ජලාශවල ආක්‍රමණශීලී මත්ස්‍ය ගහනය ඉහළ යාමෙන් මිරිදිය ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් මෙරට මිරිදිය මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් පහළ ගොස් ඇති බවද ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කර ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්කර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද එතුමා මෙහිදී වැඩිදුරටත්…
Category Archives: Local
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා කාර්මික විදුලි සැපයුම් ඒකක (Industrial Type Power Distribution Units) 700 ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334 කට හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට…
යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද පවසා ඇත. ඉන් වැඩිම ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, මීට අමතරව උතුරු පළාතෙන් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වී තොග වී අලෙවි මණ්ඩලයට ලැබෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කර ඇත. නාඩු වී…
රජය වී සඳහා සහතික මිලක් නොව අවම මිලක් ප්‍රකාශයට පත්කර ඇති බවත් ගොවීන්ට අවශ්‍ය නම් ඊට වඩා වැඩි මිලකට සිය අස්වැන්න අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. දිස්ත්‍රික්ක රැසක යල කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී ඇත. මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි…
අද (15) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී පැයක් ගත වීමටත් ප්‍රථමයෙන් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,000 සීමාව ඉක්ම වීමට සමත් විය. ඒ වන විට රු. බිලියන 1.29 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි. Views: 175
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් ඇත. වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් සිටි බවද වාර්තා වේ. එහිදී ඔවුන් මහත් වෙහෙසක් දැරූ අතර මාංශ පේෂි දියවී ගොස්,…
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලිට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද (18) දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් හා සංවිධාන ඇතුළු පිරිසක් එක්වී උද්ඝෝෂණයක් සිදුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව පෙරේදා රාත්‍රියේදී යූ. සඳමාලි මන්ත්‍රීවරිය පිළිගැනීම සඳහා පැවති උත්සවයක් අවසන් කර ඇය යමින් සිටියදී, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී කිසියම්…
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ. ටෙස්ට් තරගාවලිය ජුනි 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.එය ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයද වේ. ක්‍රීඩකයින් 16 දෙනෙකු සංචිතයට ඇතුළත් අතර, නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකයා ලෙස කටයුතු කරයි. නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ඇතුලුව…
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් තිබේ.මෙම නඩුකරණයේ අධිචෝදනා පත්‍රය රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදුගේ අත්සනින් මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බව සදහන් වේ. ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට…
බස් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා ඉදිරි මාස 02ක තුළ AI තාක්ෂණය එක් කිරීමට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පියවර ගෙන ඇත. මූලික අදියරේ දී බස් රථ 40ක AI තාක්ෂණය ලබාදීමට සැලසුම් කර ඇති අතර, රියදුරන්ගේ නින්ද යාම වැළැක්වීම සහ ප්‍රවාහන සේවය සුරක්ෂිත කිරීම සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමටත් තීරණය වී ඇති බවට…











