Category Archives: Local

සියලූම බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දීමක්

template 34

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සේවා ස්ථානයන්ට පැමිණීමට අපහසු වී ඇති බන්ධනාගාර නිලධාරීන් වහාම ආසන්තම බන්ධනාගාරයට වාර්තා කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම්දෙයි. බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු සඳහා මේ වනවිට බාධා එල්ල වී ඇති බැවින් මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. Views: 92

ආපදාවන් නිසා පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස්, තවත් 34 දෙනෙක් අතුරුදන් – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

template 33

මෙරටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ සවිස්තර තත්ත්ව වාර්තාවක් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව ඊයේ (28) දිනයේ පස්වරු 6.00 දක්වා තොරතුරු දක්වා ඇති අතර, සිදවූ ආපදාවන් නිසා නොවැම්බර් 11 සිට ඊයේ දක්වා පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස්, තවත් 34 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි දැක්වෙන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 30…

වගකිව යුතු ආයතන හරහා නිකුත්වන, සත්‍ය තොරතුරු මත පමණක් පදනම්ව තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා – අගමැතිනිය

template 31

මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම දැනට පවතින ආපදා මට්ටම සම්බන්ධව අද Zoom තාක්ෂණය හරහා පැවැත්වුණු සාකච්ඡාවක් අමතමින් ‍අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා. අන් සියල්ලටම වඩා ජීවිත බේරා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කය බවත්, ජාතික ආපදාවකට…

ලංකාවෙන් 25% කට විදුලිය විසන්ධි වෙලා – විදුලි බල මණ්ඩලය

template 30

පවතින අයහපත් කාලගුණය නිසා සමස්ත රටෙහි 25% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර පවසනවා. නැගෙනහිර, මධ්‍යම හා උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් එම විදුලි විසන්ධිධිවීම් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ. පවතින කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බවයි…

රට පුරා ආපදා – මරණ 69 දක්වා ඉහළට – 34ක් අතුරුදන්

template 29

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත…

නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා

template 28

තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. Views: 120

උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

template 27

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි. එමෙන්ම පාසල් ආරම්භය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය. Views: 104

ආපදා හමුවේ පොලීසියේ නිවාඩු සහ දින විවේක අවලංගු කෙරේ

template Recovered

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එළඹෙන 30 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය. යම් නිලධාරියෙකුට පවතින ආපදා තත්ත්වය හමුවේ අනුයුක්ත කර ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි…