Author Archives: news_sandeep

කාලගුණ වාර්තාව…..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් වෙරළබඩ…

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිනයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ…..

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කරයි. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත්…

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස සුනිල් ජයරත්න පත් කෙරේ….

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස සුනිල් ජයරත්න මහතා පත්කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ ජයරත්න මහතා අද (04) කටුනායක ප්‍රධාන කාර්යාලයේදී මෙම නවතම ධුරයේ රාජකාරි ආරම්භ කළේය. සුනිල් ජයරත්න මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 37 වසරක කාලයක් සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස…

විදේශ ගමන් බලපත්‍ර ගැටලුව දෙසැම්බර් දක්වා?

විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර 500000 ක් මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත් මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අගභාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ…

ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ….

නොවැම්බර් මාසයේදී ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.05 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට මෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,474ක් වන පරණ මිල ගණන් යටතේම මෙම මාසයේදීත් අළෙවි කිරීමට නියමිත අතර ලෝක වෙළදපලේ එල්. ජී ගෑස් මිල ඉහළ යාමක්…

තානාපතිවරු, මහ කොමසාරිස්වරු නැවත කැඳවයි….

විදේශ තානාපති සේවය සඳහා දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 15 දෙනකුට වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් මේ බව දැනුම් දී තිබෙන බව ද සඳහන් වේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර නිත්‍ය නියෝජිත ලෙස…

පෙර නොවූ විරූ අගයකින් රත්‍රන් මිල ඉහළට….

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව, මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙට්ටිවීදිය ප්‍රදේශයේ කැරට් 24 රත්‍රන් මිල ගණන් රුපියල් 200,000 ඉක්මවා ගොස් ඇති අතර, කැරට් 22 රත්‍රන් මිලද රුපියල් 200,000 දක්වා ඉහළ…

පැය 12ක ජල කප්පාදුවක්…..

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (05) පස්වරු 6.00 සිට 06වැනිදා පෙ.ව 6 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ජා ඇල, කටුනායක, / සීදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීස සභා බල ප්‍රදේශ සහ ජා- ඇල, ගම්පහ ප්‍රාදේශීය…

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – ගම්පහ පොලිස් ස්ථානය….

2024.11.03 වන දින උදෑසන කාලයේ ගම්පහ පොලිස් වසමේ මිනුවන්ගොඩ මාර්ගයේදී ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 25 ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගම්පහ පොලිසිය…

තායිලන්තයේ ගුවන් තොටුපළ හයක මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය ක්‍රියාත්මකවෙයි….

තායිලන්තයේ ගුවන් තොටුපළ හයකට මගීන් ඇතුළු කිරීමට පහසුකම් සලසන නව මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය ඊයේ (03) දිනයේ ක්‍රියාත්මක විය. මෙම උසස් ජෛව පටිගත කිරීමේ තාක්ෂණය නොවැම්බර් 1 වන දින සිට, දේශීය මගීන්ටද දෙසැම්බර් 1 වන දින සිට ජාත්‍යන්තර සංචාරකයින්ටද භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන බව තායිලන්ත ගුවන් තොටුපළ අධිකාරියේ අධ්‍යක්ෂවරයා සදහන් කරයි. මෙම තාක්ෂණය භාවිතා කිරීමට, මගීන්…