ඉතිහාසගත වුණු සංචාරක පැමිණීම වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) දින අලුත් වී තිබෙනවා. ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟින්. ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බව ශ්‍රී…
Author Archives: news_sandeep
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ප්‍රකාශයට පත් කළ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස ලබා දීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05ක ප්‍රමාණය ලබා දෙන ලෙස බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) උද්ඝෝෂණයක නිරත වුණා. මෙම උද්ඝෝෂණය සඳහා ගුවන් තොටුපොළ ශ්‍රී…
රැඳවුම් නියෝග මත සිටින අයෙක්ගෙන් ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් පසුගිය 24 වැනි දින අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව තිබෙනවා. සැකකරු රැඳවුම් නියෝග මත රඳවා සිදුකරන ලද විමර්ශනයේදී දැනට විදෙස්…
මාලිමා ආණ්ඩුවේ ඇමතිලා 06 කට අල්ලස් කොමිසමෙන් විමර්ශන වත්මන් රජයේ අමාත්‍යවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව, කැබිනට් අමාත්‍යවරුන් 5 දෙනෙකුට සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන්…
හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ දිවි ගමනට සමුදෙයි හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විය ඇය 91 වන වියේ පසුවුණා. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක…
රන්ජන් ජයලාල්ගේ PSOට ඇප කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීවරයා ඇප මත මුදා හැර තිබෙනවා. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස ඇප මත මුදා හැරුණා. නීතිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. කෙසේවෙතත් රුපියල් ලක්ෂයක ඇපයක් මත අදාළ ආරක්ෂක නිලධාරීවරයා මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින්…
බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 133ක් මතුවෙයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 26 වැනිදා දක්වා කාලය තුළ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ වැටලීම් 72කදී මෙම ජංගම දුරකතන ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. පොලිස්…
ඩග්ලස් දේවානන්දාගෙන් රඳවා ප්‍රශ්න කරයි පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගත් බව පොලීසිය සඳහන් කළා. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ…
‘ඔන්ඩන්සෙට්‍රෝන්’ (Ondansetron) ඇතුළු ඖෂධ 10ක් භාවිතයෙන් ඉවත් කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුර යම්කිසි මහජන කැළඹීමක් ඇතිකිරීමට ගත් උත්සාහයක් බවට පොලිසිය සැකපල කරනවා. අද (27) උදෑසන නවතම නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ මෙම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවයි. ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක්…











