Category Archives: Uncategorized

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු 17 වෙනිදා දක්වා රිමාන්ඩ් …….……

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ අනුව සැකකරු මාර්තු 14 වන ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත. Views: 157

පොදු ප්‍රවාහනයට තමන්ගේ අත්දැකීම්වලින් දායකත්වය ලබාදෙන්න සූදානම් බව ජගත් විතාන මහතා පවසයි …….……

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා යාන වාහන වැටුප් ලබා ගැනීමකින් තොරව තමන්ගේ අත්දැකීම් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය​ට ලබාදීම සඳහා සූදානම් බවත් තමන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ආරාධනාව පිළිගන්නා බවත් පවසා ඇත. එමෙන්ම ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා බවත් තමන්ට පෞද්ගලික ඉලක්ක නොමැති බවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා…

Al Jazeera සංවාදයකදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍යවේදියා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වේ…….……

මාර්තු 06 වන ඊයෙ දින Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී ඇත. එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධන​ය කළ ආකාර​ය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම පිළිබඳ…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අනිද්දා ඇරඹේ……

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ”‍ක්ලීන් ශ්‍රී ලංකා”‍ වැඩසටහන අනිද්දා (01) ආරම්භ කිරීමට නියමිතයි. මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ”‍ක්ලීන් ශ්‍රී ලංකා”‍ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගියදා ස්ථාපිත කරනු ලැබුවා. ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට මෙහෙමත් පත්‍රිකාව ගන්න පුළුවන්…..

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු පසුගිය 07 වනදා අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම ‍බෙදාදීම් සිදු වුවත් 550,000 ක් නිල ඡන්ද පත්‍රිකා භාරගෙන නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14…

මුදල් ඔට්ටුවට ත්‍රීවිල් රේස් පැද්ද තරුණයින්ට වැඩ වරදි..

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාළයේදී මුදල් ඔට්ටු මත ත්‍රී රෝද රථවලින් රේස් පැද්ද පිරිසක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල පොලීසියට ලද තොරතුරක් මත අද (28) අලුයම ත්‍රී රෝද රථ 09ක් සහ රියදුරන් 09 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. රියදුරන් අවුරුදු 18ත් 22ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ,…

සූකර උණ වාර්තා වීම: ඌරු මස් ප්‍රවාහනයට අනුමැතිය අනිවාර්යයි.

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවරට අප්‍රිකානු සූකර උණ රෝගය වාර්තා වීම හේතුවෙන්, ඌරන් ප්‍රවාහනය සිදුකරන්නේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය කාලයේදී, ගම්පහ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වී තිබුණා. ඒ අනුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා. පරීක්ෂණවලින්…

ඇල්පිටියේ පුන්චි ඡන්දය අදයි..

අද (26) උදෑසන 07ට ආරම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා . මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ලියාපදිංචි වී ඇති අතර, පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙවර තරග කරනු ලබනවා, මෙහිදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 28 දෙනෙක් තෝරා පත් කර ගැනෙනවා. ඒ අනුව මැතිවරණ රාජකාරි…

දඹුල්ල නගරයේ සංචාරක ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

දඹුල්ල නගරයේ සංචාරකයින් ගැවසෙන ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි. පෙරේදා (ඔක්. 23) සිට මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති අතර දඹුල්ල ආශ්‍රිතව ඇති හෝටල්වලට විදේශ ජාතිකයන් හයසියයක් පමණ සංචාරය සඳහා පැමිණ ඇති බව ත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත. විදේශිකයන් සංචාරයේ යෙදෙන…

Emerging Teams Asia Cup: ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි අද (25) පැවති අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…