Author Archives: news_sandeep

මෙරට පිළිකා රෝගීන් ගණන සීග්‍රයෙන් ඉහළට

සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනේ. එමෙන්ම මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000කට අධිකය. මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත…

ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ජය ගනී

ඊයේ (27) ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක් දැවී 133ක් ලකුණු රැස් කරමිනුයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සියලු පන්දුවාර අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා….

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට පියවර

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ඊයේ (27) පස්වරුවේ බද්දේගම පැවති ජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරන වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ හා පනත් සංශෝධන කිරීමට පියවර ගන්නා බවයි. “අපි ජයග්‍රහණය කරලා දැන් මාසෙකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. දැන් එයාලා කියපුවාට මොකද…

ජංගම පොල් අලෙවි රථ සේවාව අද නාරාහේන්පිටට

පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන පරිදි නාරාහේන්පිට කම්කරු කාර්යාල පරිශ්‍රයේ දී සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද (28) දින පැවත්වීමට කටයුතු කර තිබෙනවා. පෙරවරු 9.00 සිට විවෘතවන පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව මගින්, පැමිණෙන පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5 බැගින් අලෙවි කරන බවත්, ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10…

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අදත් ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් වෙනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව සඳහන්. දිවයිනේ සෙසු…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය..

ජාතික ජන බලවේගය  ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 17,295 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 15 සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 7,924  හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 06 ශ්‍රී.ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 3,597 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 03 පොදුජන එක්සත් පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 2,612 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව –…

මැලේසියාවේ සිට මත්ද්‍රව්‍ය රැගෙන ආ සැකකරුවෙකු සහ ඊට අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට…

කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්ත පරිශ්‍රයේදී ඊයේ (26) පෙවරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05 ග්‍රෑම 26ක් මැලේසියාවේ සිට ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු රැගෙන යාමට කාර් රථයකින් පැමිණි සැකකරුවෙකු හා සැකකාරියක් ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාර් රථයද…

දවසේ කාලගුණය…..

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත්කරමින් පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

ඇල්පිටියේ ඡන්ද ගනන් කිරීම ඇරඹේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණනය කිරීම් සිදුකෙරෙන බවයි. ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමී බවද ඔහු සඳහන් කළා. “අද පස්වරු 3 පමණ වනවිට නියමිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 51%ක ප්‍රමාණයක් ඡන්දය භාවිත කර තිබුණා. අද පස්වරු 4:30ට…

මන්දපෝෂණයෙන් මුල් තැන ගම්පහට…

වයස අවුරුදු 5ට අඩු දරුවන් 25369ක් මධ්‍යස්ථ තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙයි. එමෙන්ම උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 10,323 දෙනකු සිටින බවද එම කාර්යාංශය පෙන්වා දෙයි. පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2024 වසරේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම දරුවන්ගෙන් වැඩිම දරුවන් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථ තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන…