Author Archives: news_sandeep

බැකෝ යන්ත්‍රයේ දෙදරීමට කඩා වැටුණු පානදුරේ බිල්ඩින්..

baco web

බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන්  කානු පද්ධතිය සකස් කරමින් තිබියදී පානදුර නගරයේ ජනාකීර්ණ වීදියක් වන ජනප්‍රිය මාවතේ  ශල්‍යාගාරයක්, රෙදි පිළි වෙළඳසැලක් ඇතුළු තවත් වෙළඳසැල් කිහිපයක් පිහිටා තිබූ දෙමහල් ගොඩනැගිලි කිහිපයක් හදිස්සියේ කඩා වැටී තිබේ. මේ අනතුර සිදුවන අවස්ථාවේ වෙළදසැල් දෙකක් විවෘතව තිබුණද කිසිදු කෙනෙකුට තුවාල සිදුවී නොමැති අතර  ප්‍රදේශවාසීන් පවසන්නේ බැකෝ යන්ත්‍රය තුළින් ඇතිවූ දෙදරීම මීට බලපාන්නට…

කොටස් වෙළඳපොළේ දෛනික පිරවැටුම බිලියන 7 ඉක්මවයි…

stock web

ඊයේ (30) කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7 ඉක්මවා, මේ වසරේ දෙවන ඉහළම පිරිවැටුම වාර්තා කළේ ය. දිනය අවසාන වන විට, සියලු කොටස් මිල දර්ශකය ඒකක 241.98කින් ඉහළ ගොස්, ඒකක 12,770.58ක් ලෙස සටහන්ව තිබුණි. එස්.ඇන්ඩ්.පී ටුවෙන්ටි දර්ශකයද ඒකක 8.59කින් ඉහළ ගොස්, ඒකක 3864.32ක් ලෙස ප්‍රකාශ විය. Views: 218

බිත්තර මිල පහළට…

egg web

මේ දිනවල බිත්තර අතිරික්තයක් පවතින බවත් බිත්තර මිළෙහි පහත බැසීමක් සිදුවී ඇති බවත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා ඇති අතර බිත්තරයක තොග මිල රුපියල් 30ත් 31ත් අතර මිලට සහ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 34 – 35 වැනි මිලකට පවතින බවද එතුමන් තවදුරටත් පවසා ඇති බව සදහන් වේ. Views: 169

දීපවාලි දිනය අදයි….

diwali web

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට (31) යෙදී තිබෙනවා. විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් අද(31) දීපවාලි දිනය සමරනවා. ලෝකවාසි හින්දු බැතිමතුන් පහන් දල්වා ආලෝක පූජා පවත්වා කෝවිල්වලට ගොස් ආගමික වතාවත්වල නිරතවීම දීපවාලි දිනයේ සිදු කරනු ලබනවා. විශේෂයෙන් අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් පූජා, අලෝක…

රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි…

navy web

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ (30) වන දින වැඩ භාර ගන්නා ලදී. තවද එතුමා මින් පෙර අධ්‍යක්ෂ ජනරාල් පුහුණුකරු ලෙස සේවය කර ඇති බවද සදහන් වේ. මීට පෙර අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් ලෙස කටයුතු කල රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් මහතා විසින් රියර් අද්මිරාල් ලියනගමගේ…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

rain web 1

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන…

“උසස් පෙළ විභාගය කල් දාන කතා බොරු”: විභාග කොමසාරිස් ජනරාල්…

exam 2

2024 උසස් පෙළ විභාගය කල් දැමීමට නොමැති බව සහතික කරන අතර, අසත්‍ය පුවත් වලට හසු නොවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විභාග අපේක්ෂකයන්ට දැඩි අවධානයෙන් ඉල්ලා සිටී. විභාග කාලසටහන, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ පමණක් බලාපොරොත්තු විය යුතුයැයි ඔහු අවධාරණය කළේ ය. මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා…

අපි ණය අරන් නෑ, මුදල් අච්චු ගැහුවෙත් නෑ…

money web

වත්මන් ආණ්ඩුව පත් වු පසු කිසිදු රටකින් ණය ගැනීමක් හෝ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු නොවු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කිරීමට අවසර නොමැති බව හා තමාද නව ජනාධිපතිවරයාගේ…

වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයා ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක රොඩ්‍රි…

football web new

වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බලෝන් ඩෝර් (Ballon d’Or) සම්මානය මැන්චෙස්ටර් සිටි සහ ස්පාඤ්ඤ කණ්ඩායම්වල මැද පෙළ ක්‍රීඩක රොඩ්‍රි පළමු වරට දිනා ගත්තේ ය. පසුගිය තරග වාරෙය් ක්‍රීඩා සමාජය සහ රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරගවලින් එක් තරගයකදී පමණක් පරාජය අත්විඳි මෙම 28 හැවිරිදි ක්‍රීඩකයා ජූලි මාසයේදී යූරෝ 2024 තරගාවලියේදී ස්පාඤ්ඤය ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු…

අනවසරයෙන් මෙරට රැඳී විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට…

police new fb 1

සීදුව – අමන්දොළුව ප්‍රදේශයේ නිවසක සිටි ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව අනවසරයෙන් මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයින් 06 දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීමක් සිදු කර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18, 23, 26, 39 හා 43 වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයන් බවයි පොලිසිය…