Author Archives: news_sandeep

ඡන්ද කාඩ් බෙදන්න අද විශේෂ දිනයක්….

vote web 1 1

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සඳහා අද (03) දිනය විශේෂ දිනයක් ලෙස නම් කර ඇත. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට, ලබන 7 වනදා සිට තමන්ට ලිපි බෙදාහරින තැපැල් කාර්යාලයෙන් එවැනි පත්‍රිකා ලබා ගත හැකි වේ. පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ මිලඟ දිනය හෙට වේ. පසුගිය මාසයේ 30 සහ පෙරේදා…

සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක්…

vaccine webnew

සරම්ප සහ රුබෙල්ලා එන්නත් ප්‍රතිශක්තීකරණ සතියක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පවසන ලද්දේ, හෙට (04) දින සිට මෙම සතිය ක්‍රියාත්මක වන බවයි. සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ඇත. එමෙන්ම, විශේෂ එන්නත් සායන පැවැත්වීම සඳහා කටයුතු යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. Views:…

බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි….

rain webnew

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…

“දුන්හිඳ බස් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරේ…”

bus web

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගස්ඔය ප්‍රදේශයේ සිදු වූ බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) සිදු කිරීමට නියමිතය. මෙම අවසන් කටයුතු ඔවුන්ගේ කුරුණෑගල සහ නිවිතිගල නිවෙස්වලදී සිදු වේ. අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. එහි ප්‍රතිකාර ලබන සිසුන් සංඛ්‍යාව මේ වන…

නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් හය දෙනෙකු (06) මන්නාරමේදී නාවික හමුදා භාරයට….

sea web

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පන්ඩරවේලි මුහුදු ප්‍රදේශයේ ඊයේ දින (2024 නොවැම්බර් 01) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසීය විසි හතක (227) පමණ තොගයක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට…

ඊශ්‍රායලයෙන් ‘අයන් බීම්’ නමින් නව මිසයිල ආරක්ෂක පද්ධතියක්….

iron web

ඊශ්‍රායලය විසින් තම ගුවන් කලාපය ආරක්ෂා කිරීම වෙනුවෙන් නව මිසයිල ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කරමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ‘අයන් බීම්’ ලෙස නම්කර ඇති මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය වර්තමානයේ ඊශ්‍රායලය භාවිත කරන අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතියට වඩා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත බවයි වාර්තා වන්නේ. අධිබලැති ලේසර් කිරණ භාවිත කරමින් ප්‍රහාර එල්ල කළ හැකි මෙම…

බෙන් ස්ටොක්ස්ගේ නිවස සුද්ද කළ සොරා අල්ලයි…..

ben web

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ නිවසට ඇතුළු වී එහි තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගැනීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වයස අවුරුදු 32ක අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් පාකිස්ථානයේ සංචාරයක නිරතව සිටිය දී ඔහුගේ නිවසේ මෙම සොරකම සිදුව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයා සඳහන් කරන්නේ මෙම…

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු වර්ජනයක….

doctor web

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ එම රෝහලේ පිලිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්. කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට විසින් ඊයේ පස්වරුවේ ආරම්භ කර තිබෙනවා. වර්ජනය නියුතු වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීමට අදාළව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි . Views: 139

හිටපු ඇමති ලොහාන් බන්ධනාගාර රෝහලට….

lohan web 1

නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පෙරේදා අත්අඩංගුවට ගත් මොහු මිරිහාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කර මේ මස…

දේශපාලන හිතවත්කම් මත දූත මණ්ඩල සේවය සඳහා ගිය සියලු දෙනා නැවත ලංකාවට කැඳවයි…..

gota web

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලන්ඩනය, වොෂින්ටනය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අබුඩාවි වැනි රටවල විදේශීය දූත මණ්ඩල සේවාවන් සදහා දේශපාලන හිතවත්කම් මත තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ලෙස පත් කර යවන ලද දහසය දෙනෙකු යළි කැදවීමට විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය තීරණය කර ඇත. එසේම මෙසේ පත්වීම් ලැබූ තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ට…