Category Archives: Local

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස දිනය හෙට……

ramasan web

රාමසාන් යනු ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයකි. මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙසත් ශුද්ධ වූ අල්-කු‍ර්ආනය පහළ වූ මාසය ලෙසත් සමරනු ලැබේ. නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර රාමසාන් සමයේ සෑම දිනකම…

ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි……

susantha web

කලක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වේ. ඇය මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිණියක් වන අතර ඇය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ ආදරණීය මවයි. හම්බන්තොට මුල්කිරිගල දී, 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61 වැනි විය පසුවූවාය. ඇය 1986 වසරේ සිට මෙරට…

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවට පාර්ලිමේන්තුවේදී අනාවරණයවේ……

oil fb 1

ආර්ථික සංවර්ධන හා කම්කරු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී රට තුළ ඉන්ධන ඉන්ධන හිඟයක් නොමැති බවත් එවැනි වාතාවරණයක් ඇති වීමට ඉඩ නොදෙන බවත් විශේෂ සදහන් කිරීමක් පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇත. ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අදහස් දක්වමින්, රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම…

කාළගුණය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ……

yala web

නැවත දැනුම්දෙනතුරු නරඹන්නන් සඳහා, පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ. වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවත් යාල වනෝද්‍යානයේ පිවිසුම් මාර්ගයේ නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් මේ වනවිට ගංවතුරෙන් යට වී ඇති බවත් යාල කලාප අංක 1ට අදාළ…

සොරකම් කළ ලොරි රථයකට කඩුවෙලදී පොලිසියෙන් වෙඩි…

kaduwela web

නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී අදාළ ලොරි රථය අත්අඩංගුවට ගත් සැකකරු විසින් සොරකම් කර ඇත. පසුව රියදුරු ත්‍රීරෝද රථයකින් ලොරිය පිටුපස හඹා ගියද, අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලීසියට පැමිණිලි කර ඇති අතර එම ලොරියේ GPS ක්‍රියාවලිය ගැන පොලීසිය දැනුම්වත්…

හිටපු කථානායකවරයාගේ වාහන හා ඉන්ධන වියදම් අනාවරණය .…..…….

thel Web

පසුගිය රජයේ හිටපු කථානායකවරයා 2024 මුල් මාස 9 තුළ වාහන 9 ක් භාවිත කර ඇති බවත් ඒ සඳහා ඉන්ධන වියදම ලෙස රුපියල් ලක්‍ෂ 334ක් වැය කර ඇති බවත් සභානායක ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. මේ අනුව මසකට රුපියල් ලක්‍ෂ 40කට ආසන්න වියදමක් ඉන්ධන සඳහා දරා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. හිටපු…

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය විසින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් සංවිධානය කරයි .…..…….

ahasa web

අද (28) ප.ව. 6.20 සිට රාත්‍රී 8.00 දක්වා රාත්‍රී අහස නිරීක්‍ෂණ කඳවුරක් පැවැත්වීමට කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සිසුන් විසින් කටයුතු යොදා ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාපිටියේදී (රීඩ් මාවතෙන් හෝ තර්ස්ටන් පාරෙන් ප්‍රවේශ විය හැකිය) මෙම අහස නිරීක්ෂණ කඳවුර වීමට කටයුතු යොදා…

පලාගල බමුණුගම ප්‍රදේශයේ ගොවීන් දෙදෙනෙක් අතර ආරවුලක් .…..…….

fight web

පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි ගොවීන් දෙදෙනෙක් කුඹුරේ පැල් රකිමින් සිටියදි බහින් බස්වීම දුරදිග යාමෙන් එයින් එක් ගොවියෙක් තම මිතුරන් වූ පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ගෙන්වා අනික් ගොවියාට පහරදී එම ගොවියාගේ යතුරු පැදිය, විදුලි පන්දම් ඇතුලු දේපලවලට පහරදී හානිකර ඇති බව වාර්තා වේ. බරපතළ පහර කෑමට ලක්ව ඇති ගොවියා එම ප්‍රහාරය අතරතුර ඔවුන්ගෙන් මිදී පලාගොස්…

අනුරාධපුර ළමා නිවාසයේ දැරියන්ට කෘරුත්වයෙන් සැලකීමේ සිද්ධිය: හිටපු කොමසාරිස් සහ නිලධාරිනිය අත්අඩංගුවට.…..…….

anuradapura web

උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක් අනුරාධපුර අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට කෘෘරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට. එම ළමා නිවාසය තුළ නේවාසික දැරියන්ට සිදු වූ අකටයුතුකම් පිළිබඳව 2021 දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයේදී…

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් පිළිබඳ අග්‍රාමාත්‍යගේ අනාවරණය.…..……

harini web 5

අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරදී හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය. 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572 2015 සිට 2019…