පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු මාර්ග 159ක් යළි විවෘත කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව සඳහන් කර ඇත. මේ අතර ගංවතුර හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරු ඇතුළුවීමේ හා පිටවීමේ දොරටුව අතුරුගිරිය අනුපාලක ස්ථානයේ ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු ද…
Category Archives: Local
අද (03) සවස හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අද සවස 5.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Views: 120
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා මේ බව නිවේදනය කළේය. මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. Views: 102
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (03) උදෑසන10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 356ක් අතුරුදන්ව ඇත. පවුල් 448,817කට අයත් පුද්ගලයින් 1,586,329ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු නිතුත් කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළවය. Views:…
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදාවට ප්‍රතිචාර වශයෙන් ජපානය මෙරටට හදිසි ආධාර ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) හරහා මෙරට රජයට තක්සේරු කණ්ඩායමක් එවීමට ජපාන රජය තීරණය කර ඇත. එම කාර්ය මණ්ඩලයට වෛද්‍ය නිලධාරීන්ද ඇතුළත් වන අතර ඔවුන් මෙරට වෛද්‍ය අවශ්‍යතා නිරීක්ෂණය කරනු ඇති බවත් සහ ජපන්…
දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය හමුවේ ඊයේ පස්වරු 6 වන විට මෙරට පවුල් 234,503 ආපදාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එයින් පුද්ගලයින් 833,985 ආපදාවට ලක්ව ඇති බවය. එමෙන්ම නිල වශයෙන් තහවුරු වූ මරණ 159ක් සහ 203ක් මේ වන විට වාර්තා වී ඇතැයිද ඒ මහතා…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට තවදුරටත් ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙසයි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම දැනුම් දෙන්නේ. එසේම ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කර ගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට රැගෙන නොඑන…
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. සිද්ධියෙන් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාවනැල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා සඳහන් කළේය. තවත් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද ඒ මහතා පැවසීය. පවතින තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශයේ පිරිස් ඉවත් කර තිබූ බවත් ඊයේ රාත්‍රියේ නැවත නිවෙස්…
ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 32ක් සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස කෝට්ටේ නව ජයවීර මාවතේදී අද (29) වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනාම වයස අවුරුදු 20 -35 ත් අතර සිටින්නන් බව සඳහන් වේ. ඔවුන් සන්තකයේ තිබී ඈෂ්, හෙරොයින්, අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය සොයා…











