Category Archives: Local

රාජකීය – තෝමස්, නිල් මහා සටන අද ආරම්භ වේ…………

WhatsApp Image 2025 03 06 at 12.13.48 1

“නිල් මහා සටන” වන වාර්ෂික ක්‍රිකට් තරගය, කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 146 වැනි වරට පැවැත්වෙන අතර මාර්තු 06 වන අද දින ආරම්භ වේ. ඒ අනුව එම ක්‍රිකට් තරගය 06 වන දින සිට ලබන 08 වනදා තෙක් දින තුනක් පුරා කොළඹ SSC පිටියේදී පැවැත්වෙන බවට වාර්තා වේ. මෙවර රාජකීය විදුහල් කණ්ඩායම…

අද දිනත් දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්…………

WhatsApp Image 2025 03 06 at 11.33.08

මාර්තු 06 වන අද දින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයින පුරා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. තවද ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් වාර්තා වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…

වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඇප…………

WhatsApp Image 2025 03 05 at 15.07.07 2

2023 වසරේ දී වැලිගම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවට වාර්තා වේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අත්අඩංගුවට ගත් වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මාර්තු 04 වන ඊයෙ දිනයේදී ඇප මත මුදා හැර ඇති බවත් වාර්තා වේ. Views: 133

රුපියල් මිලියන 69කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට…………

WhatsApp Image 2025 03 05 at 14.45.13

යාපනය වත්තිරායන් වෙරළේදී රුපියල් මිලියන 69කට අධික දළ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී කිලෝ ග්‍රෑම් 174කට අධික මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති බව වාර්තා වේ. වත්තිරායන් වෙරළට ආසන්න කැලෑබද ප්‍රදේශයේ තිබූ සැක…

E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය…………

WhatsApp Image 2025 03 05 at 14.14.18

කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්, ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකාලයකින් E8 පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදුකරන බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසා ඇත. ඒ අනුව මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතා වලට සම්බන්ධ අතරමැදි මුදල් ගනුදෙනු…

ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට…………

WhatsApp Image 2025 03 05 at 13.53.00 1

සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසා ඇත. මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් පදවමින් සිටියදී හලාවත කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්තු 04 වන ඊයෙ දිනයේ මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරු ඔහු පොලිස් නිලධාරියකු බවට හැදුනුම්පත ඉදිරිපත්…

අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන 1.5ක් සවිබල ගැන්වීමට සැලසුම්…………

WhatsApp Image 2025 03 05 at 13.34.45

අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා මිලියන 1.7කට ආසන්න පිරිසෙන් මිලියන 1.5ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වසරේ දී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත….

පොලිස් කොමිසම වෙත ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකුගේ ලැයිස්තුවක්…………

WhatsApp Image 2025 03 05 at 12.49.13 1

ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකුගේ ලැයිස්තුවක් වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොමිසම වෙත යොමු කර ඇත. පොලිස් කොමිසම විසින් එම ස්ථාන මාරු කිරීම් ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා හේතු දක්වන ලෙස ප්‍රකාශ කර ඇත. ඒ අනුව අදාළ ස්ථාන මාරු කිරීම්වල හේතු දක්වමින් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත මෙම ඉල්ලීම කර ඇති බව මහජන ආරක්ෂක…

යාල ජාතික වනෝද්‍යානයේ සීමිත මාර්ග සංඛ්‍යාවක් යළි විවෘත වේ…………

WhatsApp Image 2025 03 05 at 12.24.09

පසුගිය 01 වැනිදා සිට වසා දැමීමට කටයුතු කළ යාල ජාතික වනෝද්‍යානයේ සීමිත මාර්ග සංඛ්‍යාවක් මාර්තු 05 වන අද දින පස්වරු 2 සිට නැවත විවෘත කරන බව යාල ජාතික වනෝද්‍යානය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත. වැසි තත්ත්වය පහව යනතුරු වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාල ජාතික උද්‍යානය මෙලෙස වසා දැමීමට සිදු විය. පසුගියදා ඇද…

අදත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පුද්ගලයෙක් අත්අඩංගුවට………

WhatsApp Image 2025 03 05 at 11.17.24

මාර්තු 05 වන අද දින අවුරුදු 34 ක් වන පුද්ගලයෙක්, රුපියල් මිලියන 52ක් පමණ වටිනා 5kg 2gක් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කර ඇති අතර රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් ඔහුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්වන්නේ තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන් මලු…