Category Archives: Local

ස්විට්සර්ලන්තයෙන් ආධාර රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණෙයි

template 21

ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා. මෙම ගුවන් යානය තුළ ජල පිරිසිදුකරන යන්ත්‍ර සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රාශියක් අඩංගු ඇසුරුම් 17 තිබුුුණු බවයි සඳහන් වන්නේ. මෙම ආධාර භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති Olivier Praz සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්…

ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී

template 19

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා මල්වතු මහා නා හිමියන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත විය. Views: 114

ශ්‍රී ලංකාව IMF වෙතින් ඩොලර් මිලියන 200 ක මූල්‍ය පහසුකමක් ඉල්ලයි

template 18

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. මෙම ඉල්ලීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ වන විට සමාලෝචනය කරමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල…

ආපදා මරණ 611ක් දක්වා ඉහළට

template 17

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 611දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවත් පුද්ගලයින් 213දෙනෙකු අතුරුදන්ව ඇති බව එම මධ්‍යස්ථානය අද දහවල් නිකුත් කළ වාර්තාවේ දැක් වේ. පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 576,626කට අයත් පුද්ගලයින් 2,054,535 දෙනෙකු ඉන් පීඩාවට පත් වුණා. ඉන් පවුල්…

ජලාශ 71 ක් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

template 16

ප්‍රධාන ජලාශ 36 ක් ඇතුළු ජලාශ 71 ක් මේ වන විට වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් 80% ක් පමණ මේ වන විට ගබඩා කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් සඳහන් කර සිටියේ. Views: 108

හානියට පත් ජල සම්පාදන ව්‍යාපෘති 148 ක් යථා තත්ත්වයට පත් කෙරේ

template 14

අයහපත් කාලගුණයෙන් හානි වූ ජල සම්පාදන ව්‍යාපෘති 156 න් මේ වන විට 148 ක් යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව තවත් ජල සම්පාදන ව්‍යාපෘති 08 ක් යථා තත්ත්වයට පත් කිරීමට නියමිතව ඇති බවත්, එම ප්‍රදේශවලට බවුසර් වැනි විකල්ප ක්‍රම මඟින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන බවයි…

ගංවතුරෙන් හානි වූ මුදල් නෝට්ටු පරිහරණයට මහ බැංකුවෙන් මාර්ගෝපදේශ

template 12

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තෙත් වූ හෝ ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබා දී තිබේ. 01. තෙත් වූ මුදල් නෝට්ටු…

කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍ර යථා තත්ත්වයට පත් කිරීමට ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා

template 11

කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන්, වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව පවතින සංඛ්‍යා…

ගං වතුරින් යට වූ ඉන්ධන පිරවුම්හල් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීමට පියවර

template 10

අයහපත් කාලගුණය නිසා ගංවතුරින් යට වූ ඉන්ධන පිරවුම්හල් යළි යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් සිදු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා. ඒ අනුව, පිරවුම්හල් 36 ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී අක්‍රීය තත්ත්වයට පත් වූ බවත්, ඉන් පිරවුම්හල් 14 ක් හැර අනෙක් සියල්ල ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි අද (05)…

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සහන කටයුතු සහ යළි ගොඩ නැගීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම තීරණය කරයි

template 7

ගංවතුර, නාය යෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සිදු කිරීමට සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබා දීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් එම රටවල සිටින ජනතාව මේ වන විට…