Category Archives: Local

හිටපු අමාත්‍ය කෙහෙළිය මහතා CIDයට…….……

අප්‍රේල් 09 වන අද දින උදෑසන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත. ඔහු මෙලෙස කැඳවා ඇත්තේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව සඳහන් කර ඇත. Views: 150

වැඩබලන පොලිස්පතිගෙන් නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට චක්‍රලේඛයක්…….……

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් මඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන…

පාර්ලිමේන්තුව අදත් රැස්වීමට නියමිතයි…….……

අප්‍රේල් 09 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. එමෙන්ම පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව. 10.00 – පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. ඉන් අන්තුරුව පෙ.ව. 10.30…

හිටපු අමාත්‍යය පිල්ලෙයාන් මහතා CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මඩකලපුව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. Views: 152

පාකිස්තානයේ භූකම්පනයක් ඇති වෙයි…….……

පාකිස්තානයේ භූකම්පනයක් සිදුවී තිබෙන බව වාර්තා වේ. රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇත. අප්‍රේල් 02 වන අද දින අලුයම 2.29 ට පමණ මෙම භූ කම්පනය ඇති වූ බව ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) සඳහන් කර ඇත. භූකම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 67ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී ඇති අතර කම්පනවල තීව්‍රතාවය තිබියදී, මේ…

පළාත් පාලන පෙත්සම් 37 ක් අද විභාග කෙරේ…….……

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් පක්ෂ කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් අද යලි කැදවීමට නියමිතව ඇත. ඊයේ දින අභියාචනාධිකරණය විසින් එතෙක් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම අද තෙක් අත්හිටුවීමට නියෝග කර ඇත. කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන…

හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු වෙයි…….……

මිල්කෝ සමාගම විසින් හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට තීරණය කර ඇත. ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් වේ. මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වන…

IOC ඉන්ධන මිල සංශෝධනය කරයි…….……

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ දින මධ්‍යම රාත්‍රි​යේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල සංශෝධනය කරන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. *…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරක්…….……

අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ලොරි රථයක්, වෑන් රථ 2ක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කර ඇත. තුවාල ලැබූවන්ගේ තත්වයද බරපතල නොවන බවත්, අනතුරින් අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවක් එල්ල වී නැති බවත් වාර්තා වේ….

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18ක් මිය යයි…….……

එමෙන්ම වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක්ද ගින්නෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 27,000ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි. දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප හයක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර…