කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වන අතර එම කටයුතු ජයිකා ආධාර මත සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කර ඇත. නව…
Category Archives: Local
එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණායතනය, පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය වැනි ආයතන කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත බව එහි සභාපති මංජුල පින්නලන්ද සඳහන් කර ඇත. වී වගාව සඳහා යොදාගන්නා යෙදවුම් මිල ගණන් පිළිබඳ සමාලෝචනයක් මෙම කමිටුව හරහා සිදුකරන අතර ඉන් අනතුරුව මෙවර වී මිලදී ගන්නා සහතික මිල තීරණය කරන බවද වී අලෙවි මණ්ඩලය…
පොල් ආශ්‍රිත, නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව එහි සභාපති ජයන්ත සමරකෝන් සඳහන් කර ඇති අතර දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවද සදහන් කර ඇත. මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන…
මහනුවර දුම්රිය ස්ථානයේදී විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේදී අයථා ලෙස වැඩි මිලට ප්‍රවේශපත් අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකෙරෙන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා පැවසා ඇත. දුම්රිය ප්‍රවේශපත් වැඩි මිලට හොර පාරෙන් විකිණීමේ ජාවාරමට අදාළ පුද්ගලයන් පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබී ඇති බවද පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, කඩිනමින්…
ත්‍රිරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලිසිය ඊයේ (15දා) තීරණය කර ඇති බව සදහන් වේ. සමස්ත ලංකා ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පතිවරයා අතර ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙලෙස තීරණය කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ. ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට…
ගිය වසරේ (2024) මෙරට සමස්ත සංචාරක ආදායම කලින් වසරට (2023) වඩා සියයට 53.2කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව 2024 වසරේදී මෙරටට පැමිණ ඇති විසිලක්‍ෂ පනස්තුන් දහස් හාරසිය හැටපහක් වූ සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,168.6ක ආදායමක් උපයාගෙන ඇති අතර මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එම වාර්තාවේ දැක්වෙන පරිදි 2023…
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද (16) සවස 6.00 සිට හෙට (17) උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදුකරන බව සඳහන්වේ. කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල…
සිව් දින රාජ්‍ය සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (15) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං, අගමැති ලී චියැන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චාඕ ලෙජි ඇතුලු රාජතාන්ත්‍රිකයින් කිහිප පළක් හමුවීමට නියමිතයි. තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් ක්ෂේත්‍ර කිහිපයක සංචාරයකට සහ ඉහළ පෙළේ ව්‍යාපාරික…
ලබන සතිය වනවිට වෙළෙඳපොළට දේශීය රතු කැකුළු සහල් තොග පැමිණෙනු ඇති බව පිටකොටුවේ සහල් තොග වෙළෙඳුන් පවසනවා. දිවයිනේ ප්‍රදේශ රැසකම මේ වන විට රතු කැකුළු සහල්වල හිගයක් වාර්තා වන අතර එවැනි පසුබිමකයි තොග වෙළෙඳුන් මේ බව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුව විසින් ජනාධිපතිවරණයට පෙර රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 20 බැගින් ජනතාවට බෙදා හැරීම…
කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව, කොළඹ 12, 13, 14, සහ 15 යන ප්‍රදේශ වලටයි මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ. ජල සැපයුම අත්හිටුවීම…











