Author Archives: news_sandeep

දඹුල්ල නගරයේ සංචාරක ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

dabulla 1

දඹුල්ල නගරයේ සංචාරකයින් ගැවසෙන ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි. පෙරේදා (ඔක්. 23) සිට මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති අතර දඹුල්ල ආශ්‍රිතව ඇති හෝටල්වලට විදේශ ජාතිකයන් හයසියයක් පමණ සංචාරය සඳහා පැමිණ ඇති බව ත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත. විදේශිකයන් සංචාරයේ යෙදෙන…

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය 12,500 සීමාව පසුකරයි

kotas

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 12,500 සීමාව පසුකරමින් ඒකක 12,517.58ක් ලෙස සටහන් වී තිබේ. ඒ අනුව මෙම ඉහළ නැංවීම සමඟින් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 4.752ක් බවට පත්විය. මෙම ඉහළ මිල දර්ශකය සමඟ, කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය වැඩිවී ඇති අතර, ආයෝජකයින්ගේ දැඩි අවධානයක් ඒ සඳහා යොමුව තිබෙන බවයි කොටස් වෙළඳපොල සඳහන් කර…

සංගණන නිලධාරීන්ට තොරතුරු දෙන්න බයවෙන්න එපා

jana web

2024 දෙසැම්බර් 19 ‘සංගණන දිනය’ ට සමගාමීව  තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ මෙම තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් රටපුරා සෑම සංගණන ඒකකයකට ම සංගණන නිලධාරීන් පැමිණ තොරතුරු රැස් කරනු ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය පවසයි. මෙම ප්‍රකාශය ඇය සිදු කළේ, පෙරේදා (ඔක්. 23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය….

ලංකාවේ සෞඛ්‍ය සේවාව කලාපයේ රටවල් අතරින් ඉහලින්ම

health web

කලාපයේ ඉහළම සෞඛ්‍ය සේවාව පවතින රට රටවල් 11 කින් ඉහළම රට වන බැවින් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම අරමුණ බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167ක මුල්‍ය ප්‍රදානයන් මත නවීන පහසුකම් සහිත මාතර හෙද විද්‍යාලයේ (නිල්වලා හෙද පාසල) හෙද අධ්‍යාපනය සඳහා මහල් හතරකින් යුත් පරිපූර්ණ දේශන ශාලා සංකීර්ණය…

Emerging Teams Asia Cup: ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි

crick

ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි අද (25) පැවති අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

‘ආරක්ෂාව තහවුරුයි’ – සංචාරකයන්ට දැනුම්දේ…

template one

එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයන්ට ආරාධනය කරන බවත් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ම සංචාරකයන්ට ආරක්ෂා සහිතව මෙරට සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ම…

ප්‍රහාර තොරතුර හංගා ගෙන හිටියේ ඇයි? ඩලස්ගෙන් ආණ්ඩුවට චෝදනා

dalas

ආරුගම්බේ සංචාරක කලාප වෙත ප්‍රහාරයක් එල්ල වන බවට රජය දැනුවත් වී සිටියා නම් ආරක්ෂක අංශ හා බුද්ධි සේවා අනතුරු ඇඟවීම් සමාජගත නොකළේ ඇයි දැයි ගැටලුසහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (ඔක්. 24) පැවසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් සිදු වූයේ ද? මෙවැනි ම දෙයක් බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේ ය. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්…

නොසිතු මොහොතක ජිවිත දෙකක් දුම්රියේ ගැටේ

train 3

හබරාදුව පොලිස් වසමේ මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරු පැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ඊයේ (24) ගැටී තිබෙනවා. එම අනතුරින් යතුරු පැදියේ පසු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කරනවා මරණකරු වයස අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ…

ඇල්පිටිය පුංචි ඡන්දයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන සිට

alpitiya

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට (26) දින පැවැත්වීමට නියමිතයි. අදාල ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය අද(25) උදෑසන ආරම්භ වනවා. ජන්ද විමසීම සදහා රාජ්‍ය නිලධාරීන් 600 දෙනෙකු සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 500 දෙනෙකු යෙදවීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සදහන් කළේය. Views: 159

අද දිවයිනේ ඇතැම් ස්ථානවලට මී.මී. 75ට වැඩි වැසි ඇති වෙයි

rain 3

අද දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බවයි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල…