Category Archives: Local

අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

template 18

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය. විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත…

පාස්කු ප්‍රහාර නඩුව දිනපතා අද සිට විභාග කිරීම අරඹයි

1022

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන නඩු විභාගය අද සිට දිනපතා විභාග කිරීම හිටපු අමාත්‍යවරයෙක් වූ සනත් නිශාන්තගේ නිවසේ සිට සිදු විය. මෙම ඓතිහාසික නඩුව යටතේ, චෝදනා 23,170කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, ඊට අදාළව සැකකරුවන් 24 දෙනෙකුට අදාලව මෙම නඩු විභාගය පැවැත්වේ. Views: 85

උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍ර දෙකම පිට වූ සැටි චාමර සම්පත් කියයි

1020

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය නුගේගොඩ ‘සක්යා’ නම් උපකාරක පන්ති පවත්වනු ලබන ආයතනයෙන් විභාගයට පෙර නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් මහතා අනාවරණයක් කරනු ලැබුවා. විභාග දෙපාර්තමේන්තුවේ පළමුවැනි ප‍්‍රශ්න පත‍්‍රයේ ඇති ප‍්‍රශ්න 50න් 27ක් එම නිකුත් කරනු ලැබූ ප‍්‍රශ්න පත‍්‍රයෙහි අඩංගු බව ඔහු පෙන්වා දුන්නා ‘‘පළවෙනි ප‍්‍රශ්ණ පත‍්‍රයේ ප‍්‍රශ්ණ 27ක්…

“බ්ලැකී”ව ඝාතනය කල කාන්තාවට දඬුවම්

1019

පන්නිපිටිය විද්‍යාල හන්දියේ කාගෙත් ආදරය දිනා සිටි “බ්ලැකී” නම් සුනඛයා මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දෙසැම්බර් මස 9 වන දින දක්වා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ, සිද්ධියට අදාළ නඩුව ඊයේ (25) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. කොට්ටාව, විද්‍යාල හන්දියේ ප්‍රදේශවාසීන්ගේ…

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත්, හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්

1016

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී පසුගිය 05 වනදා සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 184යි මිලිග්‍රෑම් 400ක්…

උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවෙලා ද ?

template 9

මේ වනවිට පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින් ජයතිස්ස මහතා මේ බව පැවසීය. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලද තොරතුරක් මත පදනම්ව මෙම…

බස් ගාස්තු කාඩ්වලින් ගෙවීමෙන් බැංකුවලින් ලොකු ගාස්තුවක්… බස් හිමියන් විරෝධයේ..

template 8

බස් ගාස්තු පෙරගෙවූම් කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් බැංකු විසින් අය කරනු ලබන අධික කොමිස් මුදල හේතුවෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය දැඩි අසතුටක් පළ කරන බව එම සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා සඳහන් කරයි. බස් රථවල ගමන් කිරීම සඳහා කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ පහසුකම සැපයීම පිළිබඳව රජයට ස්තූතිවන්ත වන බව රණසිංහ…