Author Archives: news_sandeep

හිටපු ඇමති ලොහාන් බන්ධනාගාර රෝහලට….

නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පෙරේදා අත්අඩංගුවට ගත් මොහු මිරිහාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කර මේ මස…

දේශපාලන හිතවත්කම් මත දූත මණ්ඩල සේවය සඳහා ගිය සියලු දෙනා නැවත ලංකාවට කැඳවයි…..

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලන්ඩනය, වොෂින්ටනය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අබුඩාවි වැනි රටවල විදේශීය දූත මණ්ඩල සේවාවන් සදහා දේශපාලන හිතවත්කම් මත තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ලෙස පත් කර යවන ලද දහසය දෙනෙකු යළි කැදවීමට විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය තීරණය කර ඇත. එසේම මෙසේ පත්වීම් ලැබූ තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ට…

හිටපු මන්ත්‍රීවරයෙකුට අයත්යැයි සැකකෙරෙන තවත් සුඛෝපභෝගී ජීප් රථයක් කොට්ටාවෙන් සොයාගැනේ…

කොට්ටාව – ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති මෙම සුඛෝපභෝගී ජීප් රථය නුගේගොඩ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් බවට සැකකෙරෙන අතර මෙම ජීප් රථය සොය ගන්නා අවස්ථාවේ දී එහි ලියාපදිංචි අංක තහඩුව තිබී නොමැති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සදහා එය කොට්ටාව පොලිසියට භාර දී තිබෙනවා. Views: 161

දිවයිනේ බොහෝ ස්ථානවලට අදත් මි.මී. 100 ඉක්මවූ තද වැසි….

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද…

ගෝලීය වෘත්තිකයන් සඳහා වන ශිෂ්‍යත්වයෙන් මෙම වසරේ ශ්‍රී ලංකාව ඉවතට…

ස්විඩන් ආයතනය විසින් ගෝලීය වශයෙන් ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අඩු හා මධ්‍යම ආදායම් සහිත රටවල දක්ෂ වෘත්තිකයන් වෙත අධ්‍යාපන වියදම්, ජීවන වියදම්, රක්ෂණ සහ ගමන් වියදම් ඇතුළු ප්‍රධාන වියදම් ආවරණය කරමින් ප්‍රධානය කරනු ලබන ප්‍රධාන ශිෂ්‍යත්වයක් වන “ගෝලීය වෘත්තිකයන් සඳහා වන ශිෂ්‍යත්වයට” මින් පෙර ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබුනද 2025 වසරේ එම ලැයිස්තුවෙන් ශ්‍රී…

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ දිවයිනට…

ශ්‍රී ලංකා සමග ටෙස්ට් තරග දෙකකට සහ එක් එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණිමට නියමිතයි. ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව ටෙස්ට් තරග දෙක ක්‍රියාත්මකවන අතර, පළමු තරගය ජනවාරි මස 29 වැනිදා ගාල්ලේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. දෙවැනි ටෙස්ට් තරගය ද ගාල්ලේදීම පැවැත්වීමට නියමිත අතර එම තරගය ආරම්භ වන්නේ පෙබරවාරි…

ඉන්ධන මිල පහතට…….

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහත බැස තිබෙනවා. එහි නව මිල වන්නේ ලීටරයක් රුපියල් 371ක් ලෙසයි. සුපර් ඩීසල් මිල ද රුපියල් 06කින් පහත වැටී තිබෙනවා. මේ අතර සිපෙට්කෝ මිලට සාපේක්ෂව සයිනොපෙක් ඉන්ධන…

ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීම්……

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලවෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. මධ්‍යම,…

අතහැර දමා ගිය තවත් සුඛෝපභෝගී රථයක් මහනුවර ප්‍රදේශයේදී පොලිස් භාරයට….

ඊයේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකින් ලද තොරතුරු වලට අනුව මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකීර්ණයේ නිවසක් අසල අතහැර දමා ගොස් තිබූ සුපෝපභෝගී ජීප් රථයක් පොලිස් භාරයට ගෙන ඇත. තෙල්දෙණිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන අතර එහිදී තවදුරටත් අනාවරණය වූයේ අදාළ රථයේ අංකයට ම ලියාපදිංචි වූ තවත් රථයක් වත්තේගම ප්‍රදේශයේ…

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍රය සඳහා දිගු පෝලිම්….

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා දිවයිනේ දුර බැහැරින් පැමිණි පිරිස් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල ඊයේ රාත්‍රියේ සිට රැදී සිටින බව සදහන් වන අතර ඊයේ රජයේ නිවාඩු දිනයක් බැවින් පැමිණි පිරිස් මුලික සනීපාරක්ෂක පහසුකමක් හෝ නොමැතිව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය අය පමණක් ඉල්ලීම් කිරීමට කටයුතු කරන ලෙස රජය…