Author Archives: news_sandeep

බ්‍රිතාන්‍යයේ බදු වැඩි වෙයි….

බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් සිය පළමු අයවැය යෝජනාවලිය ඊයේ (30) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි විශේෂත්වයවන්නේ වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමයි. සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඇය පසුගිය කොන්සවේටිව් පාලනයට චෝදනා කර සිටියේ රාජ්‍ය සේවය කඩා වැට්ටවීමේ වගකීම ඔවුන් බාරගත යුතු බවටයි. ඒ අනුව…

ශ්‍රී ලංකාව පළමු T10 තරගාවලියට පිඹුරුපත් අඳියි…

ශ්‍රී ලංකාවේ පළමු T10 තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව තුළ පළමු වරට T10 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළේ, මෙම තරගාවලිය දෙසැම්බර් මාසයේ අග භාගයේදී පැවැත්වීමට කටයුතු යොමු කරන බවයි. T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත බවත්,…

ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි….

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය. ට්‍රම්ප්, සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් ද සැරැසී කුණු ලොරිය පැදවූයේ, විස්කොන්සින් ජනපදයේ, ග්‍රීන් බේ නුවර, ඔස්ටි්‍රන් ස්ට්‍රවුබල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සිය ගුවන් යානයෙන් පැමිණීමෙන් පසුවය. ට්‍රම්ප්,…

එයාර් චයිනා ශ්‍රී ලංකාවට දිනපතා නව ගුවන් ගමනක් ආරම්භ කරයි….

චීනයේ ජාතික ගුවන් සේවය වන එයාර් චයිනා (Air China) 2023 ඔක්තෝබර් 27 වන දිනයේ සිට කොළඹට දිනපතා ගුවන් ගමනක් ආරම්භ කර ඇති බව නිවේදනය කරයි. මෙම ගමන සඳහා එයාර්බස් A320-neo යානා යොදා ඇති බව වාර්තා වෙයි. මෙම නව ගුවන් සේවාව, කොළඹ සහ චීනයේ ප්‍රධාන නගර අතර සහ අනෙකුත් ජාත්‍යන්තර ගමනාන්ත අතර සම්බන්ධතාව වඩාත් දියුණු කිරීමේ…

ක්‍රිකට් දූෂණ මර්ධනයේ මහ පුටුව සුමති ධර්මවර්ධනට….

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ ස්වාධීන සභාපති තනතුර සඳහා ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. වසර 14 ක් පුරා එම තනතුර හෙබවූ කීර්තිමත් පොලිස් නිලධාරියකුව සිටි ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් මහතා ඔක්තෝබර් මස 31 වැනිදා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර සඳහා ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන…

රෝහල්වලට යැවූ බෙහෙත් මාස දෙකක් තිස්සේ දුම්රිය වැගන්වල……

දුම්රිය වැගන් වල අධික උෂ්ණත්වය: ඖෂධ ගුණාත්මකභාවයට බරපතල අවදානමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක්, මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වයේදී දුම්රිය වැගන් වල රඳවා තැබීම හේතුවෙන් ගුණාත්මකභාවය අඩුවීමේ දැඩි අවදානමකට ලක්ව පැවතී තිබේ. මේ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. රෝහල්වලට බෙදාහැරීම…

තෙල් මිල පහළ යයිද?…

නොවැම්බර් මාසයට අදාළව මාසික මිල සූත්‍රයට අනුව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතයි. ගතවූ මාස 10 තුළ අවස්ථා තුනකදී ඉන්ධන මිල ගණන් ඉහළ ගිය අතර අවස්ථා 05 කදී ඉන්ධන මිල ගණන් පහළ ගියා. මාර්තු මාසයේ සහ අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවුණේ නැහැ. නව රජය පත්වීමත් සමග පළමුවරට සැප්තැම්බර් 30 වනදා මධ්‍යම රාත්‍රියේ…

ජෝ බයිඩන් මිනිත්තු 40 ක් පෝලිමේ සිට, සිය ඡන්දය ප්‍රකාශ කරයි….

ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ ගම්පළාත වන ඩෙලවෙයාර් ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයට ගොස්, මිනිත්තු 40 ක් පෝලිමේ සිටීමෙන් අනතුරුව සිය ඡන්දය ප්‍රකාශ කළ බව සදහන් වේ. ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, එයට පෙර ජනපද මට්ටමින් වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් වැසියන්ට අවස්ථාවක් ලැබෙන අතර ඒ අනුව බයිඩන්, ජනාධිපති ආරක්ෂක නිලධාරීන්ගේ…

ලොහාන් රත්වත්තේ මහනුවරදී අත්අඩංගුවට….

මිරිහාන ප්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ තිබී සොයාගත් සුදු පැහැති ලෙක්සස් වර්ගයේ මෝටර් රථයේ සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ඔහු මහනුවර ප්‍රදේශයේ රැඳී සිටියදීය. Views: 170

ස්පාඤ්ඤයේ ගංවතුරින් පුද්ගලයින් 95 දෙනෙකු මිය යයි….

ස්පාඤ්ඤයේ නැගෙනහිර ප්‍රදේශයේ Valencia සහ අවට ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් පසු ඇති වූ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසති. අඟහරුවාදා(29) ඇති වූ දැඩි කුණාටු හේතුවෙන් දකුණු හා නැගෙනහිර ස්පාඤ්ඤයේ ප්‍රදේශ හරහා ගංවතුර ඇති විය. සමාජ මාධ්‍යවල හුවමාරු වූ දර්ශනවල දැක්වෙන්නේ මඩ පැහැති ජලයෙන් වාහන පාරවල් දිගේ ගසාගෙන යන ආකාරයයි….