Category Archives: Local

නාය යෑමේ හේතුවෙන් වසා දමා තිබුණු නිවෙසක් ගිනි ගෙන පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා.

pilissuna malasirura

නාය යෑමේ අවදානමක් හේතුවෙන් නිවැසියන් පිටව යෑම නිසා වසා දමා තිබුණු නිවෙසක් ගිනි ගෙන ඇතැයි අංකුඹුර පොලිසියට අද (23) ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂාවකදී එම නිවස තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා. අංකුඹුර ගල්කන්ද ප්‍රදේශයේ වසා දමා තිබුණු මෙම නිවෙස තුළ ගින්නක් හටගෙන තිබෙන බවට ප්‍රදේශවාසියකු ඊයේ (23) පෙරවරු 11.00 ට පමණ පොලීසියට…

කොළඹ මහා නගර සභාවේ මාලිමා මංගල අයවැය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්වෙයි 

balthasaar

කොළඹ මහා නගර සභාවේ මාලිමා මංගල අයවැය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්වෙයි ජාතික ජන බලවේගය (මාලිමාව) යටතේ කොළඹ මහා නගර සභාවට ඉදිරිපත් කරන ලද මංගල අයවැය ලේඛනය අද (23) පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය. සභා වාරය ආරම්භයේ සිටම දැඩි උණුසුම්කාරී වාතාවරණයක් මධ්‍යයේ පැවති අයවැය විවාදයෙන් අනතුරුව මෙම ඡන්ද විමසීම පවත්වන ලදී. එහිදී…

ජනාධිපති අනුර කුමාර සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුවක්

anura and jayashankar

ජනාධිපති අනුර කුමාර සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුවක් දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. මෙම හමුවේ ප්‍රධාන අරමුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු වී ඇත: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ මිත්‍රශීලී සබඳතා…

විගණකාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර විසින් ඉදිරිපත් කළ තවත් නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

audit

රටේ මීළඟ විගණකාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ තවත් නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. පුදුම සහගත කාරණය වන්නේ මිලිටරි ඉතිහාසයක් සහිත තවත් නමක් මෙලෙස ප්‍රතික්ෂේප වී තිබේ. ඕ.ආර්. රාජසිංහ මහතාගේ නම ප්‍රතික්ෂේප වීමත් සමඟ, පසුගිය මාස අටක කාලය තුළ විගණකාධිපති ධුරය සඳහා ස්ථිර හෝ…

මත් ලෝලීන් නිසා මාලිගාවත්තේ කුනු සෙබස්තියන් ඇලට

maligatta kunu

මාලිගාවත්ත ‘කුඩු’ පාරාදීසයක්ද? කුඩ්ඩෝ නිසා සෙබස්තියන් ඇළ ‘කුණු කන්දක්’ වෙයි ! – ජනතාව දැඩි පීඩාවක කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ජන ජීවිතය අද වන විට බරපතල අර්බුදයකට ලක්ව තිබේ. ඒ ගංවතුර තත්ත්වයෙන් පසු එකතු වූ කුණු කසළ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් (කුඩ්ඩන්) විසින් සෙබස්තියන් ඇළට මුදාහැරීම හේතුවෙනි. මෙය හුදෙක් පරිසර ප්‍රශ්නයක් පමණක් නොව, මුළු මහත් ප්‍රජාවකගේම සෞඛ්‍ය සහ…

බස් රථතුල් කසිප්පු විකිණූ ගැබිණි කත කොටුවෙයි !

kasippu

බස් රථ සේවකයින්ට කසිප්පු සැපයූ ගැබිනියක් අත්අඩංගුවට වැන්නප්පුව පොලිසිය කොටු කරගත් ගැබිනි ජාවාරම්කාරියගේ සුලමුල මෙන්න! මගී ජනතාවගේ ජීවිත අවදානමේ දමමින්, ධාවනය වන බස් රථ තුළම ඉතා සූක්ෂ්ම ලෙස සිදුවූ මහා පරිමාණ මත්පැන් ජාවාරමක් වටලා ගැනීමට වැන්නප්පුව පොලිසිය සමත්ව තිබේ. මෙම වැටලීම වඩාත් ආන්දෝලනාත්මක වී ඇත්තේ මෙහි ප්‍රධාන සැපයුම්කාරිය ලෙස කටයුතු කර ඇත්තේ ගැබිනි කාන්තාවක වීම…

ගංජා වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරියෙකුට මාලිමා මන්ත්‍රීවරයෙකුගෙන් පහරදීමක්?

malima mantree attrack

ගංජා වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරියෙකුට මාලිමා මන්ත්‍රීවරයෙකුගෙන් පහරදීමක්? රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් සූරියකන්ද පොලිසියේ නිලධාරියෙකු රෝහල් ගත කර තිබේ. පහරකෑමට ලක්වූ නිලධාරියා මීට පෙර සූරියකන්ද පොලීසිය මගින් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියගේ ඉඩමක සිදුකළ ගංජා වැටලීමකට සහභාගී වී ඇති බව වාර්තා වේ. මෙම පහරදීම…

මෙගොඩ කොලොන්නාව ගංවතුර සහනාධාර අයදුම්පත් 155ක් අවලංගුයි !

megoda kolonnawa 25000 1

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ජනතාවට රජයෙන් ලබාදෙන රුපියල් 25,000ක සහන දීමනාව ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී රෝහිත සෙනෙවිරත්න මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. දීමනාව සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් අයදුම්පත් 155ක් මේ වන විට සුදුසුකම් නොලබා නැවත පැමිණ ඇත. මීට ප්‍රධානතම හේතුව ලෙස දක්වා ඇත්තේ අයදුම්කරුගේ…

ඩිජිටල් ශ්‍රී ලංකාවකට ලෝක බැංකුවෙන්  ඩොලර් මිලියන 50ක දැවැන්ත ව්‍යාපෘතියක් !

world bank 50

අනාගතයේදී රජයේ සේවාවන් ලබාගැනීමට පෝලිම්වල රඳා නොසිට, ඇඟිලි තුඩෙන් සියල්ල කරගත හැකි ඩිජිටල් යුගයක පෙරනිමිති දැන් පහළ වී බේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය නවීකරණය කරමින්, රටේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක දැවැන්ත මූල්‍ය අනුමැතියක් ලබා දීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ දැනට පවතින…

රතු නිවේදනයට අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ඉවත්කිරීමට දැනුම්දීමක්

template 39

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවිතවන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද රතු නිවේදනවලට අනුව මෙම දැනුම් දීම සිදුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග…