නාගොඩ රෝහලේදි රැඳවියකුට වෙඩි කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වනවා. ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව පැවසෙනවා. Views: 111
Author Archives: news_sandeep
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. අද (30) පස්වරුවේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම හමුව සිදුව තිබුණා. මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටියා. සමගි ජන බලවේගය නියෝජනය කරමින්…
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා. මියයන විට ඇය 80 වන වියේ පසුවුණා. පසුගිය නොවැම්බර් මස 23 වනදා රෝහල්ගත කළ කලීඩා සියා දෙසැම්බර් මස 11වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇයට සිරෝසිස්, ආතරයිටිස්,…
මෙල්බන් තණ තීරුවට අසාදු ලකුණක් නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන් වනවා. ඒ අනුව අවුරුදු 02ක් තුල…
නලින්ද ඇමතිගෙන් ජනමාධ්‍යයට රතු එළියක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දෙසි කඩකළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්‍රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය…
2026 නව වසර සැමරීම වෙනුවෙන් හෙට (31) දින ගාලු මුවදොර ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන වෙත විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා. මේ හේතුවෙන් සිදුවිය හැකි රථවාහන තදබදය පාලනය කිරීමට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් නිලධාරීන් 1,200 ක් යොදවා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලීසිය…
පෙම්වතාට එන්න කියා තරුණියක් ගිංඔයට පැනලා වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 17ක් වූ පෝරුතොට ප්‍රදේශයේ පදිංචි තරුණියක්. ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර පෙම්වතාට එම ස්ථානයට පැමිණීමට දුරකතනයෙන් දැනුම් දී තිබෙනවා. පසුව ඔහු තවත් මිතුරෙකු සමග…
විගණකාධිපති පත්කරනවා කියන්නේ පැයක වැඩක් – මෛත්‍රී තමා ජනධිපති ධූරය දැරූ සමයේද තමා විසින් විගණකාධිපතිවරයෙක් පත් කළ බවත්, ඒ සඳහා උපරිම ගත වූයේ පැයක කාලයක් පමණක් බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මාස ගණනාවක් පුරාවට විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා. “මමත් විගණකාධිපතිලා පත් කරලා තියෙනවා….
අයවැය ගැන කොළඹ නගරාධිපතිනියගෙන් සටහනක් කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සිය මුහුණුපොතේ සටහනක් පළ කර තිබෙනවා. අයවැය සම්බන්ධයෙන් නොදන්නා හා විනිවිදභාවය පිළිබඳ දැනුවත් කිරිම සිය වඟකිම බවත් අයවැය ඉලක්කම් හරඹයක් නොව එය කාර්‍යසාදන ප්‍රගතිය හා ලබන වසරේ සැළසුම් ඉදිරිපත් කරන ලේඛනයක් බවත් ඇය විසින් සටහන් කර තිබෙනවා….
වායු ගුණාත්මක තත්වය ගැන දැනුම්දීමක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් පෙන්නුම් කර තිබෙන බවත්, සංවේදී පුද්ගලයින් වැඩි අවධානයකින් ක්‍රියාකළ යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ…











