යාපනය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අධි ආරක්‍ෂිත කලාපයකදී 2011.12.10 වන දින අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැත්වෙන හබයාස් කෝපුස් පරීක්ෂණය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්ෂි ලබාදීමට සූදානම් බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා හෙළි කළේය. ගෝඨාභය රාජපක්ෂ…
Author Archives: news_sandeep
බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, සහ උතුරු පළාත්වලට සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ, සහ උතුරු පළාත්වල කිහිපයක් තුළ මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින්…
පවතින පොල් මිල මඟින් පාරිභෝගිකයින් මුහුණ දෙන දුෂ්කරතා වලට සහනයක් සපයන ලෙස, ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර ඇත. අද (23) පළමු අදියර ලෙස, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරන බව සඳහන් වේ. මෙම වැඩසටහන යටතේ පොල් ගෙඩියක් රුපියල් 100 සිට 120…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹට ඇතුළු වන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බව පොලීසිය පවසයි. මෙම තදබදය බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල ප්‍රදේශවල විශේෂයෙන්ම දැක්වෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. Views: 208
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (ඔක්. 23) මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමට හේතුව, කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ සොයාගත් BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමයි. මෙරටදී එකලස් කළ මෙම මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූ බවට තොරතුරු ඇති බව සඳහන් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා…
කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අනතුරු ඇඟවීමේ දැනුම්දීමේදී සඳහන් වන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බවයි. Views: 204
දිගු කාලයක් ගතවුවද භාර ගැනීමට හිමිකරුවන් නොපැමිණි කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගබඩාව තුළ තිබූ ගුවන් තැපැල් පාර්සල් හතරක් රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී රුපියල් අට කෝටි පනස් ලක්ෂක් පමණ වටිනා, අයිස් කිලෝග්‍රෑම් හතක් ඇතුළුව විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. එම පාර්සල්වල සදහන් ලිපිනයන් සොයාබැලූ විට ඒවා ව්‍යාජ බව තහවුරු…
අද (ඔක්තෝබර් 23) අලුයම 3:00ට පමණ, කැලණිය විශ්වවිද්‍යාලයේ සි.ඩබ්.ඩබ්. කන්නන්ගර නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් ඇද වැටීමකින් සිසුවෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් වු, වාණිජ හා කළමනාකරණ පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකි. මෘත ශරීරය කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර, මෙම අනතුර පිළිබඳ කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි….
සහල් පාලන මිල පිළිබඳව ජනපති කියපු දේ….. සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ඔක්. 22) පැවැති සාකච්ඡාවේදී ය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. ජනාධිපති…
පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු විමර්ශන මාස තුනකින් අවසන් කළ ඒ. එන්.ජේ අල්විස් කමිටුවේ වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති . උන්වහන්සේ ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයා පත් කළ එම කමිටුව ජනාධිපතිවරණයට පෙර එම වාර්තාව ලබා දීමට සියලු විමර්ශන කටයුතු මාස තුනක් තුළ අවසන් කිරීමෙන් ඔවුන්ට පැවති හදිසිය හා උනන්දුව…











