දත් මදිද්දී සිදු වූ “මරණාන්තික ඉක්කාව” ධමනියක් පුපුරා ගිය අමුතුම සිද්ධිය ඉන්දියාවේ රායිපූර්හි පදිංචි 40 හැවිරිදි රාහුල් කුමාර් දෙසැම්බර් 1 වනදා උදෑසන දත් මදිමින් සිටියදී ඔහුට හදිසියේම ඉක්කාවක් ඇති විය. ඉන් මොහොතකට පසු ඔහුගේ උගුරේ දකුණු පසින් බැලූනයක් පිම්බෙන්නාක් මෙන් දැනී තදබල වේදනාවක් සමඟ දෑස් අඳුරු වී තිබේ. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් හෙළි කරගත්තේ…
Category Archives: Local
මුදල් විශුද්ධිකරණයට කෙහෙළියට අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් 748,000,000 (කෝටි 7.48)ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේ දී, තමාට හිමි නොවන…
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි20 තරගය අද සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වෙයි.පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත්ය.පළමු තරගය අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට එක්වන ශ්‍රී ලංකා…
IT ක්ෂේත්‍රයේ රැකියා අනාරක්ෂිතභාවයට සැබෑ හේතුව කුමක්ද? ක්ෂේත්‍රයේ තරුණ වෘත්තිකයින් සිය ගණනක් අද වන විට මෙම අවිනිශ්චිත රැකියා කප්පාදුවේ ගොදුරු බවට පත්ව සිටිති.මෙම අර්බුදය හුදෙක් ආයතනික ගැටලුවක් ද නැතහොත් ගෝලීය තාක්ෂණික විපර්යාසයක ප්‍රතිඵලයක් ද? මේ ඒ පිළිබඳ ගැඹුරු විමසුමකි. බොහෝ IT ආයතන සේවකයින් ඉවත් කිරීමේදී ‘ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ’ ලියකියවිලිවලට බලහත්කාරයෙන් අත්සන් ලබා ගන්නා බවට චෝදනා…
ඕලුගල සර්ට අලුත් තනතුරක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා. පොලීසිය මේ බව දැනුම් දී තිබුණා. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර මෙම පත්වීම ලබාදී ඇති බව වාර්ත වනවා. Views: 88
පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට 2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය…
ළමුන්ට සමාජ මාධ්‍ය සීමා කරන්න රජයෙන් සැලසුම් වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවයි. වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු…
සජබ විරෝධය මැද පුද්ගලයක්ට පහරදුන් මන්ත්‍රී අත්අඩංගුවට හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන…
කවුරුවත් බලහත්කාරයෙන් රාජ්‍ය සේවයට අරගෙන නැහැ. ආවානම් වැඩකරන්න – නලින්ද රාජ්‍ය සේවකයින් බලහත්කාරයෙන් රාජ්‍ය සේවාවට ඇතුළු කර නොගත් බවත්, තම කැමැත්ත මත පමණක් රාජ්‍ය සේවයට ඇතුල් වීමට අවස්ථාව ලැබී ඇති බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (27) කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර…
පියතුමාට පහර දුන් තිදෙනෙක් පෙරට්ටුවේදී හඳුනාගෙන කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනාගෙන් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ, එම නිලධාරින් අද (29) ගම්පහ අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මේ වනවිට ඊට අදාළ නඩුව විභාග කෙරෙන බව වාර්තා වනවා. Views: 101











