Category Archives: Local

ජනවාරි මස ගිණුම් ශේෂය 271%කින් ඉහළට

මධ්‍යම බැංකු දත්ත වලට අනුව, 2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වත්මන් ගිණුම් ශේලය (External Current Account) ඇ.ඩො. මිලියන 369.7ක අතිරික්තයක් පෙන්නුම් කර ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේ මෙය ඇ.ඩො. මිලියන 99.8ක් පමණක් විය. අපනයන ආදායම 9.1%කින් ඉහළ යාම, විදේශ සේවක ප්‍රේෂණ 31.1%කින් (ඇ.ඩො. මිලියන 751.1 දක්වා) ඉහළ යාම සහ ආනයන වර්ධනය සීමා වීම හේතුවෙන්…

ඉන්ධන හිඟයක් වේ යැයි ජනතාව අතර භීතියක්; QR ක්‍රමය ගැනීමට රජය තීරණය කරයි

මැදපෙරදිග ගැටුම හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි ජනතාව අතර පැතිර ගිය භීතිය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගන්නට ලැබුණි. මෙම තත්ත්වය හමුවේ, කලින් පැවති QR කේත ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමය යළි හඳුන්වා දීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත්, ඉදිරි මාස සඳහා අවශ්‍ය තොග…

මැදපෙරදිග ගැටුමෙන් ශ්‍රී ලාංකිකයන් මිලියනයකට බලපෑම්; රජය හදිසි ක්‍රියාමාර්ග ගනී

ඊශ්‍රායල-ඉරාන ගැටුම උත්සන්න වීමත් සමඟ මැදපෙරදිග රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මිලියනයක පමණ ආරක්ෂාව සහතික කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ප්‍රදේශයට ගුවන් ගමන් අත්හිටුවා ඇති බැවින්, එහි සිරවී සිටින මගීන් නැවත ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. තුර්කිය හරහා ගුවන් ගමන් යළි හරවා යැවීමට සාකච්ඡා…

අරාම්කෝ රස් තනුරා පිරිපහදුව වසා දමයි

සෞදි තෙල් ටැංකි ඉලක්ක කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු අරාම්කෝ රස් තනුරා පිරිපහදුව වසා දමයිසෞදි අරාබියේ තෙල් ටැංකි ඉලක්ක කරගෙන ඊයේ (මාර්තු 2) සිදුවූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, තෙල් දැවැන්ත අරාම්කෝ (Aramco) සමාගම තම රස් තනුරා (Ras Tanura) පිරිපහදු මධ්‍යස්ථානය වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි මෙම මධ්‍යස්ථානය මැදපෙරදිග වෙළඳපොළේ විශාලතම පිරිපහදු…

දේශපාලන සංදර්ශන සහ විපක්ෂයේ පරිහානිය

Deep State එකේ බල තුලනය වෙනස්වීම නිසා නුග්‍රහයන් නැතිවීමෙන් අනාථ වූ සමාජයේ ශාසනය විනාශ කිරීමට දායක වූවා යැයි අපේ බුද්ධිමත් බෞද්ධයන් අතරේ විවේචනයට බඳුන් වූ දේශපාලනඥයන්ගේ මෙන්ම අනීතිකව මුදල් ඉපයූ ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි මතින් යැපුන ඒ අය වෙනුවෙන් විවිධ දේශපාලන කැම්පේන් වෙනුවෙන් චීවරය ගෞරවය හා මිනිසුන් තුළ බෞද්ධාගමට තිබෙන ශ්‍රද්ධාව ෙන් පාවිච්චි කර න්න යහමින්…

“බලයට පක්ෂය -පක්ෂයට බලය”.

2026 මාර්තු 1 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී”බලයට පක්ෂය පක්ෂයට බලය” යන තේමාව යටතේ පැවැත්වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික මහා සමුළුව ඉතා සජීවී වූ අතර මීළඟ බලයක් සඳහා සැබෑ සමාජවාදී ව්‍යාපාරයක පෙරගමන්කරුවා තමා බව රටට ඒත්තු ගන්වන ප්‍රබල අවස්ථාවක් විය . කියුබානු ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු විදේශීය මාක්ස්වාදී ලෙනින්වාදී නියෝජිතයෝ සහ දේශීය සාමාජිකයෝ බොහෝ…

සනත් ජයසූරිය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පාකිස්තානයට එරෙහි පරාජයෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශ කර ඇති අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන වෙනස්කමක් ලෙස සැලකේ . Views: 127

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට

පැල්ලකැල්ලේ පැවති T20 ලෝක කුසලාන සුපර් අට් තරගයෙන් පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක පරාජයක් ශ්‍රී ලංකාවට අයත් විය. නායක දසුන් ශානක ලකුණු 76ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය . Views: 153

බලයට එන්න පෙරටුගාමීන්ගෙන් ඉදිරි පිම්මක්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිව්වන ජාතික සමුළුව මාර්තු 1 වැනිදා (ඉරිදා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. “පන්තියට බලය – බලයට පක්ෂය” යන්න මෙවර සමුළුවේ මූලික තේමාව වේ. උදෑසන 10.00 ට ආරම්භ වන පොදු සැසිය පස්වරු 2.00 දක්වා පැවැත්වෙන අතර, ඉන් අනතුරුව පක්ෂ සාමාජිකයින්ට පමණක් සීමා වූ සැසිවාරයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත. මෙම සමුළුවේදී ප්‍රධාන…

ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන දේශසීමා ගැටුමෙන් පුළුල් හානි

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශසීමාවේ ඇවිලී ගිය ගැටුම් හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් විශාල පිරිසක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ . මෙම ප්‍රචණ්ඩත්වය ඉහළ යාම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැඩි සැලකිල්ල පළ කර ඇති අතර, කඩිනමින් සතුරුකම් නතර කරන ලෙස…