Category Archives: Local

දිවුලපිටිය බස් රියදුරාට කඩුවක් අරන් චන්ඩිපාට් දාපු ‘පොශ්’ අක්කයි අයියයි රිමාන්ඩ්!

දිවුලපිටිය බස් රියදුරාට කඩුවක් අරන් චන්ඩිපාට් දාපු ‘පොශ්’ අක්කයි අයියයි රිමාන්ඩ්! දිවුලපිටිය නගරයේදී බස් රථ රියදුරෙකුට කඩුවකින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව ඇතුළු තිදෙනෙකු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දඩබ්බර ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් මෝටර් රථයක් බස් රථයට හරස් කර, අතිශය භයානක ආයුධයක් රැගෙන…

රජයේ රෝහල්වලින් හෙද 4,600කට ආසන්නයෙකු සේවය අත්හැරින් ගියේ යැයි සංගමය පවසයි

රජයේ රෝහල්වලින් හෙද 4,600කට ආසන්නයෙකු සේවය අත්හැරින් ගියේ යැයි සංගමය පවසයි රජයේ රෝහල්වල දැඩි රාජකාරි පීඩනය හේතුවෙන් හෙද නිලධාරීන් 4,600කට ආසන්න සංඛ්‍යාවක් සේවය අත්හැර ගොස් තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දැනුම් දී ඇත. සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදය හේතුකොට ගෙන විදේශගත වීමට අවස්ථා ලැබීමෙන් තවත් රැස්වීම් 2,000ක් පමණ හෙදයන් විදේශගත…

මිනින්දෝරු වෘත්තියේ අනාගතය තීරණය වන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොවේ – අගමැති

මිනින්දෝරු වෘත්තියේ අනාගතය තීරණය වන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොව, අවංකභාවය, වෙනස්කම්වලට අනුගත වීම, නවෝත්පාදනය සහ මහජන සේවය සඳහා ඇති කැපවීම මත බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. කොළඹදී පැවති ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ ශත සංවත්සර උත්සවයට එක්වෙමින් අගමැතිවරිය සඳහන් කළේ, මිනින්දෝරු වෘත්තිය රටේ තිරසාර සංවර්ධනය, ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම…

වංචනිකව අස්වැසුම ගත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම අහිමිවේ

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අනුව, අස්වැසුම් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මඟින් දීමනා ගෙවීම් දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් සිදු කෙරේ. 2023 සිට මෙම ක්‍රමය ආරම්භ වී ඇති අතර, දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු දැනට සිදු වෙමින් පවතී. 2023දී කාණ්ඩ 4කට යටත් ලක්ෂ 16කට ආසන්න පිරිසකට දීමනා…

මහා බැංකුවේ දුර්වල අධීක්ෂණය හා බිලියන 13.2 ක NDB මුදල් වංචාව

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ මූලස්ථානය වන මහා බැංකුව රටේ මුදල් ප්‍රතිපත්තිය, බැංකු පද්ධතියේ ස්ථායීත්වය සහ ජනතාවගේ විශ්වාසය රැකගැනීමේ අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරයි. එහෙත් NDB බැංකුවේ රු. බිලියන 13.2ක මහා වංචාව, මහා බැංකුවේ කාර්යභාරය පිළිබඳ දැඩි ප්‍රශ්න ගොඩනගා ඇත. මුලින් රු. මිලියන 380ක් ලෙස ඇස්තමේන්තු කළ පාඩුව දින 4කින් රු. බිලියන 13.2 දක්වා ඉහළ යාම,…

සාක්ෂි මියයන විට නඩුත් මියයයි

ඕනෑම අපරාධ නඩුවක සත්‍යය උසාවියට ඔප්පු වන්නේ කටකතා, දේශපාලන කතා හෝ සමාජ මාධ්‍ය චෝදනා මත නොවේ. එය ඔප්පු වන්නේ සාක්ෂි මතය. එම සාක්ෂි අතරින් ප්‍රධානතම දෙක වන්නේ භෞතික සාක්ෂි සහ ජීවමාන සාක්ෂිකරුවන්ය. නමුත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා නැවත නැවතත් දැකිය හැක්කේ, මහත් ආන්දෝලනාත්මක නඩු වලට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවන්, සැකකරුවන් හෝ තොරතුරු හෙළිකරන්නන් සැකකටයුතු ලෙස මියයාම,…

ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ මළසිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද (08) උදෑසන කොල්ලුපිටිය, පෙඩ්‍රිස් පෙදෙසේ පිහිටි ඔහුට අයත් නිවසකදී මියගොස් සිටියදී හමුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම මරණය සැකසහිත බවට සැලකිල්ලට ගෙන විමර්ශන ආරම්භ කර ඇති බවයි. වාර්තා වන ආකාරයට ඔහුගේ සිරුර නිවස තුළ එල්ලී සිටි අයුරින් සොයාගෙන ඇති අතර, මරණයට හේතුව…

ජාතික ජන බලවේගයේ අසාර්ථකත්වය හා රටේ දේශපාලන අනාගතය

ජාතික ජන බලවේගය අසාර්ථක වීම තුළ ඇතිවන තත්ත්වය, සරලව එක් දේශපාලන සන්ධානයක පරාජය පිළිබඳ කතාබහක් ලෙස සීමා කළ නොහැක. එය ශ්‍රී ලංකාවේ ජනතා මනෝභාවය, විශ්වාස පද්ධති සහ දේශපාලන සංස්කෘතිය තුළ ඇතිවිය හැකි වඩාත් දියුණු සමාජ ක්‍රම වෙනසක් පිළිබඳ ගැඹුරු බිඳවැටීමක් ලෙස අවබෝධ කරගත යුතු කරුණකි. මෙහි මූලික ප්‍රශ්නය වන්නේ, මෙවැනි බලවේගයක් අසාර්ථක වීම ජනතාව විසින්…

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි තනතුරට ආදි සිසුවියක් පත්වෙයි

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය හි නව විදුහල්පතිනිය ලෙස එම පාසලේම ආදි සිසුවියක් වන චතුරිකා අයන්තී කුමාරී රත්නායක මහත්මිය පත්වී ඇත. 1991 සිට 1999 දක්වා එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය, පසුව කොළඹ විශ්වවිද්‍යාලය තුළින් අධ්‍යාපනවේදී උපාධිය හිමි කරගෙන කාණ්ඩයේ ප්‍රථමයා ලෙස රන් පදක්කම් දෙකක් දිනාගත් අතර, අධ්‍යාපනපති උපාධියද සම්පූර්ණ කර තිබේ. 2007දී ගුරු වෘත්තිය ආරම්භ කළ…

කරන්දෙනියේ රාජුට ඇඟිල්ල දිගුවන ඝාතන 48 නම් ලැයිස්තුව…

ඉන්දියාවේ සිට පෙරේදා (18) මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජු නමැත්තා මිනිස් ඝාතන රැසකට සම්බන්ධ බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිසිය සඳහන් කළේ, ඔහු ‘කරන්දෙණියේ සුද්දා’ නමැති අපරාධකරුවාගේ සොහොයුරා බවයි. අකුරේගොඩ ප්‍රදේශයේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලබාගත් තොරතුරු අනුව, ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා…