Category Archives: Local

ගුවන් තොටුපළට පැමිණෙන මගීන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස දැනුම් දීමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට තවදුරටත් ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙසයි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම දැනුම් දෙන්නේ. එසේම ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කර ගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට රැගෙන නොඑන…

මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමකින් සිව්දෙනෙකු අතුරුදන්

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. සිද්ධියෙන් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාවනැල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා සඳහන් කළේය. තවත් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද ඒ මහතා පැවසීය. පවතින තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශයේ පිරිස් ඉවත් කර තිබූ බවත් ඊයේ රාත්‍රියේ නැවත නිවෙස්…

ෆේස්බුක් සාදයක් වටලයි

ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 32ක් සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස කෝට්ටේ නව ජයවීර මාවතේදී අද (29) වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනාම වයස අවුරුදු 20 -35 ත් අතර සිටින්නන් බව සඳහන් වේ. ඔවුන් සන්තකයේ තිබී ඈෂ්, හෙරොයින්, අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය සොයා…

ආපදාවට ලක්වූ විදේශිකයින් සඳහා වීසා පහසුකම්

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ වීසා පහසුකම සැලසීමේ දී සිදුකරන ලබන ක්‍රියාමාර්ගයන් පහත පරිදි වේ. 1. ගුවන් යානා අවලංගු වීම හා ගමනා ගමන දුෂ්කරතා…

ආපදා තොරතුරු දීමට පොලීසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අධික වැසි, ගංවතුර, තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවලින් මහජනතාවට ඉවත්වීමේ නිවේදන ද නිකුත් කිරීමට මේ වනවිට කටයුතු කර ඇත. උද්ගතවී ඇති මෙම හදිසි තත්ත්වය පිළිබඳ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස්පතිගේ අධික්ෂණය යටතේ පොලිස්පති විශේෂ…

සියලූම බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දීමක්

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සේවා ස්ථානයන්ට පැමිණීමට අපහසු වී ඇති බන්ධනාගාර නිලධාරීන් වහාම ආසන්තම බන්ධනාගාරයට වාර්තා කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම්දෙයි. බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු සඳහා මේ වනවිට බාධා එල්ල වී ඇති බැවින් මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. Views: 127

ආපදාවන් නිසා පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස්, තවත් 34 දෙනෙක් අතුරුදන් – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

මෙරටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ සවිස්තර තත්ත්ව වාර්තාවක් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව ඊයේ (28) දිනයේ පස්වරු 6.00 දක්වා තොරතුරු දක්වා ඇති අතර, සිදවූ ආපදාවන් නිසා නොවැම්බර් 11 සිට ඊයේ දක්වා පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස්, තවත් 34 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි දැක්වෙන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 30…

වගකිව යුතු ආයතන හරහා නිකුත්වන, සත්‍ය තොරතුරු මත පමණක් පදනම්ව තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා – අගමැතිනිය

මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම දැනට පවතින ආපදා මට්ටම සම්බන්ධව අද Zoom තාක්ෂණය හරහා පැවැත්වුණු සාකච්ඡාවක් අමතමින් ‍අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා. අන් සියල්ලටම වඩා ජීවිත බේරා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කය බවත්, ජාතික ආපදාවකට…

ලංකාවෙන් 25% කට විදුලිය විසන්ධි වෙලා – විදුලි බල මණ්ඩලය

පවතින අයහපත් කාලගුණය නිසා සමස්ත රටෙහි 25% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර පවසනවා. නැගෙනහිර, මධ්‍යම හා උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් එම විදුලි විසන්ධිධිවීම් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ. පවතින කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බවයි…

රට පුරා ආපදා – මරණ 69 දක්වා ඉහළට – 34ක් අතුරුදන්

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත…