අල්ලස් ගත් රේගු නිලධාරීන් සිව් දෙනෙකු බරපතල වැඩ සහිත වසර තිස් පහක සිරදඬුවමකට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට අමතර කොටස් සපයන සමාගමකින් රුපියල් මිලියන 125 ක අල්ලස් මුදලක් ලබා ගත් අදාළ නිලධාරීන් 4 දෙනෙකු විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. තමන් ආනයනය කළ අමතර කොටස් මුදා හැරීම…
Author Archives: news_sandeep
අමෙරිකාවේ 47 වන ජනාධිපති තෝරා ගැනීමේ සටනින් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා තිබේ. ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් හට දිනා ගැනීමට හැකිව ඇත්තේ ආසන 224ක් පමණි. ජනාධිපතිවරණ සටනේ ඉතාමත්…
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහේස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබෙනවා. ඒ අනුව නීතිපතිගේ උපදෙස් අනුව එම නඩුව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ. 2019 වසරේ මැයි 25 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කාන්තාවන්ට වඳ සැත්කම් කළැයි…
ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් වාහන 863ක් තිබෙන බව ත් එසේ සැප විඳිමින් දේශපාලකයන් පමණක් රටකට විශේෂ පුද්ගලයන් නොවිය යුතු බව ත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. නීතිය සැමට එක සමාන විට යුතු බව පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයෙකුට හෝ කිසි ම දේශපාලනඥයෙකුට තමන්ට රිසි සේ මහජන මුදල් නාස්ති කිරීමට ඉඩ නොතැබිය යුතු බව ත් ඊට…
මැගසින් බන්ධනාගාරගත රැඳවූවකුගේ ඥාතියකුට අයත් බව කියන ජංගම දුරකතන අලෙවිසලකින් ජංගම දුරකතන 10ක් ලබා ගෙන ඉන් දුරකතන හයක් අදාළ රැඳවූවාට ලබා දී ඔහුගේ ඥාතීන් සමග ද දුරකතනයෙන් සබඳතා පැවැත්වූ බව කියන මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ හා එහි ගබඩා භාරකාර නියාමකවරයකුගේ සේවය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (නොවැ. 5) සිට අත්හිටුවා තිබේ….
අම්පාර ප්‍රදේශයේ පදිංචි ජී. පුංචිනෝනා නැමැති කාන්තාවකට රැකියාවක් ලබා දෙන බවට පවසමින් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට හට කොළඹ මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවම අද (05) අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලදී. ශාන්ත ප්‍රේමරත්න මහතා විසින් තමන් නිදොස් කරන ලෙස ඉදිරිපත්…
ඊයේ (05) සවස් කාලයේ සිට දෙහිවල ඇල මාර්ගයක ජලය රතු පැහැ වී තිබූ බවට වාර්තා වේ. රාත්‍රී කාලය වන තුරුම මෙම තත්ත්වය පහව ගොස් නොමැති අතර මෙම ජලය නැදිමාල අත්තන්ඩිය ඇළටද සම්බන්ධ වන බව තවදුරටත් සඳහන් වේ . මෙම අප ජලය මුහුදට එක් වන අතර මෙය පාරිසරිකව විශාල ගැටලුකාරී තත්ත්වයකි. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියට…
සිටි බැංකුවේ හිටපු අධ්‍යක්ෂ / ව්‍යාපාර ප්‍රධානී කාවින්ද ද සොයිසා මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කෙරේ. Views: 177
2024.11.04 වන දින දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ ගුවන්තොටුපල හන්දිය ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. Views: 153
කැනඩාවේ පිහිටි හින්දු කෝවිලකට හිතාමතාම ප්‍රහාරයක් එල්ල කිරීම දැඩි ලෙස හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් බිය ගැන්වීමේ “බියගුලු උත්සාහයන්” පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බව ද ඔහු තවදුරටත් පවසා තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, කැනඩාව යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු ඇතැයි ඉන්දියාව…











