Category Archives: Local

මාදැල් ධීවරයින්ගේ ගැටලුවට යහපාලන ආණ්ඩුව වගකියන්න ඕනේ – නියෝජ්‍ය ඇමති

WhatsApp Image 2026 02 10 at 11.22.35 AM 1

මාදැල් ධීවරයන් මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින්, ඒ පිළිබඳ අවසන් තීරණයක් ලබන 27 වැනිදා තෙක් ප්‍රකාශ කළ නොහැකි බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ධීවර අමාත්‍යාංශයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නඩු තීන්දුවෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට රජය සූදානම් බවයි. 2015 යහපාලන රජය…

රතු වරෙන්තු නිකුත් කර සිටි දෙන්නෙක්ට දින 90ක රැඳවුම් නියෝග

WhatsApp Image 2026 02 10 at 11.22.35 AM

මනිපායි ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට සම්බන්ධව ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මධ්‍යම අපරාධ කාර්යාංශය අවසර ලබාගෙන තිබෙනවා. 2016 වසරේ යාපනය, මනිපායි ප්‍රදේශයේ සිදුකළ ඝාතනයකින් පසු ඉන්දියාවට පලාගොස් සිටි මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබුණා. වසර කිහිපයකට පසු ඔවුන් මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී පොලිසිය විසින්…

ඇමති නලින්ද, කාරිට එරෙහිව අධිකරණයේ නඩු පවරයි

WhatsApp Image 2026 02 10 at 11.22.34 AM 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා යුටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙකු වන ධර්ම ශ්‍රී කාරියවසම් මහතාට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් සිය යූ ටියුබ් නාලිකාව හරහා “ජීවිත බිලිගත් ඉන්දීය බෙහෙතේ යටගිය කතාව, නගරාධිපති බැල්තසාර්ගේ නෑයා සහ…

අනුරගේ ඇමතුමෙන් පසු ඉන්දු- පාකිස්තාන තරඟය ස්ථීරයි

WhatsApp Image 2026 02 10 at 11.22.36 AM

ඉන්දියාව සහ පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ගත් තීරණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තූතිය පළ කර තිබෙනවා. සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරඟය වර්ජනය…

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි , තරුණයෙක් මරුට

WhatsApp Image 2026 02 10 at 11.22.34 AM

කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකදී 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (10) අලුයම අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැකකටයුතු වෑන් රථයක් නතර කරන ලෙස පොලිසිය කළ සංඥාව නොතකා එය මණ්ඩතිව් දෙසට වේගයෙන් ධාවනය කර ඇති බව පොලීසිය සඳහන් කළා. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය,…

විමල්ට සහ ස්වර්ණවාහිනියට එරෙහිව නලින්දගෙන් එන්තරවාසියක්

wimal

විමල්ට සහ ස්වර්ණවාහිනියට එරෙහිව නලින්දගෙන් එන්තරවාසියක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අයගෙන් හා ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි මුදල් ලබා දෙන ලෙස දන්වමින් එන්තරවාසියක් යැවීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කටයුතු කර තිබෙනවා. ඒ…

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ජය

foodbaslls

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ සයවැනි තරගය ලෙසින් ඊයේ (08) පැවැති ශ්‍රී ලංකා – අයර්ලන්ත කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අයර්ලන්තය ලකුණු 20කින් පරාජයට පත් කරමින්. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඇරඹුණු ඊයේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා. ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී…

නීතිඥවරයෙක්ට වසර 3ක සිරදඬුවම්

nn

අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු සම්බන්ධයෙන් ද්වේෂ සහගතව කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට වරදකරු කළ නීතිඥභාවය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. ඊට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හරින ලෙසත් එම නියෝගයේ සඳහන් වනවා. එම වග උත්තරකරුට…

මාලිගාවත්ත Liverpool ක්‍රීඩා සමාජය නැවත සක්‍රීය වෙයි

WhatsApp Image 2026 02 07 at 2.40.47 PM

දිගු කාලයක් නිෂ්ක්‍රීයව පැවති මාලිගාවත්ත Liverpool ක්‍රීඩා සමාජය නැවත සක්‍රීය කිරීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය 2026 පෙබරවාරි 4 වන දින “සුහාරා” ශාලාවේදී පැවැත්විණි. මෙහිදී මැද කොළඹ දරුවන් මත්ද්‍රව්‍යයෙන් මුදවා ගැනීමේ “මතින් තොර දරු පරපුරක්” වැඩසටහනේ ජේෂ්ඨ උපදේශක හා ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක අනුරාධ ජයසිංහ මහතා ආරාධිත දේශනයක් පවත්වමින්, තරුණ පරපුර සතුට ලබාගැනීමේ සෞඛ්‍ය සම්පන්න මාර්ගයන් පිළිබඳව අවධානය…

ලාල්කාන්තගේ ප්‍රකාශයට GMOA එකෙන් බැනුම්

WhatsApp Image 2026 02 07 at 1.48.02 PM 2

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (06) මහනුවරදී අදහස් පල කර තිබුණා. එහිදී ඔහු කියා සිටියේ, “රැළි ආවොත් මොකද වෙන්නේ? වෛද්‍යවරුන්ගේ රැල්ලත් වැල්ලේ වැදිලා වෙරළේ වැදිලා ආපහු යයි. මදි වගේද?” යනුවෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය…