25,000 දීමනාව 87%කට ලබාදී අවසන් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව රුපියල් විසි පන්දහසක දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූවන්ගෙන් සියයට 87කට වැඩි පවුල් ප්රමාණයකට දැනටමත් දීමනා ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්යංශය පවසනවා. එම අමාත්යංශය පවසන්නේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දීමනා ගෙවීම් කිහිපයක් නිම කිරීමට බලාපොරොත්තු වන බවයි. දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවටපත්වූවන් සඳහා වන්දි ලබාදීමේ ක්රමවේදය යටතේ රුපියල්…
Category Archives: Local
කොහුවල වෙඩි තැබිමකින් තරුණියකට තුවාල කොහුවල සරණංකර පාර, බෝධියවත්ත ප්රදේශයේ ඊයේ (30) රාත්රියේ සිදුවූ වෙඩි තැබීමකින් 16 හැවිරිදි තරුණියක් තුවාල ලබා තිබෙනවා. වෙඩි වැදිමෙන් තුවාල ලැබු මෙම තරුණිය කළුබෝවිල රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එය අසල නිවසක සිට…
නාගොඩ රෝහලේදි රැඳවියකුට වෙඩි කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වනවා. ශල්ය වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්රදේශයට වෙඩි වැදී ඇති බව පැවසෙනවා. Views: 168
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. අද (30) පස්වරුවේ කොළඹ පිහිටි ප්රධාන පෙළේ හෝටලයකදී මෙම හමුව සිදුව තිබුණා. මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර එහි නියෝජ්ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටියා. සමගි ජන බලවේගය නියෝජනය කරමින්…
නලින්ද ඇමතිගෙන් ජනමාධ්යයට රතු එළියක් ජනමාධ්ය අමාත්යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දෙසි කඩකළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්ය අමාත්යවරයා සතු බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මෙරට ජනතාවගේ සෞඛ්ය දැනුම ප්රවර්ධනය උදෙසා සහ සෞඛ්ය තොරතුරු ප්රචාරණය…
2026 නව වසර සැමරීම වෙනුවෙන් හෙට (31) දින ගාලු මුවදොර ඇතුළු කොළඹ නගරයේ ප්රධාන ස්ථාන වෙත විශාල ජනතාවක් සහ රථවාහන ප්රමාණයක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා. මේ හේතුවෙන් සිදුවිය හැකි රථවාහන තදබදය පාලනය කිරීමට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් නිලධාරීන් 1,200 ක් යොදවා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලීසිය…
පෙම්වතාට එන්න කියා තරුණියක් ගිංඔයට පැනලා වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 17ක් වූ පෝරුතොට ප්රදේශයේ පදිංචි තරුණියක්. ඇය ප්රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර පෙම්වතාට එම ස්ථානයට පැමිණීමට දුරකතනයෙන් දැනුම් දී තිබෙනවා. පසුව ඔහු තවත් මිතුරෙකු සමග…
විගණකාධිපති පත්කරනවා කියන්නේ පැයක වැඩක් – මෛත්රී තමා ජනධිපති ධූරය දැරූ සමයේද තමා විසින් විගණකාධිපතිවරයෙක් පත් කළ බවත්, ඒ සඳහා උපරිම ගත වූයේ පැයක කාලයක් පමණක් බවත්, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. මාස ගණනාවක් පුරාවට විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් මාධ්යවේදීන් ඇසූ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා. “මමත් විගණකාධිපතිලා පත් කරලා තියෙනවා….
අයවැය ගැන කොළඹ නගරාධිපතිනියගෙන් සටහනක් කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්රායි කැලී බල්තසාර් සිය මුහුණුපොතේ සටහනක් පළ කර තිබෙනවා. අයවැය සම්බන්ධයෙන් නොදන්නා හා විනිවිදභාවය පිළිබඳ දැනුවත් කිරිම සිය වඟකිම බවත් අයවැය ඉලක්කම් හරඹයක් නොව එය කාර්යසාදන ප්රගතිය හා ලබන වසරේ සැළසුම් ඉදිරිපත් කරන ලේඛනයක් බවත් ඇය විසින් සටහන් කර තිබෙනවා….
ඉතිහාසගත වුණු සංචාරක පැමිණීම වසරක් තුළ ශ්රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්රමාණයේ වාර්තාව අද (29) දින අලුත් වී තිබෙනවා. ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟින්. ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බව ශ්රී…











