Category Archives: Local

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි …….……

poya web

මාර්තු 13 වන අද දින මැදින් පුර පසළොස්වක පොහොය දිනය වේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය දිනය සදහන් වේ. එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබුණු බව වාර්තා වේ. Views: 138

අද මධ්‍යම රාත්‍රියෙන් පසු 2024 සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් වේ …….……

WhatsApp Image 2025 03 11 at 12.51.21 1

මාර්තු 11 වන අද දින මධ්‍යම රාත්‍රී 12.00න් පසු 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත. මෙම නීතිය උල්ලංඝණය කරන උපකාරක පන්ති ගුරුවරුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය…

මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති වේ …….……

WhatsApp Image 2025 03 11 at 12.29.08

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයෑම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත. වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල මෙම පීල්ල කැඩී ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. Views: 151

අද පාර්ලිමේන්තුවේ දී විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනේ …….……

WhatsApp Image 2025 03 11 at 12.20.34

මාර්තු 11 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය වන අද දිනයේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව සදහන් වේ. එමෙන්ම අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව බව වාර්තා වේ. Views: 143

කොළඹ නගරාධිපති ධුරයට සජබයෙන් ඉරාන් වික්‍රමරත්න මහතා යෝජනා කෙරේ …….…

WhatsApp Image 2025 03 11 at 11.52.11 1

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් ඉරාන් වික්‍රමරත්න මහතා යෝජනා කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇත. මාර්තු 10 වන ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා පැමිණි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙවර නගරාධිපති…

මාර්තු 18 වැනිදා සිට තැපැල් වෘත්තිය සමිති වර්ජනයක් …….……

WhatsApp Image 2025 03 11 at 11.37.08 1

එළඹෙන මාර්තු 18 වැනි දින සිට තැපැල් වෘත්තිය සමිති වර්ජනය කිරීමට තීරණය කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත. ඒ අනුව තැපෑලේ පවතින දිගුකාලීන ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත්, තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කර ඇති බවත් එම සංගමය සඳහන් කර…

බස් රථයෙන් ඇද වැටී 64 ක් වියැති පුද්ගලයෙක් මරුට …….……

bus web 3

මාර්තු 10 වන ඊයේ දිනයේදී රුවන්වැල්ල සිට දන්වැල්ල දෙසට දාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකදී ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් මගියෙක් බස් රථයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා වේ. ඔහු වයස අවුරුදු 64 ක, හුඹස්වලාන රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…

අද දින මැතිවරණ කොමිසම රැස්වීමක් …….……

WhatsApp Image 2025 03 11 at 11.24.38 1

මාර්තු 11 වන අද දින මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බව වාර්තා වේ. මාර්තු 10 වන ඊයෙ දිනයේ නාමයෝජනා ලබා ගැනීමට දින නියම වූ ප්‍රාදේශීය සභා තුනට අදාළ ඡන්ද විමසීම පිළිබඳව අද රැස්වන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ. එමෙන්ම තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන්ද අද රැස්වන කොමිෂන් සභාවේදී සාකච්ඡාවට ගන්නා බව වැඩිදුරටත් සඳහන්…

දිවයින පුරා වැසි සහිත කාළගුණයක් …….……

WhatsApp Image 2025 03 11 at 11.11.48 2

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ. උතුරු, නැගෙනහිර‍, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල,…

බොරතෙල් මිල පහළට …….……

borathel web

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සතිය ආරම්භයේදී පහළ යාමක් පෙන්නුම් කර ඇත. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 08 ක් ලෙස දැක්වේ. එය 0. 4% ක පහළ යාමක් බවත්, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66 .78 ක් ලෙස සටහන් වූ අතර එය සියයට 0. 39% ක පහළ යාමක් බවත් වාර්තා…