Category Archives: Local

හරිනි ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම 2026 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අද (19) සිට ලබන 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klostersහි පැවැත්වීමට නියමිතයි. ‘A Spirit of Dialogue’ යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික…

ඉතිහාසයේ ආණ්ඩු කල ලොකුම වැරැද්ද.අද කරන දේ අදම කරන්න – නාමල්

පසුගිය කාලයේ බලයට පත්වුණ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබුවේ, තම වගකීම ඉටුකිරීම මිස ලෝක සිතියමේ ලංකාව ස්ථානගත කිරීම ගැන සැලකිළිමත් වීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පලකර සිටියා. පසුගිය කාලයේ සිදුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විවේචනය කිරීමට හැකියාව තිබුණද ඒවායෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ තවමත්…

විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ගැන සාකච්ජා

විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ගැන සාකච්ජා ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කරන ඇති මෙම අනුකාරක සභාව පසුගියදා එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය…

අනුර කියන්නේ එළාරගේ නැවත ඉපදීමක් – විමල්

අනුර කියන්නේ එළාරගේ නැවත ඉපදීමක් – විමල් පොහොය දිනවලට අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකරගෙන යාපනයට පැමිණීමේදී එහි ඇත්තේ සීලය නොව වෛරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර සිටියේ, වන්දනාමාන සඳහා බෞද්ධයින් යන…

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 63 වන වියේ පසු වුණා. ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන ප්‍රබල සාමාජිකයෙකු වූ ඒ මහතා, එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද තරඟ…

අධිවේගී මාර්ගයේ පිටවීමේ පිවිසුම් 2ක හදිසි රථවාහන පරීක්ෂාවක්

අධිවේගී මාර්ගයේ පිටවීමේ පිවිසුම් 2ක හදිසි රථවාහන පරීක්ෂාවක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) උදෑසන පරීක්ෂාවකට ලක් කෙරුණා. ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ අරමුණින්. මෙහිදී කඩවත පිටවීමේ පිවිසුමේදී නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම රථ වාහන බලපත්‍ර නොමැතිව රිය…

ලංවිමෙන් විශ්‍රාම යාම ඉල්ලුම් කර ඇති සේවකයින්ගෙන් ජනපතිට ලිපියක්

ලංවිමෙන් විශ්‍රාම යාම ඉල්ලුම් කර ඇති සේවකයින්ගෙන් ජනපතිට ලිපියක් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනාගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත් වන්නැයි එම සේවකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වනවා. අදාළ ලිපිය මගින් එම සේවකයින් සඳහන් කර ඇත්තේ ලබා දුන් නිශ්චිත කාල රාමුවක් තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම…

රාජ්‍ය සේවයට අලුතින් 26,000කට වැඩි පිරිසක්: වැඩිම අවස්ථා ගුරු සේවයට !

රාජ්‍ය සේවයට අලුතින් 26,000කට වැඩි පිරිසක්: වැඩිම අවස්ථා ගුරු සේවයට ! රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම වෙනුවෙන් අලුතින් සේවකයින් 26,095 දෙනෙකු බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පසුගියදා අනාවරණය කළේය. පුරප්පාඩු පවතින ප්‍රධාන ක්ෂේත්‍ර මෙම බඳවා ගැනීම් යටතේ වැඩිම අවස්ථා ප්‍රමාණයක් හිමිව ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි. ගුරු සේවය:…

“බල්ලාගේ ආණ්ඩුව බැල්ලීගෙන නීතිය” නිසා මතුගම ප්‍රාදේශීය සභාව ඇවිලේ

මතුගම ප්‍රාදේශීය සභාවේ ජන අරගල සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිහාල් තොටගමුව විසින් ඊයේ දින සිදුකරන ලද බල්ලාගේ ආණ්ඩුව බැල්ලිගේ නීතිය යන ප්‍රකාශය නිසා සභාවේ නොසන්සුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් මතුගම ප්‍රාදේශීය සභාවේ දැනට පාලන බලය හොබවන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ම මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇත ….

එක්නැලිගොඩ නඩුවේ චූදිතයට දුන් උසස්විමට සන්ධ්‍යාගෙන් අනුරට ලියුමක්

එක්නැලිගොඩ නඩුවේ චූදිතයට දුන් උසස්විමට සන්ධ්‍යාගෙන් අනුරට ලියුමක් ප්‍රගීත් එන්නැලිගොඩ මහතාගේ අපරාධ නඩුවේ 9 වන චූදිතයා වන තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට උසස්වීම් ලබාදීම පිළිබඳ විරෝධය පළකරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 2010 ජනවාරි 24 වන දින අනීතික ලෙස පැහැරෙගන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ…