Category Archives: Local

විමල්ට සහ ස්වර්ණවාහිනියට එරෙහිව නලින්දගෙන් එන්තරවාසියක්

විමල්ට සහ ස්වර්ණවාහිනියට එරෙහිව නලින්දගෙන් එන්තරවාසියක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අයගෙන් හා ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි මුදල් ලබා දෙන ලෙස දන්වමින් එන්තරවාසියක් යැවීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කටයුතු කර තිබෙනවා. ඒ…

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ජය

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ සයවැනි තරගය ලෙසින් ඊයේ (08) පැවැති ශ්‍රී ලංකා – අයර්ලන්ත කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අයර්ලන්තය ලකුණු 20කින් පරාජයට පත් කරමින්. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඇරඹුණු ඊයේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා. ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී…

නීතිඥවරයෙක්ට වසර 3ක සිරදඬුවම්

අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු සම්බන්ධයෙන් ද්වේෂ සහගතව කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට වරදකරු කළ නීතිඥභාවය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. ඊට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හරින ලෙසත් එම නියෝගයේ සඳහන් වනවා. එම වග උත්තරකරුට…

මාලිගාවත්ත Liverpool ක්‍රීඩා සමාජය නැවත සක්‍රීය වෙයි

දිගු කාලයක් නිෂ්ක්‍රීයව පැවති මාලිගාවත්ත Liverpool ක්‍රීඩා සමාජය නැවත සක්‍රීය කිරීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය 2026 පෙබරවාරි 4 වන දින “සුහාරා” ශාලාවේදී පැවැත්විණි. මෙහිදී මැද කොළඹ දරුවන් මත්ද්‍රව්‍යයෙන් මුදවා ගැනීමේ “මතින් තොර දරු පරපුරක්” වැඩසටහනේ ජේෂ්ඨ උපදේශක හා ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක අනුරාධ ජයසිංහ මහතා ආරාධිත දේශනයක් පවත්වමින්, තරුණ පරපුර සතුට ලබාගැනීමේ සෞඛ්‍ය සම්පන්න මාර්ගයන් පිළිබඳව අවධානය…

ලාල්කාන්තගේ ප්‍රකාශයට GMOA එකෙන් බැනුම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (06) මහනුවරදී අදහස් පල කර තිබුණා. එහිදී ඔහු කියා සිටියේ, “රැළි ආවොත් මොකද වෙන්නේ? වෛද්‍යවරුන්ගේ රැල්ලත් වැල්ලේ වැදිලා වෙරළේ වැදිලා ආපහු යයි. මදි වගේද?” යනුවෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය…

මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මතවී තිබෙනවා. අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 02ක් පමණයි. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින් ඡන්දයක් ඉල්ලා සිටියා. ඒ අනුව පනත් යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර…

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරියන්ට සිදුවන අපහාස වළක්වන්න අලුත් යෝජනාවක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය සඳහන් කළේ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති…

කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ආනන්ද කුමාරස්වාමි මාවතේ ග්‍රීන් පාත් පරිශ්‍රයේ අද (06) රාත්‍රියේ සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසියෙන් නිවේදනය කර තිබෙනවා. එම පරිශ්‍රය තුළ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය පාලනය කිරීම සඳහා අද (06) රාත්‍රී 10.00 සිට පෙබරවාරි 09 වනදා අළුයම 04.00 දක්වා…

T20 ලෝක කුසලානය අදින් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වේ. ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දිව තරගයක් වන එය පෙ.ව. 11ට ආරම්භවීමට නියමිතයි. අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර, එහිදී බටහිර…

ශිරන්තිගේ ID අංකය දාලා තියෙන්නේ බැංකු නිලධාරියෙක් – මහින්ද පතිරණ

ශිරන්තිගේ ID අංකය දාලා තියෙන්නේ බැංකු නිලධාරියෙක් – මහින්ද පතිරණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුමට ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 222222222V ලෙස සටහන් වීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මහින්ද පතිරණ මහතා අදහස් පල කර තිබුණා. ඔහු එහිදී සඳහන්…