Category Archives: Local

ත්‍රීරෝද රථ රියදුරු ඝාතනය කර රිය පැහැරගත් සැකකරු අල්ලයි

ත්‍රීරෝද රථ රියදුරු ඝාතනය කර රිය පැහැරගත් සැකකරු අල්ලයි පුත්තලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර එම රථය කොල්ල කෑ බව කියන සැකකරුවෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචි 16 හැවිරිදි අයෙක්. ඊයේ (22) දින උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට…

තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම එළිදක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කළේ, එම අවබෝධතා ගිවිසුම එළිකිරීමට රජය කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවයි. කොටගල…

මනුවර්ණගේ රිලා දූපත උපකල්පනයක් විතරයි. ප්‍රායෝගික නැහැ – මාළිමා මන්ත්‍රී

මනුවර්ණගේ රිලා දූපත උපකල්පනයක් විතරයි. ප්‍රායෝගික නැහැ – මාළිමා මන්ත්‍රී ජන ජීවිතයට පීඩා කරන රිලවුන් දූපතකට කොටු කිරීම ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයාගේ උපකල්පනයක්, උපන්‍යාසයක් පමණක් බවත් තවම එය ප්‍රයෝගිකව කළ හැකි තත්වයක නොමැති බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසනවා. ස්වර්ණවාහිනී නාලිකාවේ “නාඩිය” දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළා. මෙම වැඩසටහනේ ස්වභාවය අනුව…

අකුරේගොඩ ඝාතනය: අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක්

අකුරේගොඩ ඝාතනය: අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක් තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළා. එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, අද දිනයේදීත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී…

ෆොන්සේකාගෙන් රජයට ඉල්ලීමක්

ෆොන්සේකාගෙන් රජයට ඉල්ලීමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට එල්ලුම් ගස නියම වූ පුද්ගලයන්ට සමාව දෙන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. අද (18) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම ඉල්ලීම සිදු කළා. මෙහිදී ඔහු පවසා සිටියේ, මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීම…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් සහ දීමනා හෙළිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් සහ දීමනා හෙළිවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම හෙළිකිරීම සිදුකළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අසන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. ඒ අනුව මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54‍,285ක දීමනාවක් ගෙවන ලබන අතර, මාසික සංග්‍රහ දීමනාව ලෙස ගෙවනු…

නතාෂාගෙන් CIDය සමාව ඉල්ලයි

නතාෂාගෙන් CIDය සමාව ඉල්ලයි ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇයට ලිඛිතවම සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මෙනවිය…

ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක් අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ප්‍රමාණවත් පරිදි තොග සමාගම සතුව පවතින බවයි. ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසට එම සමාගම ඉල්ලා සිටිනවා. පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත්…

දයාසිරිගේ සාමාජිකත්වය ගැන පක්ෂයට නියෝගයක්

දයාසිරිගේ සාමාජිකත්වය ගැන පක්ෂයට නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. කෙසේ වෙතත්, තමන්ට ශ්‍රී ලංකා නිදහස්…

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක් අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවයි. එමෙන්ම එම ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ…