Author Archives: news_sandeep

වසර 10 ඇතුළත හෘද රෝගීන්ගේ වැඩිවීමක් ………….……

පසුගිය වසර 10 ඇතුළත හෘද රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ ආහාර රටාවෙහි සිදුවන වෙනස්වීම් ඊට ප්‍රධානතම හේතුව බවයි. Views: 137

තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාරයට ………….……

තුසිත හල්ලොලුව ජුනි 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (02) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවද සඳහන් වේ. ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම…

දරුවන් අතර චිකුන්ගුන්යා සහ ඩෙංගු වැඩිවීමක් ………….……

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඒ අනුව පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇති බවත් මාධ්‍ය වෙත අදහස්…

මුලතිව්හි දැරියන් දෙදෙනෙක් පොකුණක ගිලී මරුට ………….……

මුලතිව් කොට්ටුකිනරු කෝවිලෙහි පිහිටි පොකුණකට බැස ඡායාරූප ගනිමින් සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු එම පොකුණේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ මාමුනෙයි ප්‍රදේශයේ ජීවත් වූ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කර ඇත. දැරියන් දෙදෙනා එම පොකුණට බැස ඡායාරූප ගනිමින් සිටියදී එකවරම ගිලීගොස් ඇති අතර, දෙදෙනාම මුලතිව් රෝහලට…

ට්‍රම්ප්ගේ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට අවසර. ………….……

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමිවී ඇති බව වාර්තා වේ. මෙම බදු ප්‍රතිපත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි. මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී…

ජාතික බදු සතිය අද (02) සිට ආරම්භ වේ. ………….……

ඒ අනුව එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර අද සිට 07 වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කර ඇත. දිස්ත්‍රික්ක වශයෙන් අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත…

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ………….……

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළකොරළය සහ පස්බාගේකෝරළේ සඳහා අදියර 01 යටතේ වන නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අද උදෑසන නිකුත් කරන ලද එම නිවේනදයට අනුව අද පෙරවරු 10:00 හෙට උදෑසන 10 දක්වා පැය 24ක කාලයක් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්…

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ඇතු සියලුම තැපල්කාර්‍යාලවල වැඩ වර්ජනයක් ………….……

අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගම‍යේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා පවසා ඇත.සියලුම තැපැල් කාර්යාලවල සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ආරම්භ කරන බව ජී.ජී.සී. නිරෝෂණ මහතා වැඩිදුරටත් පවසා ඇත. Views: 155

පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක ………….……

යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද (28) සිට 31 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි. විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත සහ යුරෝපා කොමිසමේ උප සභාපති කජා කලාස් මහතා නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය සිකෝර්ස්කි…

හල්ලොලුවගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් 3 අත්අඩංගුවට ………….……

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. මෙම සැකකරුවන් වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද කොළඹ දිසා අපරාධ කොට්ඨාශය සිය…