කොට්ටාව – ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති මෙම සුඛෝපභෝගී ජීප් රථය නුගේගොඩ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් බවට සැකකෙරෙන අතර මෙම ජීප් රථය සොය ගන්නා අවස්ථාවේ දී එහි ලියාපදිංචි අංක තහඩුව තිබී නොමැති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සදහා එය කොට්ටාව පොලිසියට භාර දී තිබෙනවා. Views: 137
Author Archives: news_sandeep
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද…
ස්විඩන් ආයතනය විසින් ගෝලීය වශයෙන් ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අඩු හා මධ්‍යම ආදායම් සහිත රටවල දක්ෂ වෘත්තිකයන් වෙත අධ්‍යාපන වියදම්, ජීවන වියදම්, රක්ෂණ සහ ගමන් වියදම් ඇතුළු ප්‍රධාන වියදම් ආවරණය කරමින් ප්‍රධානය කරනු ලබන ප්‍රධාන ශිෂ්‍යත්වයක් වන “ගෝලීය වෘත්තිකයන් සඳහා වන ශිෂ්‍යත්වයට” මින් පෙර ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබුනද 2025 වසරේ එම ලැයිස්තුවෙන් ශ්‍රී…
ශ්‍රී ලංකා සමග ටෙස්ට් තරග දෙකකට සහ එක් එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණිමට නියමිතයි. ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව ටෙස්ට් තරග දෙක ක්‍රියාත්මකවන අතර, පළමු තරගය ජනවාරි මස 29 වැනිදා ගාල්ලේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. දෙවැනි ටෙස්ට් තරගය ද ගාල්ලේදීම පැවැත්වීමට නියමිත අතර එම තරගය ආරම්භ වන්නේ පෙබරවාරි…
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහත බැස තිබෙනවා. එහි නව මිල වන්නේ ලීටරයක් රුපියල් 371ක් ලෙසයි. සුපර් ඩීසල් මිල ද රුපියල් 06කින් පහත වැටී තිබෙනවා. මේ අතර සිපෙට්කෝ මිලට සාපේක්ෂව සයිනොපෙක් ඉන්ධන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලවෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. මධ්‍යම,…
ඊයේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකින් ලද තොරතුරු වලට අනුව මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකීර්ණයේ නිවසක් අසල අතහැර දමා ගොස් තිබූ සුපෝපභෝගී ජීප් රථයක් පොලිස් භාරයට ගෙන ඇත. තෙල්දෙණිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන අතර එහිදී තවදුරටත් අනාවරණය වූයේ අදාළ රථයේ අංකයට ම ලියාපදිංචි වූ තවත් රථයක් වත්තේගම ප්‍රදේශයේ…
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා දිවයිනේ දුර බැහැරින් පැමිණි පිරිස් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල ඊයේ රාත්‍රියේ සිට රැදී සිටින බව සදහන් වන අතර ඊයේ රජයේ නිවාඩු දිනයක් බැවින් පැමිණි පිරිස් මුලික සනීපාරක්ෂක පහසුකමක් හෝ නොමැතිව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය අය පමණක් ඉල්ලීම් කිරීමට කටයුතු කරන ලෙස රජය…
මෙම වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503.0 ක විදෙස් ණය සේවා ගෙවීම් සිදුකර ඇති බව වාර්තා වේ. එහිදී ඩොලර් මිලියන 275.1ක් මූලික ණය ආපසු ගෙවීම් හා ඩොලර් මිලියන 227.9 ක් පොලී ගෙවීම් ලෙසත් සටහන්ව ඇත. 2024 ජුනි මස අවසන් වන විට රජයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර්…
චීන එයාර් වයිට් වේල් සමාගම මෑතකදී එහි මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන W5000 එළිදක්වා ඇති අතර එය භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට එක්වීමෙන් පසු ටොන් පහක භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවක් සහිත ලොව විශාලතම ඩ්‍රෝන යානය ලෙස සැලකිය හැක. ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ක්ෂෙත්‍රයේ ප්‍රබල පරිවර්තනයක් සමඟින් දියත් කරන ලද මෙම දැවැන්ත ඩ්‍රෝනය කාර්යක්ෂමතාව, දැරිය හැකි මිලක් සහිත…











