218,350 දෙනෙකුගේ පැමිණීම් වාර්තා වුණා. දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී…
25වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු අද පත්වීමට නියමිත බව යුද හමුදාව ප්‍රකාශ කර ඇත. දැනට එම ධුරයේ කටයුතු කරන ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ සේවා දිගුව හෙටින් අවසන් වීමට නියමිතය. ඔහු මේ වන විට සිය දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර නව යුද හමුදාපතිවරයා ලෙස පත්වීමට නියමිත මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු…
සතිය ආරම්භය වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.44ක් ලෙස දැක්වෙන්නේ, එහි මිල සියයට 0.24කින් පහළ බසිමින්. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.80ක් වන අතර, එය සියයට 0.5කින් පහළ ගොස් තිබුණා. Views: 142
පකිස්ථානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 2කින් ජයගත් දකුණු අප්‍රිකාව 2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට. Views: 123
ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 68ක තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු අප්‍රිකානු ජාතික මෙම කාන්තාව අද අලුයම 1.50 ට පමණ මෙරටට පැමිණ ඇති අතර, මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඇගේ ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇති බවයි රේගු…











