පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා අතර හමුවක් සිදුවී ඇත. නාමල් රාජපක්ෂ මහතා, ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වී සිටින අතරතුරදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක් ද සිදුකර තිබෙන බව සඳහන් වේ. Views: 150
Category Archives: Uncategorized
කැන්බරා හි පැවති ‘ස්වෛරීභාවය සහ ආරක්ෂක සංසදයේදී’ හිටපු ඕස්ට්රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, බටහිර රටවලට වඩා රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමඟ එක්සත් ජනපද ජනාධිපතිවරයා වඩාත් පෙළගැසී සිටින බවට චෝදනා කර ඇති බව වාර්තා වෙයි. උප ජනාධිපති වැන්ස් වැනි තරුණ නායකයින්ගේ නැගීම ඉස්මතු කරමින් ට්රම්ප්ගේ ‘ඇමරිකාව-පළමුව’ ව්යාපාරය අනාගතයේදී තීව්ර විය හැකි බවට ටර්න්බුල් අනතුරු අඟවා ඇත. ඩොලර්…
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් මහතා රෝහල ගත කර තිබෙන බව විදෙස් මාඨ්ය වාර්තා කර ඇත. පපුවෙ වේදනාවක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බව ප්රකාශ කෙරේ. ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්රතිකාර අංශයට ඇතුළත් කර ඇති බවද සදහන් කර ඇත. ඒ.ආර්.රහ්මාන් මහතා මේ වනවිට වෛද්ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවද…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ අනුව සැකකරු මාර්තු 14 වන ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත. Views: 170
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා යාන වාහන වැටුප් ලබා ගැනීමකින් තොරව තමන්ගේ අත්දැකීම් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්රයට ලබාදීම සඳහා සූදානම් බවත් තමන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ආරාධනාව පිළිගන්නා බවත් පවසා ඇත. එමෙන්ම ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා බවත් තමන්ට පෞද්ගලික ඉලක්ක නොමැති බවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා…
මාර්තු 06 වන ඊයෙ දින Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී ඇත. එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධනය කළ ආකාරය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම පිළිබඳ…
රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන අනිද්දා (01) ආරම්භ කිරීමට නියමිතයි. මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගියදා ස්ථාපිත කරනු ලැබුවා. ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්…
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු පසුගිය 07 වනදා අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම බෙදාදීම් සිදු වුවත් 550,000 ක් නිල ඡන්ද පත්‍රිකා භාරගෙන නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14…
කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාළයේදී මුදල් ඔට්ටු මත ත්‍රී රෝද රථවලින් රේස් පැද්ද පිරිසක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල පොලීසියට ලද තොරතුරක් මත අද (28) අලුයම ත්‍රී රෝද රථ 09ක් සහ රියදුරන් 09 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. රියදුරන් අවුරුදු 18ත් 22ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ,…
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවරට අප්‍රිකානු සූකර උණ රෝගය වාර්තා වීම හේතුවෙන්, ඌරන් ප්‍රවාහනය සිදුකරන්නේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය කාලයේදී, ගම්පහ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වී තිබුණා. ඒ අනුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා. පරීක්ෂණවලින්…











