Category Archives: Local

උසස් පෙළට සමාන විභාගයක් විදෙස් රටකදී හැදෑරූ සිසුවාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

උසස් පෙළ විභාගයට සමාන විභාගයක් රුසියාවේ දී හදාරා මෙරට වෛද්‍ය පීඨයට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සිසුවා වහාම මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අද (05) නියෝග කළා. බොරැල්ල…

මන්ත්‍රී විශ්‍රාම වැටුප සරල බහුතරයෙන් අහෝසි කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබෙනවා. අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර සිටියේ අදාළ පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු විධිවිධානයකට අනනුකූල නොවන බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි…

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1,500 ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600 ක් යොදවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1,500 ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600 ක් යොදවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ. පහත සඳහන් මාර්ගෝපදේශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව ප්‍රේක්ෂකයින්ට විශාල සංචාරක බෑග්, වීදුරු බෝතල්, ඩ්‍රෝන යානා,…

වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචිය තහවුරු කරගන්නේ කෙසේද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් උපදෙස්

වෛද්‍යවරයෙකු යනු නිසි පුහුණුවක් සහ යහපත් පැවැත්මක් සහිත අයෙකු බව හඳුනා ගැනීමට ඇති ප්‍රධානතම සාධකය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි අංකය සතු වීම බව එහි ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා පවසයි. යම් වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචිය පිළිබඳව ඔබට ගැටලුවක් පවතී නම්, එය තහවුරු කර ගැනීමට ක්‍රම කිහිපයක් පවතී.වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියට පිවිස වෛද්‍යවරයාගේ නම ඇතුළත්…

මගේ වයස 70ක්.සෙන් බීටා පරපුරට පක්ෂය බාර දෙන්න කාලය හරි- රනිල් වික්‍රමසිංහ

ස්මාර්ට් දේශපාලනය (Smart Politics) වැලඳගත හැකි නව පරපුරේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බව පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිරිකොතේදී පැවැති ‘SMART UNP’ ඩිජිටල් වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාව ඊයේ(04) පැවති අතර එහිදි ඔහු මේ බව සඳහන් කළා. තම වයස 70 ඉක්මවා තිබෙන බවත් වයස 60 සහ…

මෝදර මහල් නිවාස සංකීර්ණයේ කපරාරු කොටසක් කඩා වැටී කුඩා දරුවෙකුට තුවාල

මෝදර හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණයේ හත් වැනි මහලේ සිමෙන්ති කපරාරුවේ කොටසක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු තුවාල ලබා තිබෙනවා. සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි. ඊයේ (04) උදෑසන 8.30 ට පමණ මෝදර පිහිටි හෙළමුතු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 7 වෙනි මහලේ නිවාස දෙකක් අතර පිටත බිත්තියේ කපරාරුවේ කොටසක්…

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ. හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව හිමිවනු ඇත. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අරවල්ලි…

ASP රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට

ASP රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එහිදි එම රෝහලේ ප්‍රතිකාර ලැබු ඔහු පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ උපදෙස් මත විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ පරික්ෂාවෙන් පසුව…

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3065ක් – ජාතික පාසලකුත් ඒ අතර

2025 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයින පුරා පාසල් 10,047 පවතින බව සඳහන් වේ. එම පාසල් වලින් 3,065කම ගුරුවරුන් 10ට අඩු සංඛ්‍යාවක් සිටින බව ජනලේඛන හා සංඛ්‍ය ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. එම පාසල් අතර එක් ජාතික පාසලක් ද වන බව සඳහන් වේ. දිවයින පුරා රජයේ පාසල් 1,645ක ළමුන් 50ට අඩු බව…

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය මෙන්න

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙනවා. එංගලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක් නොවූ කුසල් ජනිත් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් මෙම සංචිතයට එක් කර තිබීමත් විශේෂත්වයක්. එමෙන්ම ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත්…