Author Archives: news_sandeep

සමාජය තුළ ළමුන් අනාරක්ශිත බව අගමැතිනිය පවසයි…………

පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇති අතර තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබියයුතු බව වැඩිදුරටත් පවසා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති බව වාර්තා වේ. මේ අතර මේ වසරේ අප්‍රේල්…

අපේක්ෂකයින්ගේ වියදම් ඉදිරිපත් කිරීමට ඇති කාලය අවසන් ………….……

පළාත් පාලන ආයතන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ඇති කාලය අද (27) මධ්‍යම රාත්‍රීයේ අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත. වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. පළාත් පාලන ආයතන නියෝජිතයින් නම් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ගැසට් ප්‍රකාශන ක්‍රියාවලියට බාධා සිදුව ඇත. බොහෝ දේශපාලන පක්ෂ සහ…

විභාග දෙපාර්තමේන්තුව 2024 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කිරීමේ කාලය දිගු කර ඇත ………….……

අයදුම්පත් කැඳවීම මාර්ගගතව මැයි 28 සිට 30 දක්වා සිදු වන බව නිවේදනය කර ඇත. දැනටමත් අයදුම්කර ඇතිවූ අයදුම්කරුවන්ට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර ඇත. අදාළ නි‍වේදනය පහතින්. Views: 164

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ජුනි 01 සිට ප්‍රතිශෝධනය කිරීමට තීරණය වී ඇත ………….……

විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට මාසිකව රු. 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට රු. 2,500ක් අයකරනු ලැබේ. ගරු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්, පොලිස්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සඳහා පවතින ගාස්තු නොවෙනස්ව පැවතී ඇත. Views: 146

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් 1,009ක් ………….……

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් 1,009ක් වාර්තා වී ඇත. දිල්ලි නුවර රෝගීන් 104ක් සිටිමින්, 99ක් පසුගිය සතියේ වාර්තා වෙයි. කේරළයේ 430ක්, මහාරාෂ්ට්‍රයේ 209ක්, ගුජරාටයේ 83ක්, කර්ණාටකයේ 47ක්, උත්තර් ප්‍රදේශ්හි 15ක්, බටහිර බෙංගාලයේ 12ක් වාර්තා වී ඇත. කොවිඩ් මරණ 4ක් මහාරාෂ්ට්‍රයෙන්, දෙකක් කේරළයෙන්, එක් මරණයක් කර්ණාටකයෙන් වාර්තා වෙයි. Views: 227

අධිවේගි මාර්ග සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම අද ………….……

අධිවේගි මාර්ග සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම අද (21) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි. ඒ අනුව දක්ෂණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවලදී අද සිට කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවද සඳහන් වේ. අන්තර් හුවමාරු 35ක් හා…

නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව වාර්තා වේ. ………….……

නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, මීට පෙර පැවති පනතේ තිබුණු විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර, පෞද්ගලීකරණය කරමින්, ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉන් ඉවත් කර ඇති බව සඳහන් වේ. නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීම සඳහා වූ වගන්ති…

ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් අත්අඩංගුවට ………….……

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගන්නා ලද T-56 ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (20) දහවල් කාලයේදී මෙම සැකකාරින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකාරියන් අවුරුදු 40 හා 68 යන වයස්වල පසුවන බත්තරමුල්ල හා කොළඹ 06 ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

මධ්‍ය කඳුකරයේ ආරක්ෂිත වැට ඉදිකිරීමට කටයුතු ………….……

මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල, අවදානම් සහිත ස්ථානවල මාර්ගය දෙපසටම ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට කටයුතු කරනබව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එවැනි ස්ථාන කිලෝමීටර් 500ක පමණ ප්‍රමාණයක් ඇති බවද එම අධිකාරිය ප්‍රකාශ කර සිටියි. ඉන් කිලෝමීටර් 15ක පමණ ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බවත්, පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ කෙරෙහි මෙහිදී…

පළාත් පාලන ඡන්දයෙදී ජයග්‍රහණය කළ අපේක්ෂකයින්ගෙන් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැත ………….……

මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන ඡන්දයෙදී ජයග්‍රහණය කළ අපේක්ෂකයින්ගෙන් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කර ඇත. සභා කාලය ආරම්භයට පෙර ගැසට් පත් කිරීමක් අවශ්‍ය වන බැවින්, නම් කඩිනම්ව යොමු කරන ලෙස පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සඳහන් කර ඇත. Views: 162