Author Archives: news_sandeep

විෂය පථ සහ කාර්ය සංශෝධනයට අමාත්‍යාංශ ගැසට් නිවේදනයක් …………………

අමාත්‍යංශ කිහිපයක විෂය පථ, කාර්යයන්, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ඇති අතර, ත්‍රිපෝෂ සංස්ථාව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයට පවරා ඇත. සැලසිනේ මීඩියා සොලියුෂන්ස් ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට පවරා ඇති අතර, ලංකා විදුලිබල…

බිඳවැටුණු රජයේ Online සේවාවන් යළි සම්පූර්ණ ක්‍රියාත්මක වෙයි …………………

Lanka Government Cloud සේවාවේ ඇති වූ තාක්ෂණික ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා ඇති අතර, අක්‍රිය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) සිට සාමාන්‍ය පරිදි භාවිත කළ හැකි බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙම ගැටලුව හේතුවෙන් රාජ්‍ය ආයතන 34 ක සේවාවන් සතියකට අධික කාලයක් බාධා වී ඇත. Views: 149

2025 සෘජු විදේශ ආයෝජන $827 මිලියනයක් වාර්තා වෙයි

2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත කළ ව්‍යාපෘති හරහා සෘජු විදේශ ආයෝජන ලෙස ඩොලර් මිලියන 827 ක් ලැබී ඇති බව වාර්තා වෙයි. 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 138% ක වැඩිවීමක් මෙහිදී සටහන් වන අතර, කොටස් ප්‍රාග්ධනය, නැවත ආයෝජනය, අන්තර් සමාගම් ණය සහ දිගුකාලීන වාණිජ ණය ලෙස මෙම මුදල් ලැබී…

අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන්නැයි ලක්මාලි අදහස් කළා …………………

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් සිදු කළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් නොවන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කර සඳහන් කර ඇත. අදාළ ඉඩමේ සිටින පුද්ගලයන්ට යෑමට තැනක් සොයාගැනීම තෙක් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඇය අදහස් කළ බවද, වචන භාවිතය පිළිබඳ ප්‍රවේශමක් තිබිය යුතු නමුත් අරමුණේ වෙනසක් නොමැති බවද වාර්තා වෙයි. “අධිකරණ…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මිද්දෙණියේ විරෝධතාවයක් …………………

මිද්දෙණිය නගර මධ්‍යයේ අද (08) පෙරවරුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවයක් පැවැත්වී ඇත. නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කළ බව සඳහන් කර ඇත. පසුගියදා, අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රදේශයේ ඉඩමක සොයාගෙන ඇති බව වාර්තා වෙයි. Views: 192

නාමල් රාජපක්ෂට ජනාධිපති අරමුණක් …………………

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සංස්කෘතියක් බවත්, නාමල් රාජපක්ෂ රටට දැවැන්ත ශක්තියක් බවත් හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසා ඇත. 2029 ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂව තරුණ ජනාධිපතිවරයා ලෙස පත්කිරීම තම අරමුණ බවද, සියලු පාර්ශවයන්ට ඒ සඳහා එක්වන්නැයි ආරාධනා කරන බවද සඳහන් කර ඇත. Views: 208

අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය අල්කරාස්ට…………………

අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් හිමිකරගෙන ඇත. අවසන් තරගයේදී ඉතාලියේ ජැනික් සිනර් 3ට 1ක් ලෙස පරාජයට පත් කරමින්, ඔහුගේ 6 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය වාර්තා වෙයි. Views: 154

මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් …………………

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති බව නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා ඇත. මෙරටට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, එය 2010 සිටම අලුත් වෙමින් පැවති යෝජනාවක් බව සඳහන් කර ඇත. ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ජපානය දිනා ගතහොත් එම යෝජනාව ඉදිරියට ගෙන යා නොහැකි බවද වාර්තා…

රියැදුරු බලපත්‍ර මෘදුකාංග නඩත්තු වියදම රුපියල් මිලියන 156කින් අඩු කිරීමට පියවර……..

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ මෘදුකාංගය නඩත්තුව සඳහා ලබාදුන් කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 156 කින් අඩුකර ගැනීමට හැකි වූ බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. වසර 13ක් තිස්සේ ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ වසරකට රුපියල් මිලියන 184 ක මුදලකට බවත්, එහෙත් විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කරමින් එම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 28 කට ලබාදුන්…

තවත් රටවල් 40කට වීසා ගාස්තු නිදහස් කිරීමට රජයෙන් තීරණයක් …………………

මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා පවසා ඇත. ඒ අනුව, මීට පෙර රටවල් 07 ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට තීරණය කර තිබුණු බවත්, එයත් සමඟ රටවල් 47 කට වීසා ගාස්තු අය කිරීමකින් තොරව මෙරටට පැමිණිය හැකි…