Category Archives: Local

ජනතාවට කොළඹ පැමිණීමට විශේෂ දුම්රිය සේවා කිහිපයක්……….……

WhatsApp Image 2025 04 15 at 14.05.40

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මෙම විශේෂ දුම්රිය වැඩපිළිවෙළ එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට…

කොළඹ ජාතික රෝහලට ගතවූ පැය 24 තුළ 80 කට ආසන්න පිරිසක් රෝහල් ගත කෙරේ……….……

WhatsApp Image 2025 04 15 at 14.05.17

කොළඹ ජාතික රෝහලට ගතවූ පැය 24 තුළ විවිධ කටයුතුවලදී සිදුවන අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 80කට ආසන්න පිරිසක් ඇතුළත් කර ඇත. කොළඹ ජාතික රෝහලට තුවාල ලැබූවන් 30ක් පමණ රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එසේම ගිනිකෙළි ආශ්‍රිත අනතුරුවලින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ද ඇතුළත් කර ඇති බව රෝහල් වාර්තා සඳහන් කර…

දිවයින පුරා අද පවතින කාලගුණය……….……

WhatsApp Image 2025 04 15 at 14.05.04 1

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එමෙන්ම මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…

සෞඛ්‍ය ඇමති වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 ක් වාර්තා වන බව පවසයි……….……

WhatsApp Image 2025 04 12 at 17.47.25

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගන්නා බව ප්‍රකාශ කර ඇත. ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවද දන්වා ඇත. එමෙන්ම කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවද ඔහු සඳහන් කර ඇත. තවද අමාත්‍යවරයා විසින් පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට…

මැලේසියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත් වෙයි……….……

WhatsApp Image 2025 04 12 at 17.47.10

මැලේසියාවේ සේවය කළ 27 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් විදුලිසැර වැදී මිය ගොස් තිබෙන බව වාර්තා වේ. ෂා අලාම් ප්‍රදේශයේ, ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයක දී එලෙස විදුලිසැර වැදී එම තරුණයා මියගොස් ඇති බව සඳහන් වේ. එමෙන්ම මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිසිවක් නොමැති බවද වාර්තා වේ. ඒ අනුව, පශ්චාත්…

පිල්ලෙයාන් මහතා දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබේ……………

WhatsApp Image 2025 04 12 at 17.12.50

පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත. එමෙන්ම පසුගිය 08 වනදා අත්අඩංගුවට ගත් මොහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් මීට පෙර රදවාගෙන ප්‍රශ්න කර ඇත. නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගෙන…

අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට……………

WhatsApp Image 2025 04 12 at 17.12.41

රේගු නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රුපියල් දෙකෝටි අසූ ලක්ෂ අසූ පන් දහසකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක්, රැගෙනවිත් ඒවා කටුනායක ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අවුරුදු 29 සහ 35 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් වන අතර ඊයේ රාත්‍රියේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන…

ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මහතාට නයිට් පදවියක් පිරිනැමේ……………

WhatsApp Image 2025 04 12 at 17.11.48

එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට නයිට් පදවියක් පිරිනැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔහු 42 හැවිරිදි වියේ පසුවන අතර පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් එහි වඩාත්ම සාර්ථක වේග පන්දු යවන්නා බවට පත් වෙමින් කඩුලු 704ක් ලබා ගනිමින් විශ්‍රාම ගෙන ඇති බව වාර්තා…

අද සිට පාසල් නිවාඩුව ආරම්භ වෙයි……………

අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 11 වන අද දිනෙන් අවසන් වන බව ප්‍රකාශ කර ඇත. අද දින සිට සතියක කාලයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත….

පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට වැටුණු තරුණිය බේරාගන්න පාලම මතින් ගඟට පනී……………

WhatsApp Image 2025 04 11 at 11.08.57

තරුණියක් කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන ඇත. ප්‍රදේශවාසීන් විසින් අදාළ නිලධාරියාට අදාළ තරුණිය මහවැලි ගඟට වැටී ඇති බව සිදුකළ දැනුම්දීමෙන් අනතුරුව ඔහු මෙලෙස එම තරුණිය බේරාගෙන ඇත. වයස අවුරුදු 21 ක්…