අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වූ මස් කිලෝග්‍රෑම් 12,000 ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මුද්‍රා තබා තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1926 ට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම මස් තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මහජන සෞඛ්‍ය…
Category Archives: Local
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50…
හැටන් මාර්ගය ඔස්සේ මෙවර ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන්ට ඉඳිකටුපානින් ඉහළට කරුණා කිරීමේදී සිමාවන් පනවා තිබෙනවා. ඒ අනුව එහි පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් ඉඳිකටුපාන පොලිස් මුරපොළ අසළින් රත්නපුර මාර්ගයට ගොස් ඒ හරහා ශ්‍රී පාදස්ථාන උඩමළුවට පිවිසීමටයි අවස්ථාව සලසා තිබෙන්නේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව මේ බව තීරණය කොට ඇති බවයි නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර…
දුම්රිය වාර ප්‍රවේශපත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ දුම්රිය ධාවනය සීමා වූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල…
ගංවතුර හේතුවෙන් විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජාතික අවශ්‍යතාවක් සේ සලකා අදාළ සියලු ආයතන ඒ වෙනුවෙන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ගොවීන්ට කඩිනමින් වන්දි මුදල් ලබා දීමට සහ තාවකාලික පිළිසකර කිරීම් මගින් අවශ්‍ය වාරි…
පසුගියදා ඇති වූ සුළි සුළං සහ ගංවතුර ව්‍යසනවලින් පීඩාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට තාවකාලික ණය සහන සහ නව ණය සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සියලුම බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බලපෑමට ලක් වූ ණය ගැතියන්ට 2026 ජනවාරි 15 වන දින දක්වා සහන ඉල්ලා සිටිය හැකි අතර,…
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ විනාශය සම්බන්දව එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්ව තිබේ. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් තවත් නිවාස 76,066ක් අර්ධ හානි සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත. සම්පූර්ණ හානි වූ නිවාස අතුරින් වැඩිම…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා. මෙම ගුවන් යානය තුළ ජල පිරිසිදුකරන යන්ත්‍ර සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රාශියක් අඩංගු ඇසුරුම් 17 තිබුුුණු බවයි සඳහන් වන්නේ. මෙම ආධාර භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති Olivier Praz සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා මල්වතු මහා නා හිමියන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත විය. Views: 102











