Category Archives: Local

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ …….……

grade5 web

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාර්තු 14 වන ඊයේ දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ප්‍රකාශ කර ඇත. 2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්,…

පාසල් සිසුන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ …….……

school web 3

අධ්‍යාපන අමාත්‍යංශය, පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර ඇති බව දැනුම් දෙයි. ඒ අනුව මාර්තු 15 වන අද දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත….

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යයි …….……

WhatsApp Image 2025 03 14 at 13.28.56 1

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. අද දින වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.11ක් ලෙස දැක්වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බව සදහන් වේ. එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස සටහන් වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බවද සදහන්…

මුත්තූර් ප්‍රදේශයේදී සහෝදරියන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත …….……

WhatsApp Image 2025 03 14 at 11.29.07

මාර්තු 14 වන අද දින උදෑසන මුත්තූර්, දාහානගර් ප්‍රදේශයේ පිහිටි නිවසකදී සහෝදරියන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ. වයස අවුරුදු 74ක් සහ 68ක් වන කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස ඝාතනයට ලක් වී ඇත. Views: 143

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ …….……

WhatsApp Image 2025 03 14 at 13.00.41 1

මාර්තු 13 වන ඊයේ දින පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇත. එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස…

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි …….……

WhatsApp Image 2025 03 14 at 12.15.44

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරය අදින් අවසන් වන බව අඨ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වනදා ආරම්භ වන අතර එය 26 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. Views: 140

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක …….……

WhatsApp Image 2025 03 14 at 10.58.04

මාර්තු 14 වන අද දින මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රාම නිලධාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බධන්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කර ඇත. ඒ අනුව රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරීවලින් ඉවත් වන බවත්, අනාරක්ෂිත හා ජන ශූන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන…

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් …….……

WhatsApp Image 2025 03 14 at 09.54.34

මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්…….. විභාග දෙපාර්තමේන්තුව විසින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට දැනුම්දීමක් සිදුකර ඇත. එවැනි අපේක්ෂකයෙක් සිටිනවා නම් ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15 වන සෙනසුරාදා…

දිවයිනේ තැනින් තැන වැහිබර කාලගුණයක් …….……

WhatsApp Image 2025 03 14 at 09.39.45

මධ්‍යම, වයඹ සහ ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…

අදත් වැසි සහිත කාළගුණයක් …….……

WhatsApp Image 2025 03 13 at 09.36.00

නැගෙනහිර ,බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල වැසි සහිත කාළගුණයක් දැකිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද වාර්තා වේ. බස්නාහිර ,සබරගමුව ,දකුණු පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද…