Category Archives: Local

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට 2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට 2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය…

ළමුන්ට සමාජ මාධ්‍ය සීමා කරන්න රජයෙන් සැලසුම් වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

ළමුන්ට සමාජ මාධ්‍ය සීමා කරන්න රජයෙන් සැලසුම් වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවයි. වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු…

සජබ විරෝධය මැද පුද්ගලයක්ට පහරදුන් මන්ත්‍රී අත්අඩංගුවට

සජබ විරෝධය මැද පුද්ගලයක්ට පහරදුන් මන්ත්‍රී අත්අඩංගුවට හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන…

කවුරුවත් බලහත්කාරයෙන් රාජ්‍ය සේවයට අරගෙන නැහැ. ආවානම් වැඩකරන්න – නලින්ද

කවුරුවත් බලහත්කාරයෙන් රාජ්‍ය සේවයට අරගෙන නැහැ. ආවානම් වැඩකරන්න – නලින්ද රාජ්‍ය සේවකයින් බලහත්කාරයෙන් රාජ්‍ය සේවාවට ඇතුළු කර නොගත් බවත්, තම කැමැත්ත මත පමණක් රාජ්‍ය සේවයට ඇතුල් වීමට අවස්ථාව ලැබී ඇති බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (27) කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර…

පියතුමාට පහර දුන් තිදෙනෙක් පෙරට්ටුවේදී හඳුනාගෙන

පියතුමාට පහර දුන් තිදෙනෙක් පෙරට්ටුවේදී හඳුනාගෙන කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනාගෙන් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.‍ ඒ, එම නිලධාරින් අද (29) ගම්පහ අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මේ වනවිට ඊට අදාළ නඩුව විභාග කෙරෙන බව වාර්තා වනවා. Views: 146

නීතිපති ඉවත් කරන්න රනිල් ගෙනාපු පනතක් තියෙනවා – විජේදාස

ව්‍යවස්ථාවට අනුව රජයේ අනෙකුත් නිලධාරීන්ට අදාළව විනය කටයුතු සිදු කරන ලෙසම නීතිපතිවරයාට විරුද්ධවද එලෙස  ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. රූපවාහිනි නාලිකාවක ඊයේ (26) පැවති දේශපාලන වැඩසටහනකදි ඔහු මේ බව කියා සිටියා. නීතිපතිවරයෙකු ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව වැඩසටහන් මෙහෙයවන්නා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, දේශපාලන අවශ්‍යතා මත නීතිපතිවරයා ඉවත් කිරීම වැළැක්වීම…

ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් කැඳවීමක්

සිරිලිය ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද (27)  පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හෙබවූ සමයේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය’ ගිණුමේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකරන බවයි සඳහන්වන්නේ. අද පෙරවරු 9 ට…

තවත් සමුපකාරයක බලය පොදු විපක්ෂයට

තවත් සමුපකාරයක බලය පොදු විපක්ෂයට අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිව තිබෙනවා. සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරා පත්කර ගැනීමේ නිලවරණය ඊයේ (24) සහකාර සමූපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේ දී පැවැත්වුණා. සමාජිකයින් 72දෙනෙක් නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ…

ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවට

ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවට රජය විසින් මෑතකදී බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සඳහා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පත් කර තිබෙනවා. එහිදී ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරිනියක් ලෙස පත් කර තිබෙනවා. ස්ටෙෆනි සිරිවර්ධන මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වන අතර, 2011 සහ 2013 වසර වල ඇය ශ්‍රී ලංකා රූ රැජින සහ ආසියානු රූ රැජින…

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක් කර තිබෙනවා. ඒ, පසුගිය 23 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩල උපදේශක සභාව විසින්. ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බව මූලික පරීක්ෂණයකින් හෙළිවීමෙන් පසුව වැඩ තහනම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක්…