කොත්මලේ, ගැරඬිඇල්ල ප්රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් පුද්ගලයින් 21 ක් මියගොස් ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මියගිය පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක සහන මුදලක් ලබාදීමට උපදෙස් ලබාදී ඇති අතර, ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත. Views: 162
Author Archives: news_sandeep
රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යුද්ධය සම්බන්දව ඍජු සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා කර ඇත. ඔහු සඳහන් කළේ, මෙම සාකච්ඡා කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව පැවැත්විය යුතු බව ප්‍රකාශ කර ඇත. යුක්රේනය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත්, ගැටුමේ මූල හේතු ඉවත් කර දිගුකාලීන සාමයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවත් පුටින් ප්‍රකාශ කර ඇත. Views: 151
තම පුද්ගලික ආරක්ෂක සේවා ව්‍යාපාරයේ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධ නීතිමය ගැටළුවක් නිසා නිකුත් කළ අධිකරණ සිතාසි නොලැබීම හේතුවෙන් වැලිකඩ පොලීසිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (11) දිනයේදී සැමියාගේ මෝටර් රථ අනතුර හේතුවෙන් පොලීසියට පැමිණි අවස්ථාවේදී වරෙන්තු තිබෙන බව පවසා ඇය අත්අඩංගුවට ගෙන ඇත. සේමිණි ඉද්දමල්ගොඩ සඳහන් කළේ, තමන් නඩු සම්බන්ධ සිතාසි නොලැබීමේ…
ඒ අනුව අද පෙරවරු 7.00 ට ආරම්භ වූ ඡන්ද විමසීමේ කටයුතු, පස්වරු 4.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී ක්‍රියාත්මක වූ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට අවසන් විය. Views: 153
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය මාලිගාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී භාවිතා කර ඇත. Views: 148
ඡන්ද දායකයින් විසින් හැකි තාක් කල්වේලා ඇතිව ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි. ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව සාමකාමීව නිවෙස්වලට වී සිටිනා ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සඳහන් වෙයි. Views: 150
පළාත් පාලන ඡන්ද විමසීම අවතක්සේරුවට ලක් නොකරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර ඇත. සුදුසු කණ්ඩායමක් පත් කර ගැනීමට කටයුතු කළහොත්, ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා එම පළාත් පාලන ආයතනවලට සුවිශේෂී බලයක් ද ලැබෙන බැවින්, ප්‍රදේශයේ ජීවන මට්ටම යම් ප්‍රමාණයකට ඔසවා තැබීමට පළාත්…
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුලදී සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ, 59 හැවිරිදි, බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. Views: 156
මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් ඇත. අද (06) දහවල් 12.00ට අවසන් වූ පැය 05 ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර ඇත. අදාළ ප්‍රතිශතයන් පහතින්. * මාතර – 42% * මන්නාරම – 40% * ත්‍රිකුණාමලය – 36% * බදුල්ල – 36% *…
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත. එමෙන්ම එතුමා මිය යන විට ඔහු 69 වියේ පසු වන බවද වාර්තා වේ. ඔහු ජනප්‍රිය බයිලා ගීත රැසක් ගායනා කර ඇති ඔහුගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණනිල්ල දිගේ, වැනි ගීත අතිශය ජනප්‍රියතාවයට පත් වී ඇති බවද සදහන් වේ. Views: 142











