මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්කරන පරිදි , අද (29) පෙරවරුවේ කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් දකුණු පයාගල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර අදාළ දුම්රිය වෙනත් දුම්රිය එංජිමක් මඟින් කොළඹ කොටුව වෙත ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගාල්ල සිට කොළඹ…
Author Archives: news_sandeep
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරුමැදසහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත…
යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ දින (2024 ඔක්තෝබර් 27) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, ඊයේ දින (2024 ඔක්තෝබර් 27) මෙරට මුහුදු…
යාල් දේවී හා රජරට රැජින දුම්රියන් ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමෙන් මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රියන් මෙලෙස යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ…
කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාළයේදී මුදල් ඔට්ටු මත ත්‍රී රෝද රථවලින් රේස් පැද්ද පිරිසක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල පොලීසියට ලද තොරතුරක් මත අද (28) අලුයම ත්‍රී රෝද රථ 09ක් සහ රියදුරන් 09 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. රියදුරන් අවුරුදු 18ත් 22ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ,…
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවරට අප්‍රිකානු සූකර උණ රෝගය වාර්තා වීම හේතුවෙන්, ඌරන් ප්‍රවාහනය සිදුකරන්නේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය කාලයේදී, ගම්පහ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වී තිබුණා. ඒ අනුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා. පරීක්ෂණවලින්…
ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අංශයේ ශූරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත්වූ අතර, පන්චාලි අධිකාරි කාන්තා විවෘත ඒකල ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය. Views: 194
2024 වසරේ බොහෝ දෙනා බලා සිටි මිස්ටර් ට්‍රිනිටි තරගාවලිය ඔක්තෝබර් 18 වන දින ත්‍රිත්ව පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. 1985 දී ආරම්භ වූ මෙම අතිශය කීර්තිමත් ඉසව්ව තවමත් තරුණ ක්‍රීඩකයින්ගේ ඉවසීම, ශක්තිය සහ විනය ඉස්මතු කරමින් පාසල් දින දර්ශනයේ වඩාත්ම සුවිශේෂී අවස්ථාවක් ලෙස පවතී. මිස්ටර් ට්‍රිනිටි තරගාවලියේ වැදගත් අංගයක් වන බර ඉසිලීමේ තරගය ඔක්තෝබර් 14 වන…
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනේ. එමෙන්ම මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000කට අධිකය. මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත…
ඊයේ (27) ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක් දැවී 133ක් ලකුණු රැස් කරමිනුයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සියලු පන්දුවාර අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා….











