අප්‍රේල් 17 වන අද දින සිට සිරි දළදා වන්දනාව නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. ඒ අනුව, අද සිට සැදැහැවතුන් පැමිණෙන රථවාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා, රථවාහන මහනුවර නගරයට ඇතුළුවීම සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කර ඇත. ඒ අතර,…
Author Archives: news_sandeep
තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම කටයුතු ලබන 29 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත බවද දන්වා ඇත. ඒ අතර මේ මස 20 වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙන බව සඳහන්…
පානදුර වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව පානදුර දකුණ පොලීසිය ප්‍රකාශ කර ඇත. අප්‍රේල් 16 වන ඊයේ දින සවස 5.30ට පමණ බණ්ඩාරගම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් විනෝදය සඳහා පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී පස් දෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් තිබෙන…
මාලදිවයිනට ඊශ්‍රායල ජාතිකයින් ඇතුළුවීම තහනම් කිරීමට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා තීරණය කර තිබෙන බව ප්‍රකාශ කර ඇත. එම තීරණ ගාසා තීරයේ සිදුකරන කුරිරු මිලිටරි ක්‍රියා හේතුවෙන් ගත් බව ඔහු නිවේදනය කර ඇත. එමෙන්ම, තම රට ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන වගවීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බව දන්වා ඇත. මාලදිවයින් ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ක්‍රියාවන් දැඩි…
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඔලන්ටා හුමාලා මහතා සහ ඔහුගේ බිරිඳ මුදල් විශූද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් ලෙස සලකා, ඔවුන්ට එරට අධිකරණය විසින් වසර 15 ක සිර දඬුවම් නියම කර ඇත. 2006 සහ 2011 වසරවල පැවති ජනාධිපතිවරණ සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් සහ වෙනිසියුලානු රජයෙන් නීතිවිරෝධී ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට මෙලෙස සිරදඬුවම් නියම කර…
ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය 2025 ජනවාරි 1 සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 85,000කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එය රටවල් දෙකෙහි ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කිරීමක් බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත. 2025 අප්‍රේල් 9 වන විට, ඉන්දියාවේ චීන තානාපති…
අප්‍රේල් 16 වන අද දින රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බව සදහන් කර ඇත. එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන…
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් ඇති වී ඇත. එම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම භූමිකම්පාව ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ ඇති වූ බව වාර්තා වේ. එමෙන්ම මෙම භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බවද සඳහන් කර ඇත. Views: 151
රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු 49 හා 39 වයස් වල පසුවන පුද්ගලයින් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඔවුන් සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි…
ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී වෙඩි තැබීමක් සිදු වී ඇත. වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇත. එමෙන්ම වෙඩි තැබීමෙන් ඔවුන්ට තුවාල සිදු වී නොමැති බව පොලීසිය සඳහන් කර ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට…











