Author Archives: news_sandeep

නිළි සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට………….……

WhatsApp Image 2025 05 11 at 19.13.15 1

තම පුද්ගලික ආරක්ෂක සේවා ව්‍යාපාරයේ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධ නීතිමය ගැටළුවක් නිසා නිකුත් කළ අධිකරණ සිතාසි නොලැබීම හේතුවෙන් වැලිකඩ පොලීසිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (11) දිනයේදී සැමියාගේ මෝටර් රථ අනතුර හේතුවෙන් පොලීසියට පැමිණි අවස්ථාවේදී වරෙන්තු තිබෙන බව පවසා ඇය අත්අඩංගුවට ගෙන ඇත. සේමිණි ඉද්දමල්ගොඩ සඳහන් කළේ, තමන් නඩු සම්බන්ධ සිතාසි නොලැබීමේ…

පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වෙයි………….……

WhatsApp Image 2025 05 06 at 17.16.58 1

ඒ අනුව අද පෙරවරු 7.00 ට ආරම්භ වූ ඡන්ද විමසීමේ කටයුතු, පස්වරු 4.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී ක්‍රියාත්මක වූ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට අවසන් විය. Views: 139

ජනපති අනුර ඡන්දය භාවිතා කරයි………….……

WhatsApp Image 2025 05 06 at 17.16.21

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය මාලිගාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී භාවිතා කර ඇත. Views: 130

ඡන්ද දායකයින් විසින් හැකි තාක් කල්වේලා ඇතිව ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ යුතුයි………….……

WhatsApp Image 2025 05 06 at 17.16.10 1

ඡන්ද දායකයින් විසින් හැකි තාක් කල්වේලා ඇතිව ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි. ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව සාමකාමීව නිවෙස්වලට වී සිටිනා ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සඳහන් වෙයි. Views: 133

ඡන්ද දායකයින් තවමත් ඡන්දය භාවිතා කිරීමට කටයුතු කර නොමැති නම්, කඩිනමින් ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලා සිටියි………….……

WhatsApp Image 2025 05 06 at 14.55.09

පළාත් පාලන ඡන්ද විමසීම අවතක්සේරුවට ලක් නොකරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර ඇත. සුදුසු කණ්ඩායමක් පත් කර ගැනීමට කටයුතු කළහොත්, ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා එම පළාත් පාලන ආයතනවලට සුවිශේෂී බලයක් ද ලැබෙන බැවින්, ප්‍රදේශයේ ජීවන මට්ටම යම් ප්‍රමාණයකට ඔසවා තැබීමට පළාත්…

රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් වෙඩි තබාගෙන සියදිවි නසා ගනියි………………

WhatsApp Image 2025 05 06 at 14.54.44 1

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුලදී සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ, 59 හැවිරිදි, බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. Views: 137

මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය………………

WhatsApp Image 2025 05 06 at 14.54.29

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් ඇත. අද (06) දහවල් 12.00ට අවසන් වූ පැය 05 ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර ඇත. අදාළ ප්‍රතිශතයන් පහතින්. * මාතර – 42% * මන්නාරම – 40% * ත්‍රිකුණාමලය – 36% * බදුල්ල – 36% *…

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි………………

WhatsApp Image 2025 04 27 at 12.49.31

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත. එමෙන්ම එතුමා මිය යන විට ඔහු 69 වියේ පසු වන බවද වාර්තා වේ. ඔහු ජනප්‍රිය බයිලා ගීත රැසක් ගායනා කර ඇති ඔහුගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණනිල්ල දිගේ, වැනි ගීත අතිශය ජනප්‍රියතාවයට පත් වී ඇති බවද සදහන් වේ. Views: 127

CCTV කැමරා මඟින් කොළඹ දී මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්………………

WhatsApp Image 2025 04 22 at 12.55.53

පොලීසිය විසින් ‍කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. අදාළ රියදුරන්ගේ නිවෙස් වෙත එම රථ වාහන වැරදි සම්බන්ධයෙන් දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. පසුගිය වසරේ පෙබරවාරි මස පළමුවන…

පොලීසියට නව නිලධාරීන් 5,000 ක්………….……

WhatsApp Image 2025 04 22 at 12.55.45 1

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින්, ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000 ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000 ක් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000 ක ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමටත් සැලසුම් කර ඇති බව පොලීසියේ ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන් සමඟ මාර්ගගතව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ…