2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත කළ ව්‍යාපෘති හරහා සෘජු විදේශ ආයෝජන ලෙස ඩොලර් මිලියන 827 ක් ලැබී ඇති බව වාර්තා වෙයි. 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 138% ක වැඩිවීමක් මෙහිදී සටහන් වන අතර, කොටස් ප්‍රාග්ධනය, නැවත ආයෝජනය, අන්තර් සමාගම් ණය සහ දිගුකාලීන වාණිජ ණය ලෙස මෙම මුදල් ලැබී…
Author Archives: news_sandeep
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් සිදු කළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් නොවන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කර සඳහන් කර ඇත. අදාළ ඉඩමේ සිටින පුද්ගලයන්ට යෑමට තැනක් සොයාගැනීම තෙක් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඇය අදහස් කළ බවද, වචන භාවිතය පිළිබඳ ප්‍රවේශමක් තිබිය යුතු නමුත් අරමුණේ වෙනසක් නොමැති බවද වාර්තා වෙයි. “අධිකරණ…
මිද්දෙණිය නගර මධ්‍යයේ අද (08) පෙරවරුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවයක් පැවැත්වී ඇත. නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කළ බව සඳහන් කර ඇත. පසුගියදා, අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රදේශයේ ඉඩමක සොයාගෙන ඇති බව වාර්තා වෙයි. Views: 150
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සංස්කෘතියක් බවත්, නාමල් රාජපක්ෂ රටට දැවැන්ත ශක්තියක් බවත් හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසා ඇත. 2029 ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂව තරුණ ජනාධිපතිවරයා ලෙස පත්කිරීම තම අරමුණ බවද, සියලු පාර්ශවයන්ට ඒ සඳහා එක්වන්නැයි ආරාධනා කරන බවද සඳහන් කර ඇත. Views: 176
අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් හිමිකරගෙන ඇත. අවසන් තරගයේදී ඉතාලියේ ජැනික් සිනර් 3ට 1ක් ලෙස පරාජයට පත් කරමින්, ඔහුගේ 6 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය වාර්තා වෙයි. Views: 121
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති බව නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා ඇත. මෙරටට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, එය 2010 සිටම අලුත් වෙමින් පැවති යෝජනාවක් බව සඳහන් කර ඇත. ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ජපානය දිනා ගතහොත් එම යෝජනාව ඉදිරියට ගෙන යා නොහැකි බවද වාර්තා…
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ මෘදුකාංගය නඩත්තුව සඳහා ලබාදුන් කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 156 කින් අඩුකර ගැනීමට හැකි වූ බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. වසර 13ක් තිස්සේ ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ වසරකට රුපියල් මිලියන 184 ක මුදලකට බවත්, එහෙත් විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කරමින් එම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 28 කට ලබාදුන්…
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා පවසා ඇත. ඒ අනුව, මීට පෙර රටවල් 07 ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට තීරණය කර තිබුණු බවත්, එයත් සමඟ රටවල් 47 කට වීසා ගාස්තු අය කිරීමකින් තොරව මෙරටට පැමිණිය හැකි…
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද පෙරවරු 6.05 ට යෙදුණු සුබ මොහොතින් සිදුකර ඇති බව වාර්ථා වේ. ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිතව ඇත. අනතුරුව පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දින ද, අවසන්…
අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තබා ඇති බව වාර්තා වේ. ඒ අනුව, එම තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු අතර, සැප්තැම්බර් 23 වැනිදා දක්වා එම තීන්දුව කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති…











