Category Archives: Local

අවුරුදු සමයේ ලංගමට රුපියල් මිලියන 1,300 ක ආදායමක් ලැබේ…..

WhatsApp Image 2025 04 21 at 14.26.05 1

ජාතික ගමනාගමන මණ්ඩලය විසින් පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා වන කාලසීමාවේදී ජාතික ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300 කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා, මෙම ආදායම එළැඹෙන දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බව එහි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. මෙවර සිංහල…

අද සිට පළමු පාසල් වාරයේ තෙවැනි අදියර ආරම්භ වෙයි………….……

WhatsApp Image 2025 04 21 at 14.18.12 1

අප්‍රේල් 21 වන දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ වේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 09 වනදා තෙක් ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත. පසුගිය 12 වනදා සිට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව පාසල් සඳහා නිවාඩු ලබා දුන් අතර අද…

VAT බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන දැනුම්දීමක්………….……

WhatsApp Image 2025 04 17 at 14.21.53

අප්‍රේල් මස 11 වන දින සිට එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට්, ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දෙන් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. ඒ සඳහා අවම වශයෙන් එහි නැවුම් කිරි 50% ක් අඩංගු විය යුතු බවද සඳහන් වේ. දියර කිරි සහ යෝගට්වලට…

ජාතික ගමනාගමන කොමිසම වෙත අලුත් අවුරුදු සමයේ බස් සේවා සම්බන්ධ පැමිණිලි 143ක්………….……

WhatsApp Image 2025 04 17 at 15.45.30 1

ජාතික ගමනාගමන කොමිසම වෙත අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ප්‍රකාශ කර ඇත. එම කොමිසමට, වැඩිපුර ගාස්තු අය කිරීම, මගීන්ට ආචාරශීලී නොවීම හා වේගයෙන් රිය ධාවනය කිරිම ඇතුළු පැමිණිලි රැසක් ඒ අතර වේ. ඒ අනුව, ලබන 21 වැනිදාට පසුු එම සියලු පැමිණිලි විභාග කිරීම ආරම්භ කරන…

අද සිට සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ………………

WhatsApp Image 2025 04 17 at 16.00.10

අප්‍රේල් 17 වන අද දින සිට සිරි දළදා වන්දනාව නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. ඒ අනුව, අද සිට සැදැහැවතුන් පැමිණෙන රථවාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා, රථවාහන මහනුවර නගරයට ඇතුළුවීම සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කර ඇත. ඒ අතර,…

අද දින සිට ඡන්ද‍ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ආරම්භ වේ………………

WhatsApp Image 2025 04 17 at 17.49.47

තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම කටයුතු ලබන 29 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත බවද දන්වා ඇත. ඒ අතර මේ මස 20 වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙන බව සඳහන්…

පානදුර පාසල් සිසුන් දෙදෙනෙක් මුහුදේ ගිලී අතුරුදහන් වෙයි………..……

WhatsApp Image 2025 04 17 at 18.03.02

පානදුර වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව පානදුර දකුණ පොලීසිය ප්‍රකාශ කර ඇත. අප්‍රේල් 16 වන ඊයේ දින සවස 5.30ට පමණ බණ්ඩාරගම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් විනෝදය සඳහා පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී පස් දෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් තිබෙන…

මාලදිවයිනට ඊශ්‍රායල ජාතිකයින් ඇතුළුවීම තහනම් වෙයි………..……

WhatsApp Image 2025 04 17 at 16.29.41 1

මාලදිවයිනට ඊශ්‍රායල ජාතිකයින් ඇතුළුවීම තහනම් කිරීමට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා තීරණය කර තිබෙන බව ප්‍රකාශ කර ඇත. එම තීරණ ගාසා තීරයේ සිදුකරන කුරිරු මිලිටරි ක්‍රියා හේතුවෙන් ගත් බව ඔහු නිවේදනය කර ඇත. එමෙන්ම, තම රට ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන වගවීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බව දන්වා ඇත. මාලදිවයින් ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ක්‍රියාවන් දැඩි…

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඔලන්ටා හුමාලා මහතා සහ ඔහුගේ බිරිඳට වසර 15 ක සිර දඩුවම්………..……

WhatsApp Image 2025 04 16 at 16.38.02

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඔලන්ටා හුමාලා මහතා සහ ඔහුගේ බිරිඳ මුදල් විශූද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් ලෙස සලකා, ඔවුන්ට එරට අධිකරණය විසින් වසර 15 ක සිර දඬුවම් නියම කර ඇත. 2006 සහ 2011 වසරවල පැවති ජනාධිපතිවරණ සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් සහ වෙනිසියුලානු රජයෙන් නීතිවිරෝධී ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට මෙලෙස සිරදඬුවම් නියම කර…

චීන තානාපති කාර්යාලයෙන් ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 85,000කට අධික ප්‍රමාණයක් නිකුත් කෙරේ………..……

WhatsApp Image 2025 04 16 at 16.37.49

ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය 2025 ජනවාරි 1 සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 85,000කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එය රටවල් දෙකෙහි ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කිරීමක් බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත. 2025 අප්‍රේල් 9 වන විට, ඉන්දියාවේ චීන තානාපති…