අනුරාධපුර එප්පාවල ප්රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එප්පාවල ඇඳගල ප්රදේශයේදී පසුගිය 05 වනදා සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, හෙරොයින් කිලෝ ග්රෑම් 1යි ග්රෑම් 184යි මිලිග්රෑම් 400ක්…
Category Archives: Local
මේ වනවිට පැවැත්වෙන අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්යාව ප්රශ්න පත්රය පිටවී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් අමාත්ය නලින් ජයතිස්ස මහතා මේ බව පැවසීය. අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලද තොරතුරක් මත පදනම්ව මෙම…
බස් ගාස්තු පෙරගෙවූම් කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්රමවේදය සම්බන්ධයෙන් බැංකු විසින් අය කරනු ලබන අධික කොමිස් මුදල හේතුවෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය දැඩි අසතුටක් පළ කරන බව එම සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා සඳහන් කරයි. බස් රථවල ගමන් කිරීම සඳහා කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ පහසුකම සැපයීම පිළිබඳව රජයට ස්තූතිවන්ත වන බව රණසිංහ…
ප්රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවය. ඒ අනුව උතුරු, උතුරු…
දිවයින අශ්රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට වැසි…
අයහපත් කාලගුණ තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ද තුවාල ලබා තිබේ. තවද මේ වන විට ඇති වූ අයහපත් කාලගුණයත් සමග පවුල් 504 ක පුද්ගලයින් 1790 කට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ. සම්පූර්ණ නිවාස හානි 2ක් වාර්තා…
විද්යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේදී අමතර අයවීමක් නැහැ |-ප්රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක | ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ උපදේශකත්වය මත ප්රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශය යටතේ පවතින ප්රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තවදුරටත් තහවුරු කිරීමටත්, මගී පහසුව වෙනුවෙනුත් විද්යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ වැඩසටහන…
ස්ත්රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ක්රියාකාරී දින 16 සනිටුහන් කිරීමේ ගෝලීය ව්යාපාරය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය විසින් අද (24) පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නිල ලාංඡන පැළඳවීමට කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ ප්රචණ්ඩත්වයෙන් තොරව ගෞරවණීය ලෙස ජීවත් වීම මනුෂ්ය හිමිකමක් බව ලෝකයම…
පොලිසිය, සිය ආයතනය, අභ්යන්තර පිරිසිදු කිරීමේ ක්රියාවලියකට යොමු කර ඇති බව වාර්තා වේ. මෙහි ප්රධානත්වය ගෙන තිබෙන්නේ පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා විසිනි. පොලිසිය පිරිසිදු කිරීමේ ක්රියාවලිය තුළ, මේ වන විට දූෂිත පොලිස් නිළධාරීන් හාර සියයකටත් වඩා වැඩි පිරිසක් පොලිස් සේවයෙන් නෙරපා ඇති බව පැවසේ. මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමඟ සබදතා පැවැත්වීම සහ බලය අවභාවිතා කිරීම නෙරපන ලද…
ශ්රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම හමුවේ දී තානාපතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්රගතිය පිළිබඳවත් සඳහන් කර තිබේ. එමෙන්ම ෆුල්බ්රයිට් ජාත්යන්තර…











