Category Archives: Local

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංකේත වැඩ වර්ජනයක් හෙට …….……

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. ඒ අනුව කලින් සැලසුම් කල පරිදි මාර්තු 18 හෙට දින උදෑසන 07.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර ඇති බව සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. Views:…

අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශබන්දු මහතා ගොනුකළ පෙත්සමේ තීන්දුව අද …….……

අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකළ රීට් පෙත්සම පිළිබඳ තීන්දුව අද ලබාදීමට නියමිතව ඇත. ඒ අනුව පෙත්සම් විභාගය පසුගිය 12 වනදා අවසන් වූ අතර අද දින ඒ පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දෙයි. තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත…

රුසියාව යුද්ධය දිගු කරන බවට චෝදනා …….……

සටන් විරාමයක් සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් නොතකා රුසියාව යුද්ධය දිගු කරන බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කරන බව වාර්තා වෙයි. ඔහු යුක්රේනයේ සන්නද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමක් නිවේදනය කළ අතර, නව සාමාන්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඇන්ඩ්‍රි හ්නාටොව් පත් කරන ඇත. සටන් විරාමය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ස්ථාවරය සෙලෙන්ස්කි විවේචනය කළ අතර, එහි ආරක්ෂාව…

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02ක් ගිනිගනී …….……

මාර්තු 17 වන අද දින අළුයම් දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් ගිනි ගෙන ඇත. මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර දික්වැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බව මෙම බහුදින…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වේ …….……

මාර්තු 17 වන අද දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම ආරම්භ වන අතර අද දින සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර ඇත. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය…

කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් …….……

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. කාර්මික දෝෂයට ලක්වු දුම්රිය වෙනත් දුම්රියක් මඟින් පානදුර දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත. Views: 150

අද 2024 සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය …….……

මාර්තු 17 වන අද දින, 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත. විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව…

අද අලුයම මිදිගම නිවසකට වෙඩි තැබීමක් සිදුවෙයි. …….……

මාර්තු 17 වන අද දින අලුයම් කාලයේ දී මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර ඇත. ඒ අනුව වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කර ඇත. අදාළ වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ….

දිවයින පුරා වැසි සහිත කාලගුණයක් …….…

නැගෙනහිර, ඌව,බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ප.ව. 2.00 න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි…

අල්ලස් ගත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට …….……

රුපියල් 1,500 ක මුදලක් පොලිස් වාර්තාවක් ලබා දීම සදහා අල්ලස් ලෙස ලබාගත් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට අනියුක්ත කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. හලාවත – අඩිප්පල ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදෙස් ගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබා දීම සදහා මෙම පොලිස් කොස්තාපල්වරයා රුපියල් 2000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කර ඇත….